‘බෞද්ධ බුරුමයට’ එරෙහිව ‘ඉස්ලාම් ලෝකය අවි අමෝරයි: බුරුම නායිකාව අද ජාත්‍යන්තර අපරාධ අධිකරණයට

බුරුමයේ වත්මන් ජනගහනය මිලියන 53.58ක් පමණ වෙනවා. මෙම ජනගහනයෙන් සියයට 87.9ක් ‘ථේරවාදී බෞද්ධයින්’

එම නඩුකරයේ දී ගැම්බියාවට සාමාජික රටවල් 57කින් සැදුම්ලත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ OIC සහයෝගය ලැබෙන අතර ඒ සමඟ ජාත්‍යන්තර නීතිවේදීන් කණ්ඩායමක් ද ගැම්බියාව වෙනුවෙන් පෙනී සිටින බව වාර්තා වෙනවා.

‘ජාත්‍යන්තර අපරාධ අධිකරණය’ (ICJ) ගැන ලංකාවෙත් පසුගිය කාලයේ බොහෝ දෙනෙක් කතා කළා. ඒත් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් එහි පෙනී සිිටින ලෙස ලංකාවේ දේශපාලන පාලකයින්ට හෝ හමුදා පාලකයින්ට දැනුම්දීමක් සිදු වුණේ නැහැ. ඒ නිසා මැතිවරණවලදී පමණක් එළියට එන ‘විදුලි පුටුව’ ‘යුධ අධිකරණය’ හුදු දේශපාලන ව්‍යාජයන් ’ බවට පත් වුණා. ඒත් එහි මිල තවමත් ලංකාවේ ඉහළ නිසා ‘විදුලි පුටුව’ තවත් කාලයකට, විශේෂයෙන් ජිනීවා මානව හිමිකම් සමුුළුව පැවැත් වෙන සමය දක්වා හෝ රැක ගෙන සිටිනු ඇතැයි විශ්වාස කළ හැකියි.

ලංකාවටත් වඩා බෞද්ධ, ථේරවාදී බෞද්ධ රාජ්‍යයේ, එනම් ‘මියන්මාරයේ, නැතහොත් බුරුමයේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්.

ඒත් අපි වැඩි අවධානයක් යොමු නොකළත්, ඇත්තටම කිසිදු දෙයක් දැන නොසිටියත්, ලංකාවටත් වඩා බෞද්ධ, ථේරවාදී බෞද්ධ රාජ්‍යයේ, එනම් ‘මියන්මාරයේ, නැතහොත් බුරුමයේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්.

බුරුමයේ බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ ජීවත් වන ‘රෙග්නියා’ මුස්ලිම්වරුන්ට එරෙහිව දශක කිහිපයක් තිස්සේ පවතින ‘මර්ධනය’ යළි ජාත්‍යන්තර කරළියට ගෙන එමින් බුරුමයේ සැබෑ පාලිකාව (නිල පාලිකාව නොවේ) වන නොබෙල් සාම ත්‍යාගලාභිනී ‘අවුන් සාන් සුකි’ Aung San Suu Kyiඅද (11) ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

බුරුමයේ අර්බුදය කුමක්ද ?

වර්ග කිලෝමීටර් 676,578ක් විශාල බුරුමයේ වත්මන් ජනගහනය මිලියන 53.58ක් පමණ වෙනවා. මෙම ජනගහනයෙන් සියයට 87.9ක් ‘ථේරවාදී බෞද්ධයින්’ වන අතර ක‍්‍රිස්තියානීන් සියයට 6.2ක් ඉස්ලාම් ආගමිකයින් සියයට 4.3ක් සහ අනෙකුත් ආගම් අදහන පිරිස සියයට 1.6ක් වශයෙන් වෙනවා. අද ජාත්‍යන්තර අවධානය දිනාගත් තවත් ‘සුළු ජන වාර්ගික අර්බුදයක්’ බවට පත්ව තිබෙන’ රෙන්ගියා’ (බංග්ලාදේශයෙන් සංක‍්‍රමණය වූ ඉස්ලාම් ආගමිකයින්) අර්බුදයට මග පාදා තිබෙන්නේ සියයට 90ක් පමණ බෞද්ධයින් සිටින මේ බෞද්ධ රාජ්‍යයේ සියයට 4කට ආසන්න ඉස්ලාම් භක්තිකයින් විසින් ඇති කළ ‘අයිතිවාසිකම්’ අරගලයයි.

