රවි ගෙවන්නේ සියඹලාපිටියගේ පවු

පසුගිය 24 වැනි ඉරිදා අගමැතිවරයාට විශේෂ දිනයක් වියග ඒ ඔහුගේ 70 වෙනි ජන්ම දිනය එදිනට යෙදී තිබීම යග සාම්ප්‍රදායික උපන්දින සැමරුම් වෙනුවට ඔහු එදින හම්බන්තොටදී ඉතිහාසයේ මෙරටට ලැබුණු ඩොලර් බිලියන 4ක දැවැන්ත ආයෝජනය සඳහා මුල්ගල් තැබීයග ඕමාන් සහ සිංගප්පූරු රජය සහ සමාගම් එක්ව එකී ආයෝජනය දියත් කළ අතර 1967න් පසු මෙරට බිහිකරන තෙල් පිරිපහදුව හා විශාල සිමෙන්ති කම්හලක් ඊට අයත් වේග ඇමති සජිත් ප්‍රේමදාස එම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්තිමත් පදනමක් දමා තිබිණග

,ඕමාන් රජය මේකට සම්බන්ධ නෑ කියල පොහොට්ටුවේ අය මඩ ගැහුවත් එරට ඛණිජතෙල් හා ස්වාභාවික ගෑස් අමාත්‍යවරයා උත්සවයට ඒමෙන් ඔවුන්ගේ කට වැහුණා, සජිත් ප්‍රේමදාස එහිදී කීවේ එවැන්නකිග

අගමැති රනිල්ගේ උපන්දිය සැමරුම

එම උත්සවය නිම කල අගමැතිවරයා හා ඕමාන් ඇමති කොළඹ පැමිණ තීරණාත්මක සාකච්ඡා වටයක් ද නිම කළේයග අනතුරුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැසක් අරලියගහ මැදුරට කැඳවූ අගමැතිවරයා ඔවුන්ගේ අවශ්‍යතා රාශියක් ඉටුකිරීමට පියවර ගත්තේ යග එසේම එදින රාත්‍රියේ තම පවුලේ හිතවතුන් සමග උපන්දිනය සැමරී මටද ඔහු අමතක කළේ නැතග

සඳුදා උදෑසන විශේෂ ආරාධිතයන් රැසකට තම උපන්දිනය වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක් අරලියගහ මැදුරේදී පැවැත්වීමටද කටයුතු යොදා තිබිණග තවද එදින රාත්‍රියේ ආණ්ඩුවේ මැති ඇමතිවරුල උසස් රාජ්‍ය නිළධාරීන්ල තනාපතිවරුන්ල ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකට රාත්‍රී භෝජන සංග්‍රයක්ද අරලියගහ මැදුරේ ප්‍රධාන ශාලාවේදී සංවිධානය කොට තිබිණිග

,අගමැතිතුමා මනාප ලක්ෂ 5 ඉක්ම වූ එකම දේශපාලකයා යිග පස්වරක් අගමැති වූ අගමැතිතුමා ලංකා විශ්ව විද්‍යාලයකින් උපාධිය ගත් එකම නායකයා යිග ගුරු විද්‍යාපීඨල තරුණසේවා සභාවල ආයෝජන කලාප වගේ විශාල සේවා රැසක් කරලා පක්ෂ නායකයා ලෙස දීර්ඝම කාලයක් සිටියේත් රනිල් අගමැතිතුමා යිග ඔහු හොරකමට හා මැරකමට විරුද්ධ හා ප්‍රජාතන්ත්‍රවාදය ජනමාධ්‍ය නිදහස හා සියළු ජාතීන්ගේ මානව හිමිකම් රකින්න වගේ ම ජාත්‍යන්තර සබඳතා තර කරන්නත් කැපවූ ප්‍රධානතම ලාංකිකයායි, ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් උණුසුම් ප්‍රතිචාර ලැබිණග

රවි ගෙවන්නේ සියඹලාපිටිගේ පව්ලූ

බ්‍රහස්පතින්දා උදේ ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමති රුවන් විජයවර්ධන ඇතුළු නිළධාරින් සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ අගමැතිවරයා අනතුරුව පැමිණ සිටි සෙසු මැති ඇමතිවරුන් සමගද කතාබහ කළේ යග

,ගහෙන් ගෙඩි එන්න වගේ විදුලිය කපපු එක හරි ප්‍රශ්නයක්ග රවීටත් මේකෙන් ගැලවෙන්න විදියක් තිබුණෙ නෑග ඔහුගේ ඔඩොක්කුවට සියල්ල කඩාපාත් වුණාග, දයා ගමගේ කීවේ ය.

