පරමාදර්ශී මාධ්‍ය නිදහස කියන එක මිත්‍යාවක්

‘මාධ්‍ය නිදහස ’ පිළිබඳ කොතරම් සංවාද කළත් එහි සංකල්පීය පසුබිම ගැන යොමුවන්නේ අල්ප අවධානයකි. lankaepress  මේ උත්සාහය මාධ්‍ය නිදහස පිළිබඳ සංකල්පීය පසුබිම නව මානයක් පාඨකයා වෙත ගෙන ඒම ය. මේ සඳහා සුදුසු ම පුද්ගලයෙකු වශයෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහයන් සැලකිය හැකිය. ආචාර්ය ටියුඩර් වීරසිංහයන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩාපාධිපතිවරයෙකි. මාධ්‍ය විචාරකයෙකි. ආචාර්ය වීරසිංහයන් ‘‘මාධ්‍ය නිදහස’’ පිළිබඳව දැක් වූ අදහස් වල සංක්ෂිත සටහනක් පහත පළවේ.

මාධ්‍ය නිදහස කියන්නේ කුමක්ද ?

මානව සමජයේ කි‍්‍රියාකාරීත්වය පිළිබඳව දැන ගැනීමට තිබිය යුතු නිදහසට තමයි පොදුවේ ‘‘නිදහස’’ කියලා කියන්නේ. එත් එහි කිසිිම අර්ථයක් නැහැ. නිදහස අවශ්‍යතාවයක් එක්ක ම තමයි තීන්දු වෙන්නේ. ඇත්තට ම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට නම් නිසි ඉඩ අවසරයක් හෝ කොන්දේසි, අවස්ථාවක් නැතිනම් නිදහස නැහැ. නිදහස කියන එක අනිවාර්යෙන්ම අවශ්‍යතාවය මත තමයි තීන්දු වෙන්නේ. සමහර අර්ථකථන තියෙනවා නිදහස කියන එක නිරපේක්ෂයි කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වල්බූරු නිදහසක්. එවැනි නිදහසක් තියෙන්නේ කොහොමද ?

 නිදහසටත් යම් යම් සීමා තියෙනවා. දේශපාලන, ඓතිහාසික, සංස්කෘතික, නෛතික ආදී විවිධ සීමා තිබෙනවා. එවැනි සීමා ඇතුළේ කණ්ඩායමක හෝ පුද්ගලයාගේ හෝ අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට තියෙන ඉඩ ප‍්‍රස්ථාවට තමයි නිදහස තියෙන්නේ. නූතන යුගයේදී තමයි නිදහස පිළිබඳව තර්ක කරන්න පටන් ගන්නේ. මාස්ක්වාදය වගේ සංකල්ප තුළ අවශ්‍යතාවය, දැනුමත් එක්ක සම්බන්ධ කළා. දැනුම රහිත පුද්ගලයාට නිදහසක් නැහැ කියලා. දැනුම හා නිදහස අතර පවතින සබඳතාවය නම් අප සමාජයේ ජීවත් වෙන කොට පවතින පිළිගත් ප‍්‍රමිතීන් සහ නියමයන් උල්ලංකනය කරනවා. නියමයන් ගැන අවබෝධයක් තිබුණොත් අප එය උල්ලංගනය කරන්නේ නැහැ. නූතන, නොනිදහස්ය කියන්නේ එකයි. නූගත් මිනිසාට නිදහසක් නෑ. නිදසුනක් ලෙස ගත්තොත් තට්ටු දහසක් උස බිල්ඩිමක් උඩට නැගගත් මිනිසෙකු තමාට නිදහස ඇති බව සිතා පහළ පැන්නහොත් ඔහු මිය යනවා. ඔහුට දැනුමක් තිබේ නම් ඔහු එය අවබෝධකර ගන්නවා. සමාජයේ අවශ්‍යතාවයන් පිළිබඳ දැනුවත්ව ජීවත් වුනොත් නිදහස හිමිවෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් මාර්ග නීති උල්ලංඝනය කිරීම පිළිබඳව අපි දැනුවත් නම් අප එය උල්ලංගනය කරන්නේ නැහැ.