1947 දී මහා බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබූ කාලයේ සිටම අඛණ්ඩව හමුදා ජුන්ටාවක පාලනයට නතුව සිටින බුරුමයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් ලැබී තවමත් ගතවී ඇත්තේ වසර කිහිපයක් පමණයි. ඒ නිසා දීර්ඝ කාලීන මිලිටරි පාලනයේ සක‍්‍රීය ‘අවතාර’ තවමත් බුරුම පාලනය හා සමාජය තුළ හොල්මන් කරමින් සිටින අතර හමුදා පාලනයට එරෙහිව දීර්ඝ කාලීන අරගලයක් කළ නොබෙල් සාම ත්‍යාගලාභිනියට (ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි වුණේ ද බුරුමයේ හමුදා පාලනයට එරෙහිව සිදු කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය නිසයි) අද ඒ සදහා වන්දි ගෙවීමට සිදුව තිබෙනවා.

රෙන්ගියා අර්බුදය

පළා යන රෙන්ගියා සරණාගතයින්

2017 වසර ආරම්භ වෙන විට කලින් බුරුමය ලෙස හැඳින්වුන වත්මන් මියන්මාරයේ දශ ලක්ෂයක් පමණ රෝහින්ග්‍යා ජනතාව වාසය කළ අතර ඔවුන්ගෙන් වැඩිදෙනාගේ වාසභූමිය වුණේ බංග්ලාදේශයට මායිව පිහිටි ‘රකයින්’ ප්‍රාන්තයයි. ප‍්‍රශ්නය නැතහොත් අර්බුදය ඇති වුණේ මේ නිසයි.

රයිකන් ප‍්‍රාන්තයේ ජීවත් වන බහුතර ජනවර්ගය වන ඉස්ලාම්භක්තික ‘රෙන්ගියාවරුන්’ අනවසර සංක්‍රමිකයන් ගණයට ඇතුළත් කරන මියන්මාරය එම ජනයාට පුරවැසිභාවය පිරිනැමීම ප්‍රතික්ෂේප කරනවා.

එම ගැටුම ක‍්‍රමයෙන් මෝරා ආ අතර අවසානයේ රෙන්ගියාවරුන් ද සන්නද්ධ අරගලයකට යොමු වුණා. බුරුම පාලනය එය සැලකුවේ ‘බෙදුම්වාදයක්’ නැතහොත් ත‍්‍රස්තවාදයක් ලෙසයි. එවකට පැවැති ජාත්‍යන්තරයෙන් ‘කොන්කර සිටි’ මිලිටරි පාලනයට පහසුවෙන් රෙන්ගියා අර්බුදය යටපත් කිරීමට / මර්ධනය කිරීමට හැකි වුණත් එය අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

තමන්ට එරෙහිව සිදු කෙරෙන වධ හිංසාවන් සම්බන්ධයෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් දීර්ඝ කාලයක සිට පැමිණිලි කරන අතරවාරයේ 2017 වසරේදී ‘රකයින්’ Rakhine පළාතට දැවැන්ත යුද හමුදා ප්‍රහාරයක් එල්ල වුණා. එම ප‍්‍රහාරයේදී රජයේ හමුදා විසින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දහස් ගණනක් මරා දමන ලද අතරල ඔවුන්ගෙන් තවත් හත් ලක්ෂයකට අධික ජනකායක් අසල්වැසි බංග්ලාදේශයට පළා ගියා. අර්බුදය ‘ජාත්‍යන්තරකරණය’ වුණේ ඊට පසුවයි.

ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනයට පිළිතුරු දෙමින් මියන්මාර් පාලනය නිරන්තරයෙන් අවධාරණයෙන් කියා සිටියේ තමන් අන්තවාදී තර්ජනයක් පාලනය කරමින් සිටින බවයි.

පැමිණිලි කළේ කවුරුන් විසින් ද ?

එම නඩුකරයේ දී ගැම්බියාවට සාමාජික රටවල් 57කින් සැදුම්ලත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ OIC සහයෝගය ලැබෙන අතර ඒ සමඟ ජාත්‍යන්තර නීතිවේදීන් කණ්ඩායමක් ද ගැම්බියාව වෙනුවෙන් පෙනී සිටින බව වාර්තා වෙනවා.

මියන්මාරයේ වාර්ගික අර්බුදය මගින් සිදුවුණ බව කියන ‘යුධ අපරාධ’ පිළිබදව ‘හේග්’ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කර තිබෙන්නේ කුඩා අප්‍රිකානු රටක් වන ‘ගැම්බියාවයි. ගැම්බියාව බටහිර අප්‍රිකානු කලාපයේ පිහිටි මුස්ලිම් සමාජ බහුතරයක් සහිත කුඩා රාජ්‍යයක්.

එම නඩුකරයේ දී ගැම්බියාවට සාමාජික රටවල් 57කින් සැදුම්ලත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ OIC සහයෝගය ලැබෙන අතර ඒ සමඟ ජාත්‍යන්තර නීතිවේදීන් කණ්ඩායමක් ද ගැම්බියාව වෙනුවෙන් පෙනී සිටින බව වාර්තා වෙනවා.

ගැම්බියා නීතිපති සහ අධිකරණ ඇමතිවරයා වන අබුබකර් එම්ගතම්බාඩු Abubacarr M Tambadou ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ
‘‘ මම බංග්ලාදේශයේ පිහිටි රෝහින්ග්‍යා අනාථ කඳවුරුවල පසුගිය ඔක්තෝබර් මාසයේ සංචාරයක නිරත වුණා. මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ සහ වධහිංසා පිළිබඳව එම ජනයාගෙන් මට අසන්නට ලැබුණා. ඉන් අනතුරුවයි මම කළ හැකි හොදම හා නිවැරදි දේ ලෙස මෙම අපරාධ පිළිබදව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කිරීමට පියවර ගත්තේ’

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කළ හැක්කේ කෙසේද ?

ජාත්‍යන්තර අපරාධ අධිකරණය ICJ එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයයි. එම අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි වන්නේ කිසියම් රටකට පමණයි. ඒ අනුව ගැම්බියාව විසින් පැමිණිලි කරනු ලැබ තිබෙන්නේ අවුං සාන් සුචීට එරෙහිව නොව මියන්මාර් රාජ්‍යයට එරෙහිවයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මෙවැනි නඩුවක දී පුද්ගලයන්ට දඬුවම් කළ නොහැකි අතර එම අධිකරණය රෝහින්ග්‍යා ප්‍රශ්නය පිළිබඳව විභාග කරයි.

‘හේග්’ චෝදනා මෙන්න

ගිනිබත් කෙරුණ රෝහින්ග්‍යා ගම්මානයක්

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ලියකියවිලි වලට අනුවල රෝහින්ග්‍යා ජනයාට එරෙහිව ‘සිතාමතා සැලැසුම් කරන ලද මහා පරිමාණයේ වාර්ගික ශුද්ධයක් අරමුණු කරගත් යුද මෙහෙයුමක්’ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කොට, 2017 අගෝස්තු මාසයේ එය එහි උච්ඡ තත්වයට ගෙන ආ බවට මියන්මාර් යුද හමුදාවට චෝදනා එල්ල වී තිබෙනවා.

