පසුගිය ආණ්ඩුව ‘මත්තලට කළා වාගේ අපරාධයක්’ අපි පලාලිවලට කරන්නේ නෑ – අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග

පසුගිය ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කළාක් මෙන් පලාලි ගුවන් තොටුපළේ මිරිස් ගබඩා කිරීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැතැයි කාර්මික අපනයන ආයොජන ප‍්‍රවර්ධන සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

රාජ්‍ය ආයතන ¥ර්මුඛ කර විකුණා දැමීම පසුගිය රජයේ ප‍්‍රතිපත්තිය වුවද වත්මන් රජය යටතේ එය සම්පූර්ණයෙන්ම අහෝසි වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ප‍්‍රගතිශීලි සේවක සංගමයේ නියෝජිතයින් සමග අද :28ෆ අමාත්‍යංශයේ පැවති සාකච්ඡුාවකදි රණතුංග මහතා මේ බව සදහන් කළේය.

පසුගිය පාලන කාලයේදි කටුනායක ගුවන්තොටුපල පරිපාලනය අත්තනෝමතිකව ලෙස කටයුතු කළ බවත් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම සේවක අයිතීන් පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදි පෙන්වා දුන්හ.

සාකච්චාවේදි අහදස් දැක්වූ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘පසුගිය ආණ්ඩුවට තිබුනේ රාජපක්‍ෂ භීතිකාවක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නම් කර තිබීම නිසා ඉන් උරණ වූ එක්සත් ජාතික පක්‍ෂයට එය විනාශ කිරීමට ඔනෑ වුණා. ඒ නිසා තමයි මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කළේ කඩමුඩියේ පහුගිය ආණ්ඩුව හදපු පලාලි ගුවන්තොටුපළේ හරි හමන් ශක්‍යතා අධ්‍යනයක්වත් සිදුවී නැහැග එහෙත් පලාලි ගුවන්තොටුපළේ මිරිස් ගබඩා කරන්න අපි ලැස්ති නැහැ.

වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව තමයි මුඩුබිමක්ව තිබූ මේ රට වැඩ බිමක් කිරීම ඒ සදහා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරලා සංචාරකයින් මෙරටට ගෙන්වීමේ විශේෂ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා.

ආයෝජකයින් මේ රට දාලා ගියා අපි නැවතත් ආයෝජකයින්ට සුරක්ෂිත පරිසරයක් රට තුළ නිර්මාණය කරලා රටේ කර්මාන්ත ක්ෂේත‍්‍රය දියුණු කරන්න බලාපෝරොත්තු වෙනවා. එකෙදි ගුවන්තොටුපොළ සංවර්ධනයට අපි වැඩි අවධානයක් යොමු කරනවා කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය වගේම මත්තල, යාපනය සහ මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනයට නව රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඉදිරි සතිය තුල අපි මේ පිළිබදව මූලික සාකච්ඡුා ආරම්භ කරනවා.

මසකට වරක් වෘත්තීය සමිති සමග සාකච්ඡ කොට ගුවන්තොටුපොළ සංවර්ධනය සදහා ඔවුන්ගේ අදහස් හා යෝජනාද ලබා ගැනීමට අපේක්ෂා කරන බව රණතුංග මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය’

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ ප‍්‍රගතිශිලි සේවක සංගමයේ සභාපති ප‍්‍රසාද් විජේරත්නසේකර මහතාද මෙහිදි අදහස් පළ කළේය.

Recommended For You

About the Author: Editor

1 Comment

  1. Palali airport is a military airport in the North .It shouldn’t be used as a passenger airport .Its a threat to the national security. Currently there is no control over the passengers who are arriving and leaving the country.The government must consider the immigration and customs controls thoroughly. There is no limit or records of how many passengers arriving here from India (Tamil Nadu) and leaving the country etc. The airport should be acquired by the government or should be controlled by the security forces , before it’s too late.

Comments are closed.