මාධ්‍ය නිදහස කියන කතිකාව 18 වන ශත වර්ෂයේ ලෝක මාධ්‍ය තුළ ඇති වෙනවා. ඒ ප‍්‍රංශ විප්ලවයත් එක්ක ම වාගේ. මධ්‍යතන යුගයේ තිබුණ රාජාණ්ඩුක‍්‍රමයට, අත්තනෝමතික පාලනයට, වැඩවසම්වාදයට, ආධිපත්‍යයට විරුද්ධව යුරෝපය තුළ නැගී ගෙන එන යම් කිසි ආකාරයක නව බුද්ධි ප‍්‍රබෝධයක් නිසා මාධ්‍ය නිදහස ඇති වෙනවා. ප‍්‍රංශ විප්ලවය, එංගලන්ත විප්ලවය ආදිය ඇති වීමට ප‍්‍රධාන සම්බාධක 03 ක් තියෙනවා. ඇත්ත වශයෙන්ම ‘‘සමානත්තාවය’’ තමයි මෙහිදී මූලික වෙන්නේ. යුරෝපයේ මුද්‍රිත මාධ්‍ය ආරම්භයේ පටන් ම ඒ ගොල්ලෝ නිදහස ඉල්ලූවා. ඇත්ත වශයෙන්ම පුවත්පත් සඟරා බිහිවෙන්න පටන් ගත්තා. ඒවා වලිනුත් ප‍්‍රමාණාත්මකව දැනුමක් ලැබුණා. විශේෂයෙන්ම අයිතිවාසිකම් පිළිබඳව ප‍්‍රංශ විප්ලවයක් එක්ක ම අයිතිවාසිකම් පනත වගේ පනත් ඇති වෙන්න පටන් ගන්නවා. අනතුරුව නූතන යුගයකට ප‍්‍රවිශ්ටවීමත් සිදු වෙනවා. මාධ්‍යත් ඊට සමගාමීව නූතන යුගයේ තමයි බිහි වෙන්නේ. මාධ්‍යයන් ධනවාදයට, ප‍්‍රවිශ්ඨ වීම සිදුවෙනවා. නමුත් ඒ ධනවාදය තුළ විශාල නිදහසක් භුක්ති විඳින්නට අවස්ථාව ලැබෙනවා. ඒත් ඒ නිදහස වේගයෙන් මර්ධනය වෙනවා. අවුරුදු ගණනාවක් යනකොට ධනවාදී සමාජය තුළත් නිදහස සීමා වෙන්නන පටන් ගන්නවා. ඒක යම්කිසි ආකාරයට වැඩකරන ශ‍්‍රමික ජනතාව ඉදිරියට ඇවිත් එයාලගේ අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් සීමා කිරීම නිසා ඔවුන් නිදහස ඉල්ලන්න පටන් ගන්නවා. එතකොට නිදහස කියන ප‍්‍රශ්නය නැවතත් මතු වෙනවා. ඒ අනුව නිදහස කියන එක ඓතිහාසික වශයෙන් සාපේක්‍ෂිතයි. ඒ ඒ සංයුක්ත තත්ත්වයන් මත තමයි අනිවර්යෙන්ම නිදහස කියන එකේ අවශ්‍යතාවය අපි බලන්නේ.

එතකොට ජනමාධ්‍ය තුළ ධනවාදී සමාජයම වර්ධනය වූ ආයතනයක් ලෙස නිදහස හඳුන්වන්න පුුළුවන්. ඒ ධනවාදී සමාජයේ තිබූ මූලික තත්ත්වයම තමයි. ජනමාධ්‍ය තුළත් අඩුවැඩි වශයෙන් කි‍්‍රයාත්මක වන්නේ. ප‍්‍රාග්ධනය හිමි පංතියට, සම්පත් ඇති පංතියට  ඕන දෙයක් ප‍්‍රකාශ කිරීමට, තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට, තහවුරු කිරීමට සම්පූර්ණ නිදහසක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කිසිම ප‍්‍රාග්ධනයක් නැති, මාධ්‍යයක් නැති අයට ඒක පිළිගන්නවා හැර එයාලාගේ මතය කියන්න නිදහසක් නැහැ. එතනදී තමයි මාධ්‍ය නිදහස කියන ගැටලූව මාධ්‍ය තුළ ඇති වන්නේ. නමුත් කම්කරු පංතිය තමන්ගේ ම මාධ්‍යයක් ඇති කර ගන්නවා.

රටේ තියෙන පාලක පංතියේ එහෙම නැතිනම් සාවස්තික ආධිපත්‍ය, ලූමිනස් ආධිපත්‍ය, මතවාදී විදිහට මාධ්‍ය තුළ ඇති කරනෙ සමාජය තුළ ඇති කරනවා. එතකොට දස ලක්‍ෂ සංඛ්‍යාත සාමාන්‍ය මිනිසුන්ගේ මතවාදයන්ට එළියට එන්න අවස්ථාවක් නැති වෙනවා. එතකොට පාලක පංතියේ මතය තමයි එළියට එන්නේ. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ටත් ‘‘මේ බලවතුන්ගේ පාලක පංතියේ මතය තමයි’’කියන එක ලේසියෙන්ම තේරෙන්නේ නැහැ. මාධ්‍ය තුළින් ආකාර්ෂණය කරන අතර ප‍්‍රමානුකූලව ඒ ඒ සිදුවීම් මඟින් පාලක පංතියේ මතවාදයට අනුව අර්ථකතනය කරලා ඉදිරිපත් කරනවා. සමාජය තුළ යම්කිසි ආකාරයක සම්මුතියක්, මතේකත්වයක් ඇති කරනවා. එතකොට සමාජය තුළ ප‍්‍රශ්න විරෝධතා, ගැටලූ ඒ මොනවා තිබුණත් පාලක පංතියේ මතය ප‍්‍රබල වෙනවා. නිදහසක් නැහැ ඇත්තටම. හැමදේම මාධ්‍යය හිමිකාරීත්වය මත තමයි තීරණය වෙන්නේ. අදාළ සමාජයේ සිදුවන සිදුවීම්වලින් මොනවාද සමාජයට දියයුතු, ඒක අර්ථකතනය කරන්නේ හිමිකාරීත්වය තමයි. මාධ්‍ය නිදහස කියන එක යල් පැන ගිය, ඒ තරම් සාකච්ඡා නොවන මාතෘකාවක්.

එහෙම වෙන්නේ ඇයි ?

සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් පවතින නිදහසක් ඇත්තට ම ජනමාධ්‍යට නැහැ. උදාහරණයක් විදියට දේශපාලන හෝ සංස්කෘතික ආයතන, උසාවි, හිරගෙවල් වගේ ආයතන ගත්තම තියෙන්නේ ඒ වගේ නිදහසක්. අපිට දැන් නිදහස් වෙළඳපොළක් තියෙනවා. නමුත් අපට වුවමනා භාණ්ඩය මිලදී ගන්න බැහැනේ. ඒ ඇයි ? අපිට සල්ලි තියෙන්න  ඕනේ, අවශ්‍ය භාණ්ඩය තියෙන්න  ඕනේ. එහෙම නැතිව අපිට ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්නත් බැහැනේ. මාධ්‍යය්දීත් එහෙමයි. මට වුවමනා දේ ලියන්න නම් මාධ්‍යයක් තියෙන්න  ඕනෑ. තියෙන මාධ්‍යයකින් මං දකින සිදුවීම් ඒ විදියටම දාන එකක් නැහැ. ඒ ගොල්ලෝ ඒක නිෂ්පාදනය කරනවා. සංස්කරණය කරනවා. ඒ ගොල්ලන්ගේ මාධ්‍ය ආයතනයේ ප‍්‍රතිපත්තිවලට අනුව. ඒක යම්කිසි දේශපාලන පක්‍ෂයකට, කණ්ඩායමකට, රක්‍ෂණ සමාගමකට බැංකුවකට අයිති වෙන්න පුළුවන්. ඒ අයිතියත් එක්ක තමයි ඒ සිදුවීම එයාල අර්ථකථනය කරන්නේ. ඒ කියන්නේ අපි දකින පරමාදර්ශී මාධ්‍ය නිදහස කියන එක මිත්‍යාවක්.

එය මිත්‍යාවක් යැයි  කියන්නේ කොහොමද ?

