ලෝකය පුරා විවිධ ආගමිකයින් ‘මියගිය අයගේ අවසන් කටයුතු’ සිදු කරන අයුරු

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් බරපතළ සංවාදයක් ලංකාවේ සිදුවේ. එහිදී වෛද්‍ය විද්‍යාත්මක පදනම පිහිටා ඉදිරිපත් කරන මතවාද (මහාචාර්ය මලික් පීරිස් වැනි) මෙන්ම ආගමික හා ජාතිකවාදී මතකයක සිට ඉදිරිපත් කරන මතවාද මෙන්ම කිසිදු ආකාරයක පදනමක් නැති මිත්‍යා මතවාද හා අදහස් ද මේ. මෙම ලිපිය මගින් ලොව පුරා සංස්කෘති රැසක ආගමික චාරිත්‍රගැන පුළුල් විමසීමක් සිදුවේ.

වර්තමානයේ ලෝකය විසින් පුද්ගලයෙකු මරණයට පත් වූ පසු ඔහුගේ අවසන් කටයුතු තම සංස්කෘතියට අනුව උසස් අන්දමින් සිදු කිරිම සුජිවත්ව සිටින අයගේ යුතුකමකි.

ලෝකයේ ඇතැම් ගෝත්‍රයන්, ජාතීන් සහ ජනකොටස්වල ජනතාව අතර තවමත් ඉතා පැරණි සහ අරුම පුදුම අවමංගල්‍යය සිරිත් විරිත් නැතිවා ම නොවේ. එහෙත් ලෝකයේ දැඩි වසංගත යුගවලදි එම චාරිත්‍ර වෙනස් කරගත් ආකාරය ද දැක ගත හැකිය.

ලෝකයේ හට ගන්න ඕනෑම වස්තුවක් උප්පාද, ථිති, බංග ගණයට අයත් වෙයි.  හටගැනීම, කාලයක් පැවැතීම, හා නැති වීම ස්වභාව කරගෙන ඇත.

ලෝකයේ ප්‍රධාන ආගම් අතර ද කොවිඩ් 19 මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කළයුතු ආකාරය සම්බන්ධව අවසන තීරණයක් නැත. මේ සම්බන්ධයෙන් ප්‍රධානම ගැටළුව වී ඇත්තේ දේවවාදි ආගම්වලට හා ගෝත්‍රික ආගම්වලය. ථේරවාදි  බෞද්ධාගම පිළිගන්නා රටවල හා චිනය ඉන්දියාව (ඇතැම් ප්‍රදේශ) රුසියාව ජපානය වැනි රටවල මෙය ගැටළුවක් නොකර ගෙන අදාහනය කරයි.

ලංකාවේ බෞද්ධාගමික චාරිත්‍රවලින් අනුව ආදානය හා භුමිදානය ගැටළුවක් කරගෙන නැත. එහෙත් දෙමාපියන් හා වැඩිහිටි සහෝදරයන් සිටින විට බාල සහෝදරයෙක් මිය ගිය විට බොහෝදුරට භුමිදානය සිදු කරයි. ඒ ජිවත් වන වැඩිහිටියන්ට කරන ගෞරවයක් සේ සලකමින් බෞද්ධ අපට ආගමික චාරිත්‍රවලින් මානසික සහනයක් ලැබේ.

සුජීවත්ව ජිවත්වන අයට ලෝක ස්වභාය හෙවත් අනිත්‍ය ස්භාවය ගෞරණිය ස්වාමින් වහන්සේලා දේශනා කරයි. එම නිසා ජිවත් වු මිනිසා පාප ක්‍රියා කළ අයෙක් වුවත් භික්ෂුන් වහන්සේලා එම වැරදි එහි දි සිහිපත් කරන්නේ නැත. ගිහි සමාජය විසින් ද මිය ගිය පුද්ගලය ජිවත් වන කාලය තුළ දි සිදු කරන ලද ගුණ යහපත් දේ ගැන කතා කරයි. බෞද්ධ වු අප පාංශුකුලය නැමැති චාරිත්‍රයෙන් බලාපොරොත්තු වන ගුණාංග පහතවේ.

01 මරණයෙහි පොදු බව අනිවාර්යය බව, ඉන් මිදිය නොහැකි බව, ආදි මරණයෙහි යථාර්තය පිළිබද කරුණු අවබෝධ වේ.

