කොරෝනා සුලමුල සොයන්නට ගිය WHO පරීක්ෂකයන්ට ‘චීනය’ දොරටු වසයි !

වෙළෙඳ පොළකින් ආරම්භ වූ බවට අදහස් පැතිරයාමත් සමඟ 2019 වසරේ අවසන් අදියරේ දී වෛරසය පළමුවරට හමුවුනේ ‘වුහාන්’ නගරයෙනි.

‘බේජිං’ බලධාරීන් විසින්, ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත සිය සංවිධානයේ පරීක්ෂක කණ්ඩායමක් චීනයට ඇතුල්වීම වලක්වනු ලැබීම මගින් තමා ”දැඩි අපේක්ෂාභංගත්වයට”පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හනම් ගෙබ්‍රේයෙසුස් (Tedros Adhanom Ghebreyesus)පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ සංචාරයේ සැලසුම වූයේ කෝවිඩ් -19 වෛරසය චීනයේ ‘වුහාන්’ නගරයෙන් ආරම්භවීම පිළිබඳව පරීක්ෂා කිරීමය.

එම සංවිධානය පවසන පරිදි ගැටලුව වී තිබෙන්නේ චීනය විසින් වීසා නිකුත්කරනු නොලැබීමය.

කෙසේවුවද,තමන්ට එල්ලවෙන චෝදනාවට පිළිතුරු දෙමින් චීනය කියා සිටින්නේ නියමිත දින වකවානු ඇතුළුව සංචාරයට අදාළ තොරතුරු තවමත් පිළියෙළ කෙරෙමින් ඇති බවකි.

‘වුහාන්’ නගරයෙන් කොවිඩ්-19 වෛරසය ආරම්භ වීද යන්න පිළිබඳ පරීක්ෂණය දීර්ඝ කාලයක් බලාපොරොත්තු වූවක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මාස කීපයක් තිස්සේ සාකච්ඡා කරනු ලැබීමෙන් අනතුරුව චීනය එවැනි පරීක්ෂණයක් සඳහා එකඟව සිටියේය.

වෙළෙඳපොළකින් ආරම්භ වූ බවට අදහස් පැතිරයාමත් සමඟ 2019 වසරේ අවසන් අදියරේ දී වෛරසය පළමුවරට හමුවූයේ ‘වුහාන්’ නගරයෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හනම් ගෙබ්‍රේයෙසස් (Tedros Adhanom Ghebreyesus) පවසන පරිදි, සිය කණ්ඩායම සැලසුම් කළ සංචාරයට අවශ්‍ය අනුමැතිය දීමට චීනය අවශ්‍ය අවසන් ක්‍රියාමාර්ග සම්පූර්ණ කර නැත. මේ නිසා සංවිධානයේ නියෝජිතයන් දෙදෙනකුට අතරමඟ රැඳී සිටීමට සිදුව ඇති අතර, නියෝජිත මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ට අන්තිම මොහොතේ ඔවුන්ගේ සංචාරය නතර කිරීමට සිදු විය.

”හැකිතාක් ඉක්මණින් ඔවුන්ගේ පාර්ශ්වයෙන් අභ්‍යන්තර කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවට චීනය මට සහතික වුණා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අඟහරුවාදා ජිනීවා නගරයේ දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

”මෙම සංචාරය ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ ජාත්‍යන්තර කණ්ඩායමට ප්‍රමුඛ කාර්යයක් ” බව අවධාරණය කිරීම සඳහා තමා චීනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සබඳතා පවත්වා ගත් බව ද ඔහු පවසයි.

මේ අතර චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව බීබීසියට අදහස් දක්වමින් ”ඇතැම්විට වැරදි වටහා ගැනීමක් සිදුවීමට ඉඩකඩ ඇතැයි” සඳහන් කළේය.

”මේ කාරණය සම්බන්ධයෙන් වැඩිමනත් දේ කතාකිරීමේ උවමනාවක් නොමැති” බවත් ඇය කියාසිටියාය.

”චීන නිලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීප සහයෝගයකින් කටයුතු කරනවා.`නමුත් ලෝකය පුරාම බොහෝ ස්ථානවල කුඩා පරිමාණයෙන් වසංගතය පැතිරෙමින් තියෙනව.බොහෝ රටවල් සහ බොහෝ පළාත් වෛරසය වැලැක්වීමේ නිරතවීමෙන් කාර්යබහුල තත්ත්වයකයි පසුවන්නේ. අපිත් එවැනි ප්‍රයත්නයක නිරතවෙමින් සිටිනවා” චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

”ජාත්‍යන්තර සහයෝගීතාවට සහ අභ්‍යන්තර සූදානම්වීම් සඳහා තවමත් චීනයේ සහයෝගය ලැබෙනවා.අපි ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමඟ අදහස් හුවමාරුකර ගන්නවා.මා දන්නා තරමින්, දින වකවානු සහ සැලසුම් සම්බන්ධයෙන් අපි තවමත් පසුවෙන්නේ සාකච්ඡා මට්ටමේ ”

වුහාන්

ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සැදුම්ලත් දස පුද්ගල පරීක්ෂක මණ්ඩලයක් ‘වුහාන්’ නගරයට යැවීම මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වූයේ, සතුන්ගෙන් ආරම්භ වූ බවට අදහස් පැතිරගිය කෝවිඩ්-19 වෛරසයේ පටන්ගැන්ම සහ එම වෛරසය හරියටම පළමුවරට මිනිසුන්ට ආසාදනය වුනේ කෙසේද යන්න පිළිබඳව මාස ගණනක පරීක්ෂණයක් පැවැත්වීමය.

එම පරීක්ෂණය 2021 ජනවාරි මාසයේ ආරම්භ කෙරෙන බව පසුගිය දෙසැම්බර් මාසයේ නිවේදනය කරනු ලැබුණි.

ඊට මුලපිරීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් අඟහරුවාදා උදෑසන චීනය බලා ගමන් ආරම්භ කළහ. එහෙත් එම සාමාජිකයන් දෙදෙනාගෙන් එක් විද්‍යාඥයෙක් ආපසු පැමිණි අතර දෙවැන්නා තුන්වෙනි රටක රැඳී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි මෙහෙයුම් අංශයේ ප්‍රධානී මයික් රයන් (Mike Ryan) ප්‍රකාශ කළේ යයි ‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කරයි.

COVID-19
කොරෝනාවෛරසය වසර දශක ගණනාවක් තිස්සේ හඳුනා නොගන්නා ලද මට්ටමින් වවුලන් අතර සංසරණය වෙමින් තිබීමේ ශක්‍යතාවක් ඇතැයි ඇතැම් පර්යේෂකයෝ අදහස් කරති.

කෝවිඩ්-19 වෛරසය 2019 වසරේ අවසන් අදියරේ දී පළමුවරට හඳුනාගන්නා ලද්දේ මධ්‍යම ‘හුබෙයි’ ප්‍රාන්තයේ ‘වුහාන් ‘ නගරයෙනි.

කෝවිඩ් -19 වෛරසය පැතිරයාමේ ආරම්භය සැඟවීමට චීනය උත්සාහ දරමින් සිටින බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරයි.

මුලදී විශ්වාස කරන ලද්දේ මස් සඳහා සතුන් අලෙවිකරනු ලබන වෙළෙඳපොළකින් වෛරසය ආරම්භ වූ බවය. එම සතුන්ගේ වෛරසය මිනිසුන්ට ද බෝවූ බවට අදහස් පළවෙමින් තිබුණි.

එහෙත් කෝවිඩ්-19 වෛරසයේ ආරම්භය කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් පවතින්නේ ගැඹුරු විවාදාත්මක තත්ත්වයකි. ඇතැම් විශේෂඥයන් පවසන ආකාරයට එම සත්ත්ව වෙළෙඳපොළ වෛරසයේ ආරම්භක ස්ථානය නොවන බව ඔවුන්ගේ විශ්වාසය වෙයි. ඒ වෙනුවට සිදුව ඇත්තේ එම ස්ථානය මගින් වෛරසය විස්තාරණය වීමක් පමණි.

කොරෝනාවෛරසය වසර දශක ගණනාවක් තිස්සේ හඳුනා නොගන්නා ලද මට්ටමින් වවුලන් අතර සංසරණය වෙමින් තිබීමේ ශක්‍යතාවක් ඇතැයි ඇතැම් පර්යේෂකයෝ අදහස් කරති. කෙසේවුවද, එම වෛරසය වවුලන්ගෙන් මිනිසාට ආසාදනය වූයේ කවර අතරමැදි සතෙකුගෙන්දැයි තවම දැනගන්නට නැත.

Text by bbc

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *