මහජන බැංකුවේ සීදුව ශාඛාව නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ සීදුව ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සීදුව, කොළඹ පාරේ, අංක 425 දරණ ස්ථානයේ විවෘත කෙරුණු මෙම සේවා මධ්‍යස්ථානය අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය Self Banking Unit තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ හා බිල්පත් ගෙවීමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විදිය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, කි‍්‍රයාවලි කළමනාකරණ සහ තත්ව ආරක්ෂණ) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, අලෙවි ප‍්‍රධානි නාලක විජේවර්ධන, ගම්පහ ප‍්‍රාදේශිය කළමනාකාර නලින් පතිරගේ, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර ආර්. ඥානතිලක, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාරිනි සුභාෂිණි ආටිගල, සීදුව ශාඛා කළමනාකාරිනි ඒ. තුෂාරා නිශාන්ති යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ මහතා 5 ශිෂ්‍යත්වය විශිෂ්ට ලෙස සමත් දරුවෙකුට තිළිණයක් පිරිනමන අයුරු

ඡායාරූපය ඉහළ – මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් සහ සීදුව ශාඛා කළමනාකාරිනි ඒ. තුෂාරා නිශාන්ති මහත්මිය නව ශාඛාව විවෘත කරමින්

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *