මහජන බැංකුවේ හෝමාගම නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ හෝමාගම නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

හෝමාගම, කටුවාන පාරේ, අංක 366 දරණ ස්ථානයේ විවෘත කෙරුණු මෙම සේවා මධ්‍යස්ථානය අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රය තුළින් මුදල් ආපසු ගැනීමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විදිය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කි‍්‍රෂානි නාරංගොඩ, අලෙවි ප‍්‍රධානි නාලක විජේවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරිනි (වාණිජ බැංකු කටයුතු) තුෂාරි හේවාවසම්, කොළඹ පිටත ප‍්‍රාදේශිය කළමනාකාර ලාල් පීරිස්, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාරවරියන් වන පි‍්‍රයංකා රත්නසිරි, විනෝදිකා පීරිස්, හෝමාගම ශාඛා කළමනාකාරිනි ඩබ්ලිව්.ජී.පි දමයන්ති, සේවා මධ්‍යස්ථාන කළමනාකාර සී.එල් නවරත්න යන මහත්ම මහත්මීන්, යුද හමුදා හා පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

ඡායා – 1. මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් නව සේවා මධ්‍යස්ථානය විවෘත කරමින්

Recommended For You

About the Author: Editor