ජල පානය කොතරම් වැදගත් ද ?

වර්තමානයේ බොහෝ දෙනෙක් ජලය පානය කරන්න කිසිම උනන්දුවක් නැහැ. ඒ අතර පාසල් හා උපකාර පන්ති යන ළමුන් ප්‍රධානයි. ඔවුන් ජලය පානය කරන්නේ බොහොම අඩුවෙන්.

මොවුන් ජලය පානය කිරීමට මැලිවීමට ප්‍රධාන හේතුව තමයි වැඩිපුර ජලය පානය කළොත් නිරත නිතර වැසිකිළි යාමට සිදුවීම. එහෙත් වෛද්‍ය විද්‍යාත්මකව මෙය ඉතාම හානිකර තත්ත්වයක්. බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන තත්ත්වයක්.

නිරෝගී දිවියක් සඳහා දිනකට ජලය ලීටර හයක් පමණ අවශ්‍ය බව වෛද්‍යවරු කියනවා. වර්තමාන කාර්ය බහුල සමාජයට මේ ගණන හිතා ගන්නවත් බැරි තරම් විශාල අගයක්.

ජලය අඩුවෙන් පානය කිරීම හේතුවෙන් ඇතිවිය හැකි රෝගාබාධ ගැන ඔබ කොතරම් දැනුවත්ද ? වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට මුත්‍රාශයේ ගල් හට ගන්නේ අඩු ජල  පානය හේතුවෙන්. මේ මුත්‍රාශ ගල් නිර්මාණය වන්නේ මිනිස් සිරුරේ ඇති පට්ටිකාවලින්. මේ රෝගය වකුගඩුවල සිට මුත්‍රා ජීවනාලය දක්වා යන මාර්ග තුළ හට ගැනීම සිදුවෙනවා.

වසය අවුරුදු 20-40 අතර කාලය තුළ මෙම රෝගය බහුලව වැළඳිය හැකියි. මෙම රෝගයට බහුලව ගොදුරු වන්නේ පිරිමින්. පිරිමින් තිදෙනකුට ගැහැනු එකක් වශයෙන් තමයි ඒ අනුපාතය.

රෝගයට හේතුවන කරුණු

මුත්‍රාශයේ ගල් ඇති වීම කෙරෙහි කරුණු තුනක් බලපානවා.

1. හයිපර් කැල්සියම්, යූරියා ශරීරය තුළ ඉතා අවමය හෝ ඉතා අධික වීම.

2. ලේවල කැල්සියම් වැඩවීම.

3. රුධිරයේ යූරීඞ් සංඝටක වැඩවීම.

රෝග ලක්ෂණ

මෙම රෝගය වැළඳුණු අයෙක් තුළ පහත සඳහන් රෝග ලක්ෂණ දැකිය හැකියි.

1. අධික බඬේ කැක්කුම (තුනටිය ඉඳිමීම, වෘෂණ කෝෂ දක්වා දිවයන තද කැක්කුම)

2. බඩ දැවිල්ල.  වමනය, හිසරදය වැනි රෝග ලක්ෂණ.

3. ඇතැම් විට මුත්‍රා සමග රුධිරය පිටවීම.

රෝගය පාලනය කළ හැකි ආකාරය.

1. දිනකට අවම වශයෙන් ජලය ලීටර් හයක් පමණ පානය කිරීම.

2. කැල්සියම් අන්තර්ගත සමබර ආහාර වේලක් ගැනීම.

3. දිනකට මුත්‍රා ලීටර් තුනක් පමණ පිට කිරීම.

නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය ඩබ්ලිව්. එම්. මදුරංග මතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිණි.

LeP

Recommended For You

About the Author: Admin