02 ජිවත් වන ඥාතින්ගේ සිතෙහි පවත්නා  මරණයෙහි  වේදනාව අවම කර ගැනීමට හෝ තුරන්  කර ගැනීමට හැකියාව ඉන් ලැබේ

03 මියගිය ඥාතීන්ට පිං අනුමෝදර කිරිමෙන් ඔහුන් දුකින් මුදවාලීමට  හැකියා ඇත.

04 දන් දීමෙන් ද, ධර්මාශ්‍රවනය කිරිමෙන් ද, කුසල් සහ පින් රැස් වේ.

ලංකාවේ ද අවමගුල් චාරිත්‍ර ප්‍රදේශීය වශයෙන් වෙනස් වෙයි. මොරටුව වැනි පළාත්වල ‘මිනිහ තනි කරනවා‘ යන අදහසින් පංශු කුලය දිමට පෙර නිවසින් මෘතදෙහය එළියට ගැනිමට පෙර මෘත දේහය තිබුණු නිවසේ සියලු දොරවල් හා ජනේල වසා විනාඩි කිපයක් තබා මෘත දේහය එළියට ගනියි. බොහෝ ප්‍රදේශවල මළ බත සකස් කරයි.

බෞද්ධ අපි එකම ශාස්තෘවරයා වුවද රටින් රටට හා වෙනස් වු චාරිත්‍ර අනුගමය කරයි. මෙම චාරිත්‍ර තව දුරටත් වෙනස් වෙයි. ජාතින් දෙකක් අතර ඥාති කම් ඇති වු විටක හා පිටරටක ජිවත් විමට අවස්ථාව උදා වු විට අවමංගල චාරිත්‍ර ද අප විසින් දෙමාපියන්ගෙන් රැගෙන එන සංස්කෘතික උරුමයන් නිසා ද වෙනස්ම ස්වරෑපයක් ගනි.

ඉස්ලාම් ආගම අනුව පැය 24ක් ඇතුළත මියගිය පුද්ගලයාගේ අවමංගුල් චාරිත්‍ර ඉටු කළ යුතුය. එහි දි මියගිය පුද්ගලයා ඉතා හොදින් නාවා ශරිරයේ රෝම කුප ඉවත් කර කීපවරක් නාව පල්ලිය විසින් ලබා දෙන තට්ටුවක මෘත ශරිරය තැන්පත් කරයි. ඉස්ලාම් පුජකයන් පැමිණ යාඥා කිරිමෙන් පසුව සුසාන භුමිය වෙත දිව ගෙන යන අතර සුසාන භුමියේ වලක් කපා මෘත දේහය එහි තැන්පත් කරයි.

සිංගපුර්ව රටේ සිංහල බෞද්ධයෙක් මිය ගිය විට අවමංගුල් චාරිත්‍රවලට සහභාගි වන්නට සිදු විය. එම සිංහල පවුල ලංකාවෙන් බැහැර වි වසර 30 විතර වන බැවින් සිංහල එම අම්මාගේ අවමගුල් චාරිත්‍ර චීන ක්‍රමයට ද සිංහල බෞද්ධ ක්‍රමයට කිරිම දක්නට ලැබිණි. එසේම මළගෙදර චාරිත්‍ර විධි ලංකාවේ විදියට ද එමරටේ සිදු කරන විශාල මල් හා පලතුරු වැනි දැ වලින් දේහය අවට සරසා තබයි. පහන් මෙන්ම හදුන්කුරු පත්තු කරන අයුරුද දක්නට ලැබිණි. එසේම සතිපඨාන සුත්‍ර දේශනය  සජ්ජායන කිරිමට සැලස්විම, දේහය මුහුණ  හා පපු පෙදෙශ පමණක් පෙනීමට සැළැස්වීම හා වීදුරු සහිත පෙනීමට සැලසීමයි. ඉන්දියා හා චිනය රුසියාව ජපානය  වැනි රටවල මෘත දේහයන් ආදානයට  ප්‍රමුඛතාවයක් ලබා දෙයි.

ඉන්දියාවේ ආදානයට පහසු කම් නැති නිසා විශාල වළවල් කපා භුමිදානය සිදු කරයි.

තායිවානය චිනය වැනි මහයාන හා හිනයාන දහම වැඩි නැඹුරුවක් ඇති රටවල් ආදනයට ඉඩකඩක් ඇති අතර කතෝලිකයන් සිටින රටවල හා මුස්ලිම් රටවල භුමිදානය සිදුකරයි. චීනයේ කදු තෝරාගෙන විශාල කදු හාරා නිවාස වැනි දේ නිර්මාණය කරයි. ඉන්පසුව මෘත දෙහයන් තැන්පත් කරයි. එම මුත දෙහයන් පොලව යට ඉතා අලංකාර ලෙස තැන්පත් කරයි. ඒ සමග එම පුද්ගලයා ජිවිත කාලයේ දි ආස කල දෑ ද ජිවත් විමට අවශ්‍ය මුදල් ආහාර වැනි ද්‍රව්‍ය තැන්පත් කරයි. රන්මුතු ද යාහන වහනද තැන්පත් කරන අයුරු ද දැක ගත හැකිය.

ථේරවාදි බෞද්ධ රටක් වන තායිලන්තයේ යමෙක් මිය ගිය විට විහාරස්ථානයේ වෙනම සකස් කරන ලද අවමගුල් ශාලාවට ගෙනත් තැන්පත් කරයි. භික්ෂුන් වහන්සේලා පිරිත් දේශනා කරන අතර ඒ හැම වාරයටකමට එම භික්ෂුන් වහන්සෙලාට ද විහරස්ථාන දායක සභාවට ද මුදල් ලබා දිය යුතුය. මුදල් තිබෙන විදියට මාස දෙක තුනක් වුවද මෘත ශරිරය තැන්පත් කර තැබිය හැකිය. ඉන්පසුව ඥාතින් තමන්ට හැකි දිනයක් තිරණය කර ආදානය සිදු කරයි. අදානයයෙන් පසුව කුඩා පෙට්ටියටක අළු දමා විහාස්තානයේ ඊට සුදුසු ස්ථානයක තැන් පත් කර එයට ද මුදල් ගෙවා වෙන් කර ගනයි. මැරුණු දිනාය සිහිපත් කර ඉන්පසුව දානමාන ලබා දිමේ පිළිවෙතක් තායිලන්ත බෞද්ධයන් අනුගමනය කරයි.

ඉන්දියාවේ හින්දුන් ගංගානම් නදිය ළගට මෘත දේහයන් ගෙන විත් ආදානය කරයි. එයිදි ඉස්ලාම් බැතිමතුන් සේ හින්දුන් ද පැය 24ක් යන්න කලින් අදානය සිදු කිරිමේ සම්ප්‍රදායක් ඇත. හින්දු නිම්න ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම ගංගානම් නදිය ඊට සුදුසු ස්ථාන සකස් වී ඇත. ගංගානම් නදියේ කිට්ටුම සථානවල උසස් කුලවල අයට ද? ඊට දුරින් පහල කුලවලටද මෘත දෙහයන් තැන්පත් කර ගිනි තබයි. මෘත දෙහයට බෑනා කෙනෙක් ගිනි තැබිමට පෙර ගංගානන්නදියෙන් හිස මුඩුකරගත් පසුව නාගෙන ඇවිදින් මෘත දේහයට ගිනි තැබිම සම්ප්‍රදායි. මෘත දේහයන් පෙට්ටිවල තැන්පත් කිරිමක් කරන්නේ නැත. එය ඉනිමගක් වැනි උණ බම්බු දෙකක සකස් කරගත් තට්ටුවක මෘත දේහය රැනෙ එයි. ගිනි තැබිමෙන් පසුව වරින් වර දේහය පිලිස්සීම සදහා දිග පොලු අරගෙන පෙරලිම් කරයි. ගංගානම් නදිය දිගටම සිදු කරන අතර සිකුරාදා හා අගහාරුවාද හැර සෙසු දිනයහි අදානය සිදු කරයි.

ඝානාවේ සමහර මිනී පෙට්ටි විසිතුරු මිනී පෙට්ටි සකස් කරයි. මෙම මිනී පෙට්ටි සාදා ඇත්තේ මියගිය අය විසින් සිදු කළ වෘත්තිය සංකේතවත් කිරීම සඳහාය. මරණින් මතු ජිවිතයක් ඇති බවට දැඩි විශ්වාස ඇත. මිය ගිය අය මරණින් පසුද එම වෘත්තිය දිගටම කරගෙන යනු ඇතැයි ද විශ්වාස කරයි. එම නිසා මළවුන් භූමදාන කළ යුත්තේ ඔවුන් ජීවත්ව සිටිය දී කළ රැකියාව නියෝජනයට අනුව බව විශ්වාස කරයි.