එම වාර්ගික ශුද්ධය ‘ජනඝාතන, කාන්තාවන් දූෂණය කරනු ලැබීම සහ පදිංචි කරුවන් ගෙවල් තුළ සිරවී සිටියදී ඒවා ගිනිබත් කරනු ලැබීම වැනි අපරාධ මගින් රෝහින්ග්‍යා ප්‍රජාව ජන කොටසක් හැටියට සමස්ත වශයෙන් හෝ ඔවුන්ගෙන් කොටසක් විනාශ කර දැමීම අරමුණු කර ගත්’’ ප්‍රහාරයක් ලෙස ගැම්බියාව විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කරන තිබෙනවා.

ගැම්බියාවේ චෝදනා සම්බන්ධයෙන් ගවේෂණය කිරීමෙහි නිරත වූ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල මගින් එකී චෝදනාවලින් වැඩිහරියක් තහවුරු කරනු ලැබ ඇති ආකාරයක් දක්නට ලැබෙන බවයි ‘හේග්’ ආරංචි මාර්ග කියන්නේ.

‘පුරුද්දක් ලෙස සිතාමතා සැලැසුම් කරමින් කාන්තාවන් දූෂණය කිරීම, සමූහ දූෂණය සහ කාන්තාවන්, පිරිමි ළමුන්, පුරුෂයන් සහ ලිංගික සංක්‍රාන්ති ජනයාට එරෙහිව වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම, සම්බන්ධයෙන් අගෝස්තු මාසයේ නිකුත් කරන ලද වාර්තාවක් මගින් මියන්මාර් සොල්දාදුවන්ට චෝදනා කොට තිබෙනවා.

රෝහින්ග්‍යා පුරුෂයන් සහ පිරිමි ළමුන් ඇතුළත් දහ දෙනෙකු ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේ මියන්මාර් හමුදා භටයන් හත් දෙනෙක් සිරගත කරන ලද නමුත් ඔවුන් කල් තබාම මුදා හරිනු ලැබ තිබෙනවා’ යැයි හේග් චෝදනාවල සදහන්.

පළා යන රෙන්ගියා සරණාගතයින්

මියන්මාරය කියන්නේ කුමක්ද ?

සිය හමුදා ප්‍රහාර රෝහින්ග්‍යා සන්නද්ධ කොටස් ඉලක්ක කර ගත් මෙහෙයුමක් යයි මියන්මාරය පවසනවා. වැරදි ක්‍රියා සිදු කළ බවට එල්ල වෙන චෝදනා මියන්මාර් යුද හමුදාව විසින්ම කලින් බැහැර කරනු ලැබ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ.

සුකීගේ භූමිකාව කුමක්ද ?

මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒමේ අරගලය වෙනුවෙන් 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණ අවුං සාන් සුචී මෙහිදී මැදිහත් වපසරියක් වෙයි. ඒ ජන සංහාර පිළිබඳව චෝදනා එල්ල වීමට පෙර ඇය 2016 පටන් මියන්මාරයේ සැබෑ නායිකාව de facto leader ලෙස ක‍්‍රියා කළාය.

යුද හමුදාව ඇයගේ පාලනය යටතේ නොවුනත්, හමුදා ප්‍රහාරවලට දායක වීම complicity සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයකු විසින් ඇයට චෝදනා කරනු ලැබ තිබෙනවා.

‘ඔබේ ඇස් අරින්න කියල මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. බොහෝ ප්‍රමාදවීමට පෙර ඔබේ සදාචාරමය බල අධිකාරිය කරුණාකර පාවිච්චි කරන්න’ එක්සත් ජාතීන්ගේ නියෝජිත යැන්ගී ලී Yanghee Lee පසුගිය සැප්තැම්බර් මාසයේදී බුරුම ‘සැබෑ’ පාලිකාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයක් කළ අවුං සාන් සුචී හේග් අධිකරණයේ දී තමා පෞද්ගලිකවම තම රට වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළා.

