ණයවර ලිපි ප්‍රතික්ෂේප කිරීම: මහජන බැංකුවෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

මහජන බැංකුව සිය ජාත්‍යන්තර වෙළඳාමට අදාළ බැංකු කටයුතු සිදුකිරීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවට ඇතැමුන් ඇතිකිරීමට දරණ උත්සාහය තරයේම ප‍්‍රතික්ෂේප කරන අතර, රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ව්‍යාපාරික කටයුතු වලට පහසුකම් සැලසීම සඳහා මහජන බැංකුව ශක්තිමත්ව සැදී පැහැදී සිටින බව ගනුදෙනුකරුවන්ට, ව්‍යවසායකයින්ට හා අනෙකුත් සියලූම පාර්ශව කරුවන්ට අවධාරණය කරයි.

ජාත්‍යන්තර වෙළදසේවා සම්බන්ධ බැංකු කටයුතු සිදුකිරීමේදි රාජ්‍ය බැංකු දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවට මතයක් සමාජගත කිරීමට දරන උත්සහයන් හුදු දේශපාලන අරමුණු මුල් කරගෙන යන මතයක් විනා මේ දක්වා බැංකුව විසින් නිකුත් කරන ලද එකදු ණයවර ලිපියක්වත් කිසිදු ජාත්‍යන්තර බැංකුවක් ප‍්‍රතික්ෂේප කර නොමැති බව මහජන බැංකුව පවසයි.

මහජන බැංකුව ශාඛා ජාලය (741) සහ ගනුදෙනුකාර සංඛ්‍යාවට (මිලියන 14) අනුව දිවයිනේ විශාලතම බැංකුව වන අතර, එය පුද්ගලික හා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් වලට ණයවර ලිපි හා ඇපකර නිකුත් කරමින් රටේ ආනයන හා අපනයන කටයුතු සදහා විශාල දායකත්වයක් ලබාදෙයි.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් විසින් මෑතකදී රටේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීම නිසා ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා පහසුකම් සැලසීමට රාජ්‍ය බැංකුවට ඇති හැකියාව අඩාල වී ඇති බව පවසමින් ඇතැම් පාර්ශවයන් රාජ්‍ය බැංකුවල කාර්යභාරය අඩපණ කිරීමට උත්සාහ කරන අතර, සත්‍ය තත්වය නම් මහජන බැංකුව විසින් නිකුත් කරන ලද එක් ණයවර ලිපියක්වත් හෝ ඇපකරයක් කිසිදු ජාත්‍යන්තර පාර්ශවයක් මගින් මේ දක්වා ප‍්‍රතික්ෂේප කර නොමැති වීමයි.

මහජන බැංකුවට ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර වෙළද හා විදේශ මුදල් අරමුදල් සදහා ඉහළ පිළිගැනීමක් ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ඇති අතර, පසුගියදා ආසියානු සංවර්ධන බැංකුව ADB විසින් සංවිධානය කරන Trade Finance Program Awards 2020 (TFP Awards 2020) සම්මාන උළෙලේ දී මහජන බැංකුවට Standard Chartered බැංකුවත් සමඟ ගෞරවනීය “Trade Deal of the Yearසම්මානය හිමිවීමෙන් එය වඩාත් තහවුරු විණි.

එමෙන්ම විදේශ බැංකු මගින් මුල්‍ය පහසුකම් ලබාගැනීමේදි එම ආයතනවල මෙරට පි‍්‍රයතම බැංකු සහකරු ලෙසද මහජන බැංකුව අන්තර්ජාතික විශ්වාසය දිනා ඇත. 2021 වසරේ සිය 60 වැනි සංවත්සරය සමරන මහජන බැංකුව සෑමවිටදීම රට මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණු පෑ සෑම අවස්ථාවක දීම පෙරට පැමිණි ආයතනයකි.

විශේෂයෙන් කොවිඞ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසර මුල සංචරණ සීමා පැනවූ සමයේ ගනුදෙනුකාර සේවාවන් පහසු කිරීම වෙනුවෙන්ම වෙන්කළ කාර්යය මණ්ඩලයක් සමග 70%ක් පමණ ශාඛා සහ සියලූ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන විවෘතව තැබීමට කටයුතු කරන ලදි. එමෙන්ම ඉන් පීඩාවට පත් පුද්ගලයින්ට හා ව්‍යාපාර යලි ගොඩනැගිමට රුපියල් බිලියන 300 කට අධික මූල්‍ය සහන ලබාදෙන ලදි.

මහජන බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට හොදම සාධකයක් වනුයේ ලොව ඉහළ පිළිගැනිමක් ඇති බෑන්කර් සගරාව නොකඩවා 2018,2019 හා 2020 වසර වලදි ලොව හො`දම බැංකු 1000 අතරට මහජන බැංකුව ශ්‍රේණිගත කිරීමයි.

දැනට රුපියල් ටි‍්‍රලියන 2.3 ක වත්කම් පදනමක් මහජන බැංකුව සතු අතර එය සතු රුපියල් ටි‍්‍රලියන 1.8 කට අධික ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ප‍්‍රමාණයක් ද ඇත. ඒ තුළින් මහජන බැංකුව කෙරෙහි රට තුළ ඇති විශ්වාසය මනාව පිළිඹිබු කරයි. මහජන බැංකුව ජාත්‍යන්තරව පිළිගත් බාසල් 111 ප‍්‍රමිතින්ට හා රටේ පවතින සියලූ බැංකුකරණ ප‍්‍රමිතීන්ට අනුකුලව කි‍්‍රයාත්මක වන අතර, බැංකුවේ අක‍්‍රමික ණය (NPL) ප‍්‍රමානය ක්ෂේත‍්‍රය තුළ අවම අගයක් ගැනීම තුළින්ද ගම්‍ය වනුයේ බැංකුව කළමනාකරණය කරන මනා විචක්ෂණශිලි ස්වරූපයයි.

සිය ශක්තිමත් මූල්‍ය ශක්තිය සනාථ කරමින් බැංකුව මේ වසරේදී පමණක් රුපියල් බිලියන 400 කට වැඩි ණය ප‍්‍රමාණයක් ලබා දී ඇති අතර, බදු සහ ලාභාංශ වශයෙන් රුපියල් බිලියන 11.3 කට අධික මුදලක් ගෙවා ඇත. තවද, 2020 දී මහජන බැංකුව රුපියල් බිලියන 20 ක ණයකර නිකුතුවක් ද සිදුකළේය. එය ශී‍්‍ර ලංකා බැංකු කර්මාන්තයේ මෙතෙක් පැවති බාසල් 111 ප‍්‍රමිතියට අනුකුලව සිදුකරන ලද විශාලතම ණයකර නිකුතුව වන අතර, එය මුල් දිනයේදීම ආයෝජකයින් විසින් සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා ලදි.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් බැංකුව සිය ජාත්‍යන්තර වෙළඳාමට අදාළ බැංකු කටයුතු සිදුකිරීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවට ඇතැමුන් ඇතිකිරීමට දරණ උත්සාහය තරයේම ප‍්‍රතික්ෂේප කරන අතර, රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ව්‍යාපාරික කටයුතු වලට පහසුකම් සැලසීම සඳහා මහජන බැංකුව ශක්තිමත්ව සැදී පැහැදී සිටින බව ගනුදෙනුකරුවන්ට, ව්‍යවසායකයින්ට හා අනෙකුත් සියලූම පාර්ශව කරුවන්ට අවධාරණය කරයි.

ඡායාරූපය – මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *