
කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අභිනවයෙන් ඉදිකෙරෙන ගොඩනැඟිලි සංකීර්ණයේ මංගල ශිලා ස්ථාපනය කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහි දී විශේෂ අනුශාසනාවක් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින්වහන්සේ විසින් සිදුකරනු ලැබීය.
කැලණිය විශ්විවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන් ද, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
LeP