මුල්පෙළේ ජාත්‍යන්තර නීතිවේදීන් කණ්ඩායමක් ද සමඟ මියන්මාරයේ විදේශ ඇමතිවරිය හැටියට අද (11) ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීම ඇයගේ භූමිකාවයි.

තීන්දුව කුමක් විය හැකිද ?

සුකී ඇතුළු බුරුම නියෝජිතයින් ‘හේග්’ හි පෙනී සිටින අයුරු

ගැම්බියාව ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මියන්මාරයේ සහ වෙනත් ස්ථානයන්හි වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවගේ රැකවරණය සහ ඔවුන් තවදුරටත් හිංසාවන්ට ගොදුරු කර ගැනීම වැලැක්වීම සඳහා තාවකාලික ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. එය නෛතික වශයෙන් බැඳීමක් සහිත ක්‍රියාවලියක් වනු ඇති බවයි ඔවුන් කියන්නේ.

මියන්මාරය ජන සංහාරයක් සිදුකර ඇතැයි තීන්දු කරනු ලැබීමට නම් රෙන්ගියා සුළුතර ප්‍රජාව කොටසක් හෝ සමස්තයක් වශයෙන් සිතාමතා විනාශ කිරීමේ අදහසින් මියන්මාරය කටයුතු කර ඇතැයි තීන්දු කිරීමට අධිකරණයට සිදු වෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එහි තීන්දුව බලාත්මක කිරීමට ක්‍රමයක් නැතත්, එම තීන්දුව මගින් වැරදිකරු යයි ප්‍රකාශ කෙරුනොත් මියන්මාරයට ආර්ථික හානියකට මෙන්ම විශාල අපකීර්තියකට මුහුණ දීමට සිදුවනු ඇති බව නම් සහතිකයි.

පසු සටහන

මේ පසුගිය කාලය පුරා ‘වාර්ගික සුළුතරන්ට’ එරෙහිව ‘මහ ජාතිය’ ක‍්‍රියාත්මක වන ආකාරයට සම්බන්ධයෙන් ‘ජාත්‍යන්තරව’ විශාල උනන්දුවක් තිබෙනවා. ඒත් ප‍්‍රශ්නය වන්නේ එහි ‘අවංකභාවය’ කොතරම් ද ? යන්නයි.

විශේෂයෙන් ඉස්ලාම් කලාපීය රාජ්‍යවල අඛණ්ඩව සිදුවන සුළු ආගමික හා වාර්ගික සංහාර ගැන වචනයක් කතා නොකරන ඉස්ලාම් රාජ්‍ය ඉස්ලාම් වාර්ගිකයින් ගැන ‘හෙළන කිඹුල් කදළු’ ගැන මේ වන විට ජාත්‍යන්තර ප‍්‍රශ්න කිරීමක් තිබෙනවා. ඔවුන් අවධාරණයෙන් කියන්නේ ‘කරුණාකර සෞදි අරාබිය දෙස බලන්න. ඔබට ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි වනු ඇති බවයි’

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor

1 Comment

  1. ගැමිබියාවේ වහලුන් රෙන්ගියාවො සියල්ලම නොමිලේ ගැම්බියාවට ගෙන්වා ගෙන පදිංචි කරවා නොගන්නේ ඇයි?. ගැම්බියාවේ ඉන්න ජනයා දුප්පත්කම නිසා කෑමට වන අලි
    මරා කන යුගයක , වෙනත් රටක ව්‍යාප්ත වන අන්තවාදීන් ගැන මෙතරම් කලබල වෙන්නෙ ,ජාත්‍යන්තර බලවේග ගැම්බියාව හරහා මියන්මාරයට පාඩම් ඉගැන්වීමට කරන උත්සාහයයි.

Comments are closed.