රාජ්‍යය මාධ්‍ය එක් අදහසක් කියන කොට විපක්ෂයේ මාධ්‍ය ඒ අදහස ම කියනවා තවත් විදිහයකට. මාධ්‍යයන් විශාල ප‍්‍රමාණයක් සම්බන්ධතාවය තියෙන්නේ රාජ්‍යයක් එක්ක. නැති නම් විරුද්ධ පක්‍ෂයේ මාධ්‍යයත් අවසානයේදී රජයේ මතය ආසන්නයට ගිහින් තමයි ලිපිය අවසන් කරන්නේ. එහෙම නැතුව සමාජයක් පවත්වා ගෙන යන්නත් බැහැනේ. මාධ්‍ය නිදහස විද්‍යාත්මක සංකල්පය් නෙවෙයි. මතවාදී දෘෂ්ටියේදී තමයි ඒක සංකල්පයක් වෙන්නේ. මාධ්‍ය නිදහස සාකච්ඡුා කරන්නේ හුඟක් වෙලාවට සටන් පාඨයක් විදිහට. ආණ්ඩු පක්‍ෂයට විරුද්ධව විපක්ෂයේ අය තමයි මාධ්‍ය නිදහස ඉල්ලන්නේ. කවදාවත් ආණ්ඩුව මාධ්‍ය නිදහස ගැන කතා කරන්නේ නැහැ. මාධ්‍ය නිදහස අවශ්‍ය යැයි කියන පරමාර්ථයෙන් නෙවෙයි, ඒක මුවාවෙන් බලයට එන්න. මාධ්‍යට මහජනතාවගේ මතය ප‍්‍රකාශ කරන්න  ඕනෑ නම් ඡුමඉකසජ ඵැාස් ඇති අතිකර ගත යුතුයි. ඒකට කවුරුත් වෙළඳ දැන්වීම් දෙන්නේ නැහැ.

ඒ කියන්නේ මාධ්‍ය නිදහස කියන එක ගෝලීය වශයෙනුත් පවතින්නේ සංකල්පයක් ලෙස පමණයි. ශ‍්‍රාස්ත‍්‍රානුකූලව අධ්‍යනය කළ අය පවා ප‍්‍රාග්ධනය හිමි පංතියට හිමි නිදහසක් පමණයි කියන අදහසින් තමයි මාධ්‍ය නිදහස හඳුනා ගන්නේ.

මාධ්‍ය නිදහස සංවරණය  වෙන්නේ කොහොමද ?

 ඕනෑ ම සමාජයක,  ඕනෑ ම අවස්ථාවක යම්කිසි පාලන පංතියක් තමයි බලය අල්ලගෙන ඉන්නේ. ඒ පංතියේ වුවමනාවන් තමයි රාජ්‍ය මඟින් ඉෂ්ඨ කරන්නේ. පාලක පංතිය තමන්ගේ වුවමනාවන් ඉෂ්ඨ කර ගැනීම සඳහා මුලින් ම කරන්නේ මාධ්‍යයේ අයිිතිය තමන් අතට ගැනීම. අරගෙන ඒ ගොල්ලන්ගේ මතය ප‍්‍රකාශ කරනවා. එහෙම නැතිනම් එයාලට බලය පවත්වා ගෙන යන්න බැහැ. ජනමතය සකස් කරන්නේ මාධ්‍ය මගින් තමයි. මාධ්‍ය පිළිබඳව අපි කතා කරනවා. අපි ස්වාධීනයි, අපි අපක්‍ෂපාතියි කියලා. ඒ කියන්නේ මාධ්‍යම තමයි ඒ ගැන කතා කරන්නේ. ඒ වුණාට මාධ්‍යට පක්‍ෂපාතී නොවී ඉන්න බැහැනේ කවදාවත්. කුමන හෝ පැත්කට පක්ෂපාතී විය යුතුයි. මෙහිදී පක්‍ෂපාතියි කියන්නේ දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වෙනවා කියන එක නොවෙයි. උදාහරණයක් විදියට ගත්තොත් අපි රජයේ ගුවන් විදුලියෙන් සුභාරති සේවයට කතා කරලා අනුරාධපුර ගොවීන්ගේ වී ගොවිතැන ගැන රජයෙන් ප‍්‍රශ්න කරනවා. එතනදී මාධ්‍ය පක්‍ෂපාතී වෙන්නේ ගොවීන්ට. අනිවාර්යෙන්ම යම්කිසි දෙයකට පක්‍ෂපාතී වෙන්න  ඕනේ. එහෙම නැතිව බැහැ. මේ වගේ හරිම සංකීර්ණයි. අවම වශයෙන් දැන්වීම්කරුවන්ට හෝ පක්‍ෂපාතී වෙන්න  ඕනේ. අපේ රටේ මාධ්‍යවලින් 80% කට වඩා වඩා යැපෙන්නන් වෙළඳ දැන්වීම්වලින්. ඒ නිසා ජනමාධ්‍ය කිසියම් ප‍්‍රමාණයකට වෙළඳ දැන්වීම්කරුවන්ටත් පක්‍ෂපාතී විය යුතුයි. පහුගිය දවස්වල කොකාකෝලා ආයනයට වුණු දේ කිසිම මාධ්‍යයකින් වාර්තා කළේ නැහැ. ඒක වාර්තා කළා නම් එයාලා දැන්වීම් දෙන්නේ නැහැ. එතකොට මාධ්‍ය නිදහසක් තියෙනවාද?

ජාතික සංවර්ධනයට, ජාතික සංහිඳියාවට මාධ්‍ය නිදහස බලපාන්නේ කෙසේද ?

බහු වාර්ගික, බහු ජාතික, බහු සංස්කෘතික රටකට, සමාජයට ඒ හැම ජාතියක ම ජනවර්ගික ශක්‍යාතවයන් මතුකරලා ගන්න අද තියෙන එකම ක‍්‍රමය තමයි ‘‘සංහතික මාධ්‍ය’‘ ය. ඒ කියන්නේ ජනමාධ්‍යය. එතකොට ඒ මාධ්‍ය ඒ හැම ජන වර්ගයකම තියෙන ප‍්‍රශ්න, ගැටලූ ඉදිරිපත් කරමින් ඒවාට මතවාදයක් ඇති කළ යුතුයි. ජාතික සංහිඳියාව ඇති කරන්න නම් මාධ්‍ය මඟින් යම්කිසි ආකාරයක මතේතත්වයක්. ඒ කියන්නේ සම්මුතියක් ඇති කරන්න  ඕනෑ. හැම කෙනාටම මාධ්‍ය නියෝජනයක් තියෙන්න  ඕනෑ. දේශපාලනික, සංස්කෘතික ආගමික ආදී වශයෙන්. එහෙම වුණොත් තමයි අපි හැමෝට ම ලාංකික මතවාදයක් ඇතිකර ගන්න පුළුවන්. දැන් තියෙන වෙළෙඳපොළ ආධිපත්‍යයත් එක්ක ඒ දේ කරන්න බැහැ. ඒ තුළ විවිධ ජනවාර්ගිකත්ව, ආගමිකත්ව මතු කරලා පෙන්වනවා. ඒ තුළ ගැටුම්කාරී බවක් ඇති වෙනවා. ඒක නිසා මාධ්‍ය තුළ සාපේක්ෂ වශයෙන්, විශේෂයෙන් ම බහු වාර්ගීය සමාජයක් තුළ තොරතුරු ප‍්‍රකාශනයට ඉදිරිපත් කිරීමට සාපේක්‍ෂ නිදහසක් තිබිය යුතුයි. එහෙම නැති නම් ඒවගේ තොරතුරු සමාජයට එන්නේ නැහැ. එහෙම නොඒම තුළ දැවැන්ත සමාජ ප‍්‍රශ්න ඇති වෙනවා.

ප‍්‍රශ්චාත් යුධ ලංකාව තුළ මාධ්‍ය භාවිතා කළ යුත්තේ කෙසේද ?

පශ්චාත් යුධ ලංකාව තුළ දී සංවර්ධනාභිමුඛ මාධ්‍ය භාවිතයක් අවශ්‍යයි. ලංකාව නවීකරණයවීම, නූතන ලංකාවක් ගොඩනැඟීම පිළිබඳව කියන්නට මාධ්‍යයක් අවශ්‍යයි. නමුත් ඒකට කිසිම මාධ්‍යයක් උත්සුක වන බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. හේතුව මොකක්ද ? ලාභය පදනම් කරගත් මාධ්‍ය වෙළෙඳාමක් නිර්මාණය වීම. ධනවාදය මඟින්නේ මාධ්‍ය කි‍්‍රයාත්මක වෙන්නේ. නමුත් අද පළවන ප‍්‍රවෘත්ති බොහෝම උද්වේගීකාරී, ප‍්‍රචණ්ඩකාරී, සංවේදී ප‍්‍රවෘත්ති තමයි පළ වෙන්නේ. එයාලට වුවමනා කරන්නේ එවැනි ප‍්‍රවෘත්ති. ඒ නිසා එයලා එවැනි ප‍්‍රවෘත්ති නිර්මාණය කරනවා. මවනවා. පශ්චාත් යුධ සහ පශ්චාත් යටත්විජිවාදී මෙවැනි සමාජයක තියෙන සමාජ පංති, සමාජ කණ්ඩායම් අතර පවතින ප‍්‍රතිවිරෝධතාවයන් නිසා බොහෝම තියුණු විදියට ජනතාවට තොරතුරු දෙන්න පුළුවන් මාධ්‍ය යාන්ත‍්‍රණයක් තියෙන්න  ඕනෑ. එතකොට ඒවා ජාතික ප‍්‍රතිපත්තියකට අනුව ගන්න තොරතුරුවලට අනුව තමයි සංවර්ධන සැලසුම් මෙහෙයවන්න  ඕනැ. ඒකට නම් මාධ්‍යය සක‍්‍රීයකරණය කරගන්න  ඕන.

සාමාජික ස්ථාවර සහ විශේෂිත සංවර්ධනයක් ඇති කරන්න නම් තිරසාර තොරතුරු ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. පුද්ගලික මාධ්‍යනුත් ඇතුළත්ව හොඳ ප‍්‍රතිපත්තියක් නිර්මාණය කර ගත යුතුයි. ඒකට සමාජයේ බලපෑම් කණ්ඩායම්, සිවිල් සමාජය, ඉදිරිපත් වෙන්න  ඕනෑ. දේශපාලඥයින්ට අධ්‍යක්‍ෂවරුන්ට පවතින තත්ත්වය හොඳයි. මෙතන තියෙන්නේ ව්‍යුහාත්මක ගැටලූවක්. ඒ ගැටලූව විසඳීමටත් ව්‍යුහාත්මක ප‍්‍රවේශයක් තමයි අවශ්‍ය වෙන්නේ. එක මාධ්‍ය ආයතනයක් හරි ගැස්සුවා කියලා ගැටලූව විසඳෙන්නේ නෑ. පවතින්නේ ව්‍යුහාත්මක ගැටලූවක් නිසා සමාජ, ආර්ථික ප‍්‍රතිපත්තියේ ඉඳලම ඒ ප‍්‍රතිපත්තිය සකස් විය යුත්තක්. සිවිල් සමාජය, දේශපාලඥයෝ, බුද්ධිමත්හූ මේ ඔක්කොමත් එක්ක ලොකු සංවාදයකට ගිහින් ඇති කරගන්න පුළුවන්. ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව වැන රටවල් අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ ගැන කතා කරල තමයි. ගැටලූව විසඳා ගත්තේ.

අපේ රට කොහොමද  ඔය ගැටලූව විසඳ ගන්නේ ?

අපේ රටේ එහෙම කතිකාවතක් ගියේ නැහැනේ. මාධ්‍යයේ ප‍්‍රධානම දේ තමයි නිදහස් මත ප‍්‍රකාශ කිරීමේ වේදිකාවක් නිර්මාණය කිරීම. එතනදී රාජ්‍යය කියන ආයතනය ප‍්‍රමුඛ වුණත් නිදහස් මත ප‍්‍රකාශ කිරීමට එය බාධාවක් නොවිය යුතුයි. දැන් තියෙන තත්ත්වය අනුව, ඒ කියන්නේ අවර ගණයේ ටෙලිනාට්‍ය පෙන්වීම කවුරුත් අනුමත කරන්නේ නැහැ. ඒවාට මොනවා හරි පිළියමක් යොදන්න  ඕනෑ. මාධ්‍ය නිදහස ඒක ජාතික සංවර්ධනයට, ජාතික සංහිඳියාවට බලපාන ආකාරය ඔය ඔක්කොම එකට එකතු කරන්න පුළුවන්. එකක් නැහැ කියලා ඒක කරන්න බැහැ. සමහර විට නිදහස  ඕනවට වඩා තිබුණොත් සංහිඳියාව නැති වෙන්නත් පුළුවන්. ඒකත් ගැටලූවක්. ඒ කියන්නේ යම්කිසි සංයුක්ත තත්ත්වයකට අනුවනේ ඒක ක‍්‍රියාත්මක වෙන්නේ ඒ තත්ත්වයට අනුව තමයි මාධ්‍ය නිදහසත් කි‍්‍රයාත්මක විය යුත්තේ.

සංවාද සටහන – බුද්ධිමා දිසානායක

LeP

Recommended For You

About the Author: Admin