
දුෂ්කර පළාත් වල තෝරා ගත් හින්දු කෝවිල් 100ක් සඳහා එළඹෙන තෛයිපොංගල් දිනය සැමරීම හා පූජා කටයුතු සඳහා රුපියල් 10,000ක් වටිනා චෙක්පත් ප්රදානය අද (12) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම චෙක්පත් ප්රදානය කෙරිණි.
කෝවිල් සඳහා කෙරෙන මෙම චෙක්පත් ප්රදානය සංකේතවත් කරමින් අද දින කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර හා ගම්පහ කෝවිල් සඳහා චෙක්පත් ප්රදානය කළ අතර අනෙකුත් කෝවිල් සඳහා එම ප්‍රදානයන් දිස්ත්‍රික් මට්ටමින් සිදු වේ.