පහුගිය වසර 4 ම විදුලිය තිබුණේ ශ්‍රීලනිප ඇමතිකෙනෙක් අතේග මේක ගැටගගෙන ගියා මිසක් දිගුකාලීන කිසි දෙයක් අපි කියපුව කෙරිල නෑග ඒත් වගකීම ශ්‍රීලනිපයට පවරල අපිට අත හෝදගන්න බෑග ආණ්ඩුවක් හැටියට අපිට වගකීම භාරගන්න වෙනවා, අගමැතිවරයා කීවේ බැරෑරුම් ලෙස නලළ රැළි ගන්වමිනි.

,හැබැයි මේ ඇමතිකම බැරිවෙලාවත් එජාපෙ කෙනෙකුට තිබුණනම් ශ්‍රීලනිප ඉහල සිට පහල අය අද කතාකරන හැටි බලන්න තිබුණාග ඒත් එජාපෙ අපි ඒ සාමූහික වගකීම බාරගන්නා බව අගමැතිතුමා කියන එක ඉතාම වැදගත්, චමින්ද විජේසිරි කීවේ ය.

,අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය ක්ෂණිකව එන්න තිබුණු විදුලි හිඟය ගැන බැලුවෙ නැති එක අඩුපාඩුවක්ග ජෙනරේටර් තියන අයට ඒවා පාවිච්චිය දිරිමත් කරන්න මණ්ඩලය ගෙවීම් කරන බවට මීට වඩා රට දැනුවත් කරන්න ඕනෑග අමාත්‍යාංශයේ හා මණ්ඩලයේ නිළධාරීන් කියන දේම අහල මේක කරන්න බෑග, දයා ගමගේ කී දේ අගමැතිවරයා ඇතුළු සියළු දෙනා අනුමත කළහ.

,බැදුම්කරයට අදාලව තව කීපදෙනෙක් ඇතුලට ගත්තාග ඔවුන් ඒ සමාගම්වල සාමූහික වගකීම් දරපු නිළධාරීන්ග ජනතාව කැලබෙනවා කියලා ඔවුන්ට ඇප නොලැබීම ගැන නීති ක්ෂේත්‍රය මවිත වෙනවාග පොහොට්ටුවේ මහ හොරුන්ට ඇප දෙනකොට ජනතාව කැලබෙන්නෙ නැද්ද දන්නේ නෑ, හේෂා විතානගේ කීවේ සිනා මැද ය.

,එල්ගඑන්ගජී ප්ලාන්ට් 3ක් ඉන්දියාව චීනය හා ජපානයෙන් එන්න තිබුණාග ඒත් ඒවා වෙලාවට නොකිරීමත් විදුලි අර්බුදයට හේතුවක්ග සූර්ය බල ශක්තියටත් මීට වඩා අවධානය නොකෙරුවේ ඇයිග විදුලිබල මණ්ඩලයේ රස්සාවල් දීලා විතරක් විදුලි අර්බුද විසදන්න බෑග, යැයි කී අගමැතිවරයා ඉවත බලාගත්තේ ය.

,ජිනීවා අල්ලලා ජනාධිපතිතුමා එක පාරට ලොකු ප්‍රහාරයක් දුන්නාග වසර 2ක් අපට නිදහසේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩදීපු එක එතුමා මතක් නොකිරීම පුදුමයිග, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

ජනපති වාර්තාවයි යෝජනාවයි පටලවා ගෙන

,2001 එජාප ආණ්ඩු කාලෙදී රෝම ප්‍රඥප්තිය රනිල් අගමැතිතුමා අත්සන් නොකළ නිසා මේ රටේ රණවිරුවන් හා දේශපාලකයින් කිසිම කෙනෙකුට ගැටලු ඇතිවෙන්නෙ නෑ කියල ශ්‍රීලනිපයේ මහින්ද සමරසිංහ මතක් කරපු එක කවුරුත් හිතට ගන්න ඕනෑ, මුජිබර් රහුමාන් කී දේ සියළුදෙනා අනුමත කළහග

,ජනාධිපතිතුමාට තමන්ගෙ ස්ථාවරය කියන්න අයිතිය තියනවාග ජිනීවා තානාපති අත්සන් කළේ යෝජනාවට යිග වැදගත් වෙන්නෙ ඒ යෝජනාව නෙවෙයිග ජිනීවා වාර්තාවයිග ලංකාව ඒකට අත්සන් කරල නෑග වාර්තාවයි යෝජනාවයි පටලවාගන්න නරකයිග, එජාප නීති නිළධාරීයෙක් කීයග

,ශ්‍රීලනිපයේ අති බහුතරයක් ආපහු ජාතික ආණ්ඩුවක් හදන්න උනන්දුයිග, දයා ගමගේ කීවේ අගමැති දෙස බලාය.

ඔව් ඒ ගැන නිල නොවන මට්ටමේ සාකච්ඡා යනවාග අපි බලමු වඩාත් හොද දේට ප්‍රමුඛත්වය දෙමුග, අගමැතිවරයා කීවේ ය.

ර්‍ණහැබැයි ඉස්සර වගේ මැති ඇමතිකම් හා වරප්‍රසාදත් භුක්තිවිදිමින් ආණ්ඩුවට කකුල් මාට්ටු දාන බොරු විවේචන කරන අයත් එක්ක නම් ඔය ජාතික ආණ්ඩු වැඩක් නෑග සාමූහික වගකීම් දරමින් හදවතින්ම ආණ්ඩුවේ කටයුතු වලට හා ජනතා සේවයට කැපවෙන ජාතික ආණ්ඩුවකූයි යලිත් බිහිකරනවානම් බිහිකළ යුත්තේ, දයා ගමගේ කී කතාව අගමැති ඇතුළු සියළුදෙනාම අනුමත කළහ.

කලාකරුවන්ට කරගෙන් අතහිත

ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියෙක් අසනීප තත්වයෙන් පසු වන බව හෝ අසරණව සිටින බව දැනගත් සෑම විටකම පාහේ කෙතරම් වැඩ කටයුතු බහුල වුව ද ඔවුන්ගේ සුවදුක් විමසා බලා පුද්ගලිකවම ගොස් අප්‍රසිද්ධියේ යම් උපකාරයක් කිරිම කරු ජයසූරිය මහතාගේ සිරිත ය.

නමුත් මෙලෙස කලා කරුවන් හමු වන්නට ගිය බොහෝ අවස්ථාවල මින් දශක දෙක ‍තුනකට පෙර කලා කෙත පෝෂණය කළ අතිශයින් දීප්තිමත්ව බැබළුණු කලාකරුවන් අසරණවල හුදකලාව ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටින අයුරු අත්දැකීමට කරු ජයසූරිය මහතාට සිදු වියග  එනිසාම වසර කිහිපයක සිටම ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් යම් සුරක්ෂිතතාවයක් ඇති කිරිමට රජයේ මැදහත් වීමෙන් වැඩපිළිවෙලක් සැකසිය යුතුය යන ස්ථාවරය දැරුවේ එය යහපාලන ආණ්ඩුව බිහි කරන අවස්ථාවේ තමාද පුද්ගලිකවම කලාකරුවන්ට  ලබා දුන් පොරොන්දුවක් වූ නිසායග කථානායකවරයාට මෙවර ඒ පිලිබඳව යෝජනා කිහිපයක් අයවැය යෝජනාවන්ට ඇතුලත් කිරීමට හැකි වුනේ මුදල් අමාත්‍යවරයාද ඒ වෙනුවෙන් කළ ඉල්ලීමට ඉතාමත් උනන්දුවෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වීම නිසා ය.

මේ අනුව සංගීත ක්ෂේත්‍රයේ ශිල්පීන්ට සිය නිර්මාණ ජනමාධ්‍ය තුලින් විකාශනය කිරීමේ දී ඒ වෙනුවෙන් යම් කර්තෘභාගයක් ගෙවීම සඳහා කටයුතු කිරීමල  දශක ගණනාවක් කලා කරුවන්ට තෝතැන්නක් වූ ජෝන් ද සිල්වා සමරු රඟහල යලි නඟා සිටුවා ජෝන්  ද සිල්වා භාර අරමුදලක් පිහිටුවා කලාකරුවන්ගේ සුභසාධනය සැලසීමල ඔවුන්ගේ නිර්මාණ එළි දැක්වීම සඳහා එම සමරු රඟහල පරිශ්‍රයේ සුදුසු වාතාවරණයක් සැලසීම ආදිය පිළිබඳව අයවැය යෝජනාවන්ට සමගාමීව සාකච්ඡා කිරීම සඳහා මූලික කතිකාවක් පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ  පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලයේ දී පැවැත්විනිග මේ සඳහා ජ්‍යෙෂ්ඨ සංගීතඥයන් කිහිප දෙනෙකුටද ඇරයුම් කෙරුනේ ස්වකීය නිර්මාණයන් සඳහා කර්තෘභාගයන් ගෙවීමේ කටයුතු කෙලෙස සැලසුම් විය යුතු ද යන්න පිලිබඳව ඔවුන්ගේ අදහස් ලබා ගැනීම පිණිස ය.

