ජීවයට ජීවය දෙන ‘නයිට‍්‍රජන්’ ගැන අපි නොදගත් දේ

අප අවට ඇති වායු ගෝලයේ සියයට 79කට හිමිකම නියන්නේ ‘නයිට‍්‍රජන්’ වායුවයි. එය ප‍්‍රධාන ශාක පෝෂකයක් වශයෙනුයි සැලකෙන්නේ. ඒ වගේම ප්‍රෝටීනවල සංඝටක මූලද්‍රව්‍යයක්  වශයෙන් ද නයිට‍්‍රජන් සැලකෙනවා. ‘නයිට‍්‍රජන්’ කියලා කියන්නේ මිනිසාට මෙන්ම ගහකොළවලටත් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්.

වායු ගෝලයේ මෙන්ම පසෙත් නයිට‍්‍රජන් අන්තර්ගත වෙනවා. වායු ගෝලයේ සියයට 79ක අගයකට නයිට‍්‍රජන් හිමිකම් කීවත් පසෙහි නම් නයිට‍්‍රජන් සංයුතිය ඉතාම සීමිතයි.

පසට නයිට‍්‍රජන් එක්වන අයුරු

නයිට‍්‍රජන් සංයෝග බහුල පස ඉතාම සාරවත් පසක් වශයෙන් සැලකෙනවා. පසට නයිට‍්‍රජන් එක්වන්නේ වායුගෝලීය නයිට‍්‍රජන් තිරවීම මගිනුයි.

නයිට‍්‍රජන් චක‍්‍රය

වායුගෝලයේ ඇති නයිට‍්‍රජන් පසට එක්වීමත්, පසේ ඇති නයිට‍්‍රජන් සංයෝගවලින් වායුගෝලයට නයිට‍්‍රජන් එක්වීමත් චක‍්‍රීයව සිදුවන ක‍්‍රියාවලියක් වශයෙන් සැලකෙනවා. එයට ‘නයිට‍්‍රජන් චක‍්‍රය’ කියලා කියනවා.

නයිට‍්‍රජන් චක‍්‍රයේ ප‍්‍රධාන අවස්ථා හතරක් (4) තිබෙනවා.

  1. නයිට‍්‍රජන් තිරකිරීම.
  2. වියෝජනය
  3. නයිට්‍රීකරණය
  4. නයිටි‍්‍රහරණය
  5. නයිට‍්‍රජන් තිරකිරීම

‘රනිල කුලයට’ අයත් බෝංචි, දඹල වැනි ශාකවල මූල ගැටිතිවල වෙසෙන ‘‘රයිසෝබියම්’ නමැති බැක්ටීරියාවන් සහ නයිට‍්‍රජන් තිරකාරක පාංශු බැක්ටීරියාවන් වායුගෝලීය නයිට‍්‍රජන් ඇමෝනියා අඩංගු සංයෝග ලෙසට පසට එක් කරනවා. මේ නිසා රනිල බෝග වගා කළ විට පස සරු වෙනවා. බෝග මාරුවේදී එක් කන්නයක එක් බෝගයක් වගා කළ පසු ඊළඟ කන්නයට රනිල බෝගයක් වගා කිරීමට කෘෂි උපදේශකයින් නිර්දේශ කරන්නේ මේ නිසයි.

නයිට‍්‍රජන් තිරකාරක

බැක්ටීරියා, ඇසොටොබැක්ටර්, ක්ලෝස්ටි‍්‍රඩියම් වැනි බැක්ටීරියා මගින් වායුගෝලීය නයිට‍්‍රජන් ඇමෝනියාකරණයට (NO3) ලක්කර ( එනම් ඇමෝනියා හෝ ඇමෝනියම් සංයෝගවලට පත්කර) පසට එක්කරනවා. තව ද අකුණු ගැසීමේදී ද වායුගෝලීය නයිට‍්‍රජන් පසට එක් වෙනවා.

අවශෝෂණය හා පරිභෝජනය

පසෙහි අඩංගු නයිට‍්‍රජන් ශාකවල මුල් පද්ධතියෙන් උරා ගැනීම ‘අවශෝෂණය’ යනුවෙන් හැඳින් වෙනවා. වගා කටයුතුවලදී නම් පසෙහි නයිට‍්‍රජන් හිඟ වන අවස්ථාවලදී රසායනික පොහොර (යූරිය)* නයිට‍්‍රජනීය අපද්‍රව්‍ය (ගොම, දිරාපත් ශාක හා සත්ව කොටස්) පසට එක් කරනවා. ඒවායේ පෝෂණය ලබමින් ගහකොළ ඵල දරනවා. ශාක භක්ෂකයින් එම ගස්වල කොළ, මල්, ඵල ආදිය ආහාරයට ගන්නවා.

‘තණකොළ කෑ මුවා, මුවා කෑ කොටියා’ ආදි වශයෙන් ආහාර දාමය හරහා මේ ශාකමය ආහාර පළමු ශාක භක්ෂකයින් ද දෙවනුව හා තෙවනුව ආදි වශයෙන් අනෙකුත් ශාක භක්ෂක, මාංශ භක්ෂක හා සර්ව භක්ෂක ආදි වශයෙන් අනෙකුත් යැපෙන්නන්ගේ ආහාර බවට පත් වෙනවා.

නයිටී‍්‍රකරණය

නයිට‍්‍රජන් තිරකාරක පාංශු බැක්ටීරියා (නයිට්‍රොසොමොනාස්) විසින් පසට එක්කෙරෙන ඇමෝනියාත්, දිරිපාත් වන ශාක හා සත්ව අපද්‍රව්‍යවලින් නිකුත් වන ඇමෝනියාත් ‘නයිට‍්‍රයිට NO2 බවට පත් කරනවා. ‘නයිට‍්‍රයිට’NO2 ‘නයිට්‍රොබැකටර්’ වැනි බැක්ටීරියා මගින් ‘නයිටෙ‍්‍රට’ NO3 බවට පත් කරනවා. එම නයිට්‍ර්ට නැවත වරක් ගස්වල මුල් පද්ධතිය මගින් උරා ගන්නවා.

බැක්ටීරියා ක‍්‍රියාකාරීත්වයෙන් ඇමෝනියා නයිටේ‍්‍රට හා නයිට‍්‍රයිට බවට පත් කිරීම ‘නයිටි‍්‍රකරණය’ ලෙස හඳුන්වනවා. එහිදී

ප්‍රෝටියෝලයිසිස්

මිනිසා සහ අනෙක් සතුන් තම ආහාර සමග සිරුරට ලබා ගත් නයිට‍්‍රජන් අඩංගු සංයෝග (උදාහරණ වශයෙන් ආහාරවල අඩංගු ප්‍රෝටීන මස්, ධාන්‍ය) බහිස‍්‍රාවීය අපද්‍රව්‍ය (දහඩිය, මුත‍්‍රා) ලෙස හෝ ජීර්ණය කළ පසු ඉතිරි වන දෑ (මළ අපද්‍රව්‍ය)  වශයෙන් නැවත පසට එක් වෙනවා. මිය ගිය පසු ශාක හා සත්ව දේහ ද පසට එක් වෙනවා.

වියෝජනය

 ඒ අනුව මියගිය ශාක හා සත්ව කොටස්, සත්ව අපද්‍රව්‍ය මත වැඩෙන බැක්ටීරියා හා දිලීර ආදී වියෝජකයෝ ඒවා දිරාපත් කර පසට මිශ‍්‍ර කරනවා. එවිට එම දේහ කොටස්වල තිබෙන නයිට‍්‍රජන් නැවතත් පසට මිශ‍්‍ර වෙනවා.

නයිටි‍්‍රකරණය

නයිටි‍්‍රහාරක බැක්ටීරියා විසින් පසෙහි අඩංගු නයිටේ‍්‍රට් හා නයිට‍්‍රයිට් සංයෝගවලින් මූලද්‍රව්‍ය නයිට‍්‍රජන් වායුගෝලයට එක් කිරීම ‘නයිටි‍්‍රහරණය’ කියලා කියනවා.

නයිට‍්‍රජන් චක‍්‍රයට බාධා පැමිණීම

මිනිසුන්ගේ නොයෙකුත් ක‍්‍රියාකාරකම් හේතුවෙන් නයිට‍්‍රජන් චක‍්‍රයට බාධා ඇති වෙනවා. එවිට එම චක‍්‍රිය ක‍්‍රියාවලිය අවුල් වෙනවා. ඒ හේතුවෙන් නොයෙකුත් පරිසර ගැටලූ ඇති වෙනවා.

නයිට‍්‍රජන් චක‍්‍රයට බාධා සිදුවන අවස්ථා –

  • වගා කටයුතුවලදී රසායනික පොහොර (යූරියා) පසට එක් කිරීම වගේම වගා කෙරෙන බෝගවලින් පසෙහි ඇති නයිට‍්‍රජන් අවශෝෂණය (උරා ගැනීම) සිදු කරනවා. එම අවස්ථා දෙකේදීම පසට නයිට‍්‍රජන් එක්වීමත්, පසෙහි නයිට‍්‍රජන් ඉවත්වීමත් සිදුවන නිසා ස්වභාවික නයිට‍්‍රජන් චක‍්‍රයට බාධා සිදු වෙනවා.
  • කර්මාන්ත ශාලාවල නිපදවන අතුරුඵල, පොසිල ඉන්ධන දහනයේදී නිකුත් වන වායු ආදී වශයෙන් වායු ගෝලයට ‘නයිට‍්‍රජන් ඩයොක්සයිඞ්’ ‘ඇමෝනියා’ වැනි වායූන් එක් වෙනවා. මේ හේතුවෙන් වායු ගෝලයේ නයිට‍්‍රජන් ප‍්‍රතිශතය වෙනස් වෙනවා.

නයිට‍්‍රජන් චක‍්‍රයට බාධා කළ විට

නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් හරිතාගාර වායුවක් වශයෙන් සැලකෙනවා. කාබන්ඩයොක්සයිඞ් හා මීතෙන් හැරුණු විට වායුගෝලීය උණුසුම ඉහළ යාම කෙරෙහි බලපාන අනෙක් වායුව වන්නේ නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් වායුවයි. කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය වායු ගෝලයේ රඳා පවතිනවා. නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් ද ඊට අයත්. මේ නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් වැසි ජලයේ දියවීමෙන් අම්ල වැසි ඇති වෙනවා. අම්ල වැසි වැටීමෙන් වගා පාළු වෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්මාරකයන්ට දැඩි හානි සිදු වෙනවා.

මිනිසා මේ ආකාරයෙන් නයිට‍්‍රජන් චක‍්‍රයට බාධා පැමිණවීමට කටයුතු කළ විට එය දීර්ඝ කාලීනව සිදු වීමත් නිසා ගෝලීය උණුසුම ඉහළ යාම, පාංශු ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීමථ පස නිසරුවීම, අම්ල වැසි ඇතිවීම වැනි පාරිසරික ගැටලූ රැසක් ඇති වීමට ඉඩ තිබෙනවා. එනිසා අපි සියලූ දෙනාම නයිට‍්‍රජන් චක‍්‍රයට බාධා වන ක‍්‍රියාවලින් හැකිතාක් වැළකී සිටීමට පියවර ගත යුතුයි.

සැකසුම – චතුරී සමරවීර

LEP

Recommended For You

About the Author: Admin