පිලිපීනයේ මැනිලා අගනුවරට සැතපුම් 10ක් දකුණින් පිහිටා ඇති කැවිටි ප්‍රදේශය සාම්ප්‍රදායික සිරිත් විරිත් බොහොමයක් රඳවා ගෙන ඇති ප්‍රදේශයකි. කැවිටිහි සමහර ග්‍රාමීය ජනතාව තවමත් විශාල ගස් මෘත දේශය සුසානය සදහා භාවිතා කරති. ජීවත්ව සිටින කාලය තුළ තමන්ව භූමදාන කිරීමට කැමති ගස එම පුද්ගලයින් විසින් තෝරා ගනු ලැබේ. ඔවුන් අසනීප වූ විට හෝ මහලු වූ විට ඔවුන් වෙනුවෙන් මෙම විශාල ගස් අසල පැල්පතක් ඉදිකරනු ලැබේ. පුද්ගලයා මිය ගිය විට ඔහුගේ සිරුර කුහර සහිත ගස් කඳට සිරස් අතට ඇතුල් කර ධ්‍රැව වලින් වසනු ලැබේ.

අහස් භූමිදානය කිරීමේ සම්ප්‍රදාය වසර දහස් ගණනක් පැරණි වන අතර අදටත් එය මූලික වශයෙන් ටිබෙට් දේශයේ තවත් අවමගුල් චරිත්‍රයකි. මෙය සිදු කරන්නේ මොංගෝලියාව, සහ චීනයේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. ටිබෙට් ජාතිකයෙකු මිය ගිය විට පවුලේ අය විසින් මියගිය පුද්ගලයා වටා ගිතෙල් ලාම්පු හෝ පහන් දල්වන අතර භික්ෂූන් වහන්සේලා දින තුනක් හෝ පහක් පුරා ශරීරයට ආශීර්වාද සිදු කරයි. මෙම කාලය තුළ ශරීරය ස්පර්ශ කිරීමක් සිදු නොකරයි. පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් කිසිවෙකු අවසන් දින අවමංගල්‍යයට සහභාගී නොවේ. ඒ වෙනුවෙන් ඔවුන් නිවසේ නැවතී යාඥාවන් සිදු කරනු ලබයි. අවසන් දිනයේ දී දේහය ඉතා උස් කඳු මුදුනක් හෝ සානුවක් වෙත ගෙන යයි. ඉන්පසුව උකුස්සන් හෝ ගිජුලිහිණියන් කැඳවීම සඳහා සුවඳ දුම් වැනි දෑ පිළිස්සීම සහ රබන් වැනි වාදන භාණ්ඩ වාදනය කරයි. අවසානයේ දේහය කුඩා කැබලිවලට කඩා පැමිණි කුරුල්ලන්ට කෑමට දමයි.

ටිබෙට් බෞද්ධ ආගමට අනුව මෙම අවමංගල්‍ය ක්‍රමය ජීවිතයේ අනිත්‍යභාවය පිළිබඳ පාඩමක් සහ මතක් කිරීමක් මෙන්ම කුරුල්ලන් පෝෂණය කිරීමෙන් ශරීරය නොමසුරු බැහැර කිරීමට උත්සාහ කිරීමකි. ආගමේ අනුගාමිකයන්ට ශරීරය යනු ආත්මය සඳහා වූ යාත්‍රාවක් පමණක් වන අතර, ආත්මය හැරගිය පසු ශරීරයට සැබෑ වටිනාකමක් නැත. උකුස්සන් මුළු ශරීරයම පරිභෝජනය කරන්නේ නම් එය හොඳ සලකුණකි.

ටිබෙට් ජන චාරිත්‍රය විශ්වාස කරන්නේ ඔහු හෝ ඇය ජීවිතයේ නපුරු ක්‍රියා කර ඇත්නම්, උකුස්සන් පවා මිනිසෙකුගේ ශරීරය පරිභෝජනය කිරීමට අකමැති බව යි. උකුස්සන් මිනිස් සිරුරේ කොටස් පරිභෝජනය කරන නිසා අහස භූමදානය, “කුරුලු භූමදානය” ලෙස ද හැඳින්වේ. ටිබෙටයේ, මරණයෙන් පසු සිරුරු භූමදාන කිරීමට වෙනත් ක්‍රමයන් ද තිබේ. සිරුර ජලයට දැමීම, ආදාහනය, සහ භූමදාන කිරීම එවැනි චාරිත්‍රයන්‍ වේ.

ලාදුරු වැනි බෝවන රෝගවලින් මියගිය අයව උකුස්සන්ට හානි වේයයි බියෙන් අහස භූමදානය නොකරයි. එවන් අවස්ථාවල දි භූමි දානය හෝ ආදාහනය කරනු ලැබේ. මේ වන විට වැඩි වශයෙන් නාගරික ජනතාව භූමිදානය සහ ආදාහනය වැනි චාරිත්‍ර සිදු කිරීමට පෙළඹීම සහ ගිජුලිහිණියන් අඩු වීම වැනි හේතු සාධක නිසා මෙම ක්‍රමය අද වන විට විශාල අඩුක් දක්නට ලැබේ. අදවන විට සුසාන භූමිවල ඇති ඉඩ අඩුවීමත් සමග බොහෝ අය තම ආදරණීයයන්ගේ අවසන් කටයුතු සඳහා නව ක්‍රමයන් සොයායි. තව ද මිය ගිය පුද්ගලයින්ගේ දේහයේ අළු මගින් විවිධ වර්ණවත්, දිළිසෙන පබළු සහ මැණික් වැනි ආභරණ නිෂ්පාදනය කරයි. එයින් මිය ගිය තැනැත්තා තමා අසලම, අලංකාර අයුරින් තබා ගැනීම ඉන් අරමුණ යි.

මියගිය ඥාතීන්ගෙන් පබළු සෑදීම සඳහා ආයතනයක් දකුණු කොරියාවේ තිබේ. සාමන්‍යයෙන් මේ සඳහා එක් සිරුරකට ඩොලර් 900ක් පමණ අය කරයි. මීට වසර 20කට පමණ පෙර දකුණු කොරියානුවන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු පමණ සිරුර භූමදානය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමයට අවසන් කටයුතු සිදුකළත්, වර්තමානයේ දී සිරුරක් භූමදානය කර වසර 60කින් ඉවත් කර ගත යුතුය.  නීතිය නිසා, වර්තමානය වෙද්දී මියයන දස දෙනෙකුගෙන් සත් දෙනෙකුගේම සිරුරු ආදාහනය කෙරෙන අතර, ඥාතීන්ගේ කැමැත්ත මත ඉන් කීපදෙනෙකු පබළු බවට පත්වේ

මේ වන විට තහනම් වුව ද, ‘ඉකිපාලින්‘ නොහොත් සාම්ප්‍රදායික ඇඟිලි කපා ඉවත් කිරීමේ චාරිත්‍රය ඩානී ගෝත්‍රයේ අවමංගල්‍ය සම්ප්‍රදායක් විය. ඩානී ජනයාට ඇඟිලි තුඩු මඟින් සමගිය, එකමුතුකම, සහ ශක්තිය නිරූපණය වේ. තව ද ඔවුන් පවුලක් මෙන් කාර්යයන් ඉටු කිරීම සඳහා එකට වැඩ කරයි. ඇඟිලි කපා ඉවත් කිරීමේ චාරිත්‍රය ශෝකයේ වේදනාව නිරූපණය කළ අතර මියගිය අයගේ පවුලට තවත් අවාසනාවන්ත සිදුවීම් වලක්වනු ලැබීය. එය ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්මයන් ද සතුටු කළ බව කියනු ලැබේ. සාමාන්‍යයෙන් මේ චාරිත්‍රයට මුහුණ දීමට සිදුවන්නේ කාන්තාවන්ටය.

ඇඟිල්ලක් කපා හැරීම සඳහා ඩානී ගෝත්‍රිකයන් එහි පුරුක් සන්ධියක් අල්ලා, රුධිර ගමනාගමනය වැලැක්වීමට නූල්වලින් ගැට ගැසීම සිදු කරයි. පසුව, නම් කරන ලද පවුලේ සාමාජිකයා පොරවකින් ඇඟිල්ල ඉවත් කර ආසාදන වැලැක්වීම සඳහා සාම්ප්‍රදායික ඖෂධ පැළෑටි සමග ප්‍රතිකාර කරයි. ඉන්පසු ඩානී ගෝත්‍රිකයන් විසින් ඉතිරි වූ ඇඟිල්ල වියළා, අළු බවට පත් කර විශේෂ ස්ථානයක ගබඩා කරනු ඇත. අද වන විට චාරිත්‍රය තහනම් කර ඇතත්, ඩානී ගෝත්‍රයේ වැඩිහිටි සාමාජිකයන් බොහෝ දෙනෙකු කපා ඉවත් කරන ලද ඇඟිලි සහිත අය යි. මීට අමතරව මෙම ඩානී ගෝත්‍රිකයන් මිය ගිය අය පුළුස්සා, එම දුම් පානය කිරීම වැනි ක්‍රියාවන් ද සිදු කර ඇත. ඔවුන් සිය රණශූරයින් මමිකරණය කොට කල්තබා ගැනීමට ද පුරුදුව සිට ඇත.

පුද්ගලයෙකුගේ ජීවිතයට පාරිසරිකව අර්ථවත් හා ස්ථිර උපහාරයක් ලෙස ආදාහනය කිරීම සඳහා මුහුදේ වැළලීම, අළු විසුරුවා හැරීම, සහ භූමදානය කිරීම සිදු කරයි.අනුස්මරණ පර යනු සාගර පතුලේ තැන්පත් කළ හැකි කෘතිම පර වේ. ආදාහනය කරන ලද දේහය විශේෂ කොන්ක්‍රීට් වර්ගයක් සමග මිශ්‍ර කර අච්චුවකට සවි කර ඇති අතර, ස්වාභාවික කොරල් පර අනුකරණය කරන ජල ආරක්ෂිත කොන්ක්‍රීට් භාජනයක මුද්‍රා තබා තැන්පත් කරනු ඇත

මැඩගස්කර ජනවාර්ගික කණ්ඩායම් ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ගෞරව කරන්නේ ඔවුන්ගේ භූමිදානය කළ දේහය ඉවතට ගෙන පූජා උත්සව පැවැත්වීමෙනි. මෙම චාරිත්‍රය සෑම වසර හතකට වරක් සිදුවන මෙය ‘ඇටකටු හැරවීම’ ලෙස හැඳින්වේ. මෙහිදී ජීවිතයේ හා මරණයේ චක්‍රය සම්පූර්ණ කිරීම අරමුණු කර පිටතට ගත දේහය උඩු යටිකුරු කර සොහොන් වෙත යවනු ලැබේ. මැඩගස්කරයේ මධ්‍යම කඳුකරයේ මෙරීනා ගෝත්‍රිකයන් ඔවුන්ගේ මුතුන් මිත්තන් ‘පවුල සමග නැවත එක්වීම’ ලෙස ද මෙය සමරයි. ජීවත්වන පවුලේ සාමාජිකයන් මළ සිරුරු පිටතට ගෙන, සුසාන වස්ත්‍ර පරික්ෂමින් ගලවා, අස්ථින් පිරිසිදු කර, අලුත් රෙදිවලින් ඒවා ඔතා උත්සවය ආරම්භ කරන අතර, අමුත්තන් ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙනුවෙන් විවිධ පානයන් ගෙන, සංවාද කිරීම හා නර්තනය සිදු කරයි.  මෙම සිරුරු කොටස්වලින් පැමිණෙන දුඝන්ධය නැති කරගැනීම සඳහා එම කොටස්වලට වයින් ඉසීම සාමාන්‍යයෙන් සිදු කරයි. ඉර බැසීමට මොහොතකට පෙර මළ සිරුරු නැවත සොහොන වෙත ගෙන ගොස් උඩු යටිකුරු කර තබනු ලැබේ.

මැඩගස්කරයේ බොහෝ ජනවාර්ගික කණ්ඩායම් ක්‍රිස්තියානි ධර්මය හා සාම්ප්‍රදායික විශ්වාසයන්ගේ සම්මිශ්‍රණයක් අනුගමනය කරන නමුත් ඔවුන් ස්වර්ගය හෝ නිරය විශ්වාස නොකරයි. කෙසේ වෙතත්, මළවුන් වහාම ඊළඟ ජීවිතයට නොයන අතර ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සිරුරු මුළුමනින්ම දිරාපත් වන තුරු ජීවමාන දේශයේ රැඳී සිටිනු ඇතැ යි මොවුන් විශ්වාස කරයි.

බුදුගල ජිනවංස හිමි  – ශාස්ත්‍රවේදි

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *