ප‍්‍රංශයේත් සුදුවෑන් භීතිකාවක්

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය පුවතක් නිසා ප්‍රංශයේ ජන ප්‍රජාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ළමුන් පැහැර ගන්නා බවට අසත්‍ය පුවතක් පැතිර යාමත් සමග ප්‍රංශයේ රෝමා ජන ප්‍රජාව වෙත ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත. කෙසේ වෙතත්ල .සුදු පැහැති වෑන් රථයක සිටින මිනිසෙකු. මාර්ගවල සිටින දරුවන් පැහැර ගන්නා බවට පළ වී ඇති අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන්, කිසිදු තොරතුරක් හමු නොවූ, බව පොලිසිය පවසයි. පොලු මුගුරුවලින් රෝමා ජන ප්‍රජාවට පහර දුන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ සඳුදා රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණෙන පුද්ගලයෙකු විසින් දරුවන් සහ තවත් පුද්ගලයින් පැහැර ගන්නා බවට පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය පුවත් හේතුවෙන් එය ගණිකා වෘත්තියට හෝ නීති විරෝධී අවයව ජාවාරමකට සම්බන්ධ බවට අදහස් පළ වියග ඇතැම් විට වෑන් රථය රතු පැහැතිය, වෙනත් ප්‍රදේශයක එය කහ පැහැතියග එසේ නැතහොත් අදාළ පුද්ගලයා බල්ගේරියානු හෝ රුමේනියානු සම්භවයක් සහිත අයෙකි. මෙවැනි ආරංචි වට්ස්ඇප්ල ස්නැප්චැට් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වී තිබිණි. එහෙත්ල එවැනි සිද්ධියක් පිළිබඳව කිසිදු සාක්ෂියක් ලැබී නැත.

ඇත්තට ම මොක ද වෙන්නේ?

වෑන් රථයකින් ළමුන් පැහැර ගන්නා බවට පළ වූ කටකතා කිසිවක් තහවුරු වී නැහැ. කිසි ම පැහැර ගැනීමක් ගැන අනාවරණය වී නැහැ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැරිස් පොලිසිය සඳහන් කළේය. මේ අසත්‍ය තොරතුරු ෂෙයා කරන්න එපා, ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අනුබල දෙන්න එපා, පැරිස් පොලිසිය අනතුරු ඇඟවීය.

සඳුදා දිනයේදී එම පහර දීම සිදුව ඇත්තේල පැරිස් නගරයට ඊසාන දෙසින් පිහිටි ‘Clichy-sous-Bois’  සහ ‘Bobigny’ ප්‍රදේශවලයග ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේල ප්‍රහාරකයින් බේස්බෝල් පිතිල පිහි සහ ගල් මුගුරු රැගෙන පැමිණ ඇති බවයග එම පිරිසට 70 දෙනෙකු පමණ අයත් වූ බව වාර්තා විය. පොලිසිය මෙන් ම නගරයේ බලධාරීන් ද පවසන්නේල අතුරුදන් වීමක් හෝ පැහැර ගැනීමක් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවය.

මේ අතරල ළමුන් පැහැර ගන්නන් බවට සැක කර වෑන් රථ රියැදුරන් කිහිප දෙනෙකුට පහර දෙන දර්ශන ඇතුළත් වීඩියෝ ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වෙමින් පවතීග ඇතැම් ප්‍රංශ මාධ්‍ය ආතනය අනාවරණය කර ඇත්තේ, අදාළ ඡායාරූප වසර ගණනකට පෙර ගනු ලැබූ ඒවා බවය. මේ අතරල මෙම වෑන් රථ භීතිය ,නාගරික මිථ්‍යාවක්, බවට ඇතැම් මාධ්‍ය හඳුන්වා තිබේග කෙසේ වෙතත්ල ළමුන් පැහැර ගැනීමේ අවදානම සැලකිය යුත්තකි.

2017 / 18 වසරවල එක්සත් රාජධානියේ ළමුන් 1189 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධි වාර්තා වී තිබේ. ඉන් 20‍%ක් පවුලේ ඥාතීන් විසින් දල 40%ක් ඥාතීන් නොවන දරුවා හඳුනන අය විසින් දල 40%ක් නාඳුනන පුද්ගලයින් විසින් ද පැහැර ගනු ලැබ තිබේග කෙසේ වෙතත්ල ඉන් බොහොමයක් අසාර්ථක පැහැර ගැනීමේ උත්සහයන් බව වාර්තාවල දැක්වේ.

Recommended For You

About the Author: Admin