කථානායකවරයා මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාව ද කැඳවා ගත්තේ මේ වන විට අයවැයෙන් සලසා ඇති ප්‍රතිපාදන යොදවන ආකාරය පිලිබඳව කලාකරුවන්ට පැහැදිලි කිරීම සඳහායග රාජ්‍ය අමාත්‍ය  එරාන් වික්‍රමරත්න මහතා  ඉතා මැනවින් කළ කරුණු දැක්වීම සහ ඉදිරිපත් කළ සැලසුම් කලාකරුවන්ගේ ප්‍රසාදයට හේතු වියග මෙහිදී කථානායකවරයා කීවේ මේ පිළිබඳව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද විශාල අවබෝධයකින් සහ හැඟීමකින් කටයුතු කරන  බැවින්ල ඔහු සමගද සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බවය.

කෙසේ වෙතත්ල  තවදුරටත් පුළුල් ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සුදුසු බව ද මෙහිදී තීරණය කෙරිණිග  තමන් පිලිබඳව සොයා බලා ජාතික වගකීමක් ඉටු කිරීමට විශාල හැගීමකින් යුතුව මැදහත් වීම පිලිබඳව කලා ශිල්පීහු කථානායකවරයාට සිය කෘථවේදීත්වය පළ කළහ. 

ඉසිවර වෙදැඳුරෙක් කරු හමුවෙයි

මේ අතරල වසර 30 ක සිය වෛද්‍ය වෘත්තියේ දී වැඩි වසර ගණනක් දින 365 ම සේවය කළ අපූර්වතම වෛද්‍යවරයෙකු ගෙවී ගිය සතියේ කථානායකවරයා හමු වුනේ දිස්ත්‍රික් 306 සී 1 හංවැල්ල රාජසිංහ සිංහ සමාජය සිය අනිවාර්ය සමාජ සේවා ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ පිළිකා රෝගය පිලිබද උපදේශාත්මක චිත්‍රපටය කථානායකවරයාගේ සුරතින් එම රෝහල වෙත පිරිනැමුණු අවස්ථාවේ දීය.  මෙම ආදර්ශමත් අපූර්වතම වෛද්‍යවරයා වූයේ මහරගම අපේක්ෂා රෝහලේ වර්තමාන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතායග  වසරේ දින 365 ම අඛණ්ඩව සේවය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ ග ඒ නිසාම සිංහ සාමාජිකයෝ පෞද්ගලිකව ජීවිතයට මෙම වෘත්තිය කැපවීම බලපෑ ආකාරය වසන්ත දිසානායක මහතාගෙන් විමසුහග  ඔහු කී‍වේ  ර්‍ණසෙනසුරාදා ඉරිදා තමයි ගොඩක්ම අමාරු වුනේග  හැබැයි ඉතින් මම කළේ දරුවන්වත් පිළිකා රෝහලට එක්ක ගෙන ඇවිත් මාගේ කාර්යාලයේ තියා ගන්න එකයිග”   ර්‍ණරෝගී ජීවිත ප්‍රාණ ඇපයට තබා වෘත්තිය ක්‍රියාමාර්ගයන් හි අවසන් ආයුධය මුලින්ම අතට ගන්න පිරිසක් ලෙස වෛද්‍යවරුන්ට ඇතැම් විට චෝදනා එල්ල වුව ද මුළු ජිවිතයම රෝගීන් වෙනුවෙන් කැප කර පාරමිතා පුරන වෛද්‍යවරු ද අප සමාජයේම  සිටින බව ඉන් පැහැදිලි වන බව කථානායකවරයා කීවේ මෙම කථාවට ප්‍රතිචාර දක්වමිනි.

මෙම අවස්ථාවට සිංහ සමාජය වෙනුවෙන් දිස්ත්‍රික් 306 සී සිංහාධිපති  සිංහ   සරත් විජේචන්ද්‍රල  306 සී පෙර සිංහාධිපති අමරා දිසානායකල  අතිරේක කැබිනට් ලේකම් සිංහ අමල් පුස්සැල්ලගේල  රාජසිංහ සිංහ සමාජයේ  සභාපති  සිංහ ලලිත් ධර්මප්‍රිය ල එම ව්‍යාපෘතිය  සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය සැපයු සිංහ  පාලිත  බාලසුරිය යන  මහත්වරු ඇතුළු සිංහ සමාජයේ  නිලධාරීන්  පිරිසක්ද  එක් වූහ.

වැය ශීර්ෂය පැරදුණත් චම්පික පරාද නැහැ

ඇමැති චම්පිකගේ බස්නාහිර පළාත් සංවර්ධන හා මහ නගර සභා අමාත්‍යාංශයේ සහ ඇමැති වජිර අබේවර්ධනගේ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පසුගිය දා කාරකසභා අවස්ථාවේදී සාකච්ඡුාවට ගැනුණා. එහිදී චම්පිකගේ වැය ශීර්ෂය ගැන විවාද කළ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සේම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ද චම්පිකගේ කාර්යභාරය දැඩිව අගය කළා. ඒ අතර හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ එජාපයේ එස්.එම් මරික්කාර් විශේෂයි.

නිමල් සිරිපාද සිල්වා චම්පිකගේ කාර්යභාරය අගය කරමින් කියා සිිටියේ චම්පික කොළඹ නගරයේ කැළිකසළ ගැටලූව විසඳීමට ගත් පියවර නිර්භීත වගේම නිර්මාණශීලී එකක් බවයි. කොළඹ කසළ ගැටලූව විසඳුවා වගේම රටේ ම කසළ ගැටලූ විසඳන්න පියවර ගන්නා මෙන් නිමල් සිරිපාල ද සිල්වා ඇමැති චම්පිකගෙන් ඉල්ලා සිටියා.

එජාපයේ එස්.එම්. මරික්කාර් මීතොටමුල්ල කුණු කන්ද ඉවත්කර ඒ මත හරිත උද්‍යානයක් නිර්මාණය කිරීමට ඇමැති චම්පික ගත් පියවර අගය කළා. එහිදී මරික්කාර් තවත් කරුණක් ගැන චම්පිකගේ අවධානය යොමු කළා. ඒ ඇමැතිවරයෙක් නොව ජාතික නායකයෙක් ලෙස චම්පික වර්ධනය විය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය කරන සියලූම හැකියා චම්පික සතු බව මරික්කාර් කියා සිටියා.

හොර ආණ්ඩුවට ගිය ආපසු එන්න හොරගල් අහුලයි

පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ඒකාබද්ධ විපක්ෂයට එක් වූ එජාපයේ මහනුවර සහ පුත්තලම මන්ත‍්‍රීවරු දෙදෙනා යළි ආණ්ඩුවට එක්වීම පිළිබඳව නායකයින්ගෙන් ඉල්ලීම් කරමින් සිටින බව දියවන්නාව පැත්තෙන් වාර්තා වෙනවා.

ඔවුන් යළි එජාපය සමග එක්වීමට  ප‍්‍රබලම හේතුව වී තිබෙන්නේ ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ගැනීම පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය යි. තමන්ට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලැබීම සැක සහිත බවත්, ලැබුණත් ජයග‍්‍රහණය කිරීම අසීරු බවත් ඔවුන් තම හිතවතුන් සමග පවසා තිබෙනවා. අයවැය තෙවනවර කියවීම ජයග‍්‍රහණය කිරීම එජාප ආණ්ඩුවට ප‍්‍රබල අභියෝගයක්ව පවතින මේ අවස්ථාවේ මේ දෙන්නට යළි ආණ්ඩුවට එක්වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි දිවන්නාව පැත්තෙන් වාර්තා වෙන්නේ.

පුළුල් පෙරමුණක් ගැන ජවිපෙ අභ්‍යන්තර කතා

මේ දිනවල දේශපාලන තලයේ මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයින් පිළිබඳවය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා 20වැනි සංශෝධනය සම්බන්ධයෙන්ද විවිධ සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ පැවැත්වෙමින් තිබේ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා විවිධ සංවිධාන නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටි යි. මේ දේශපාලන තත්වයන් පිළිබඳව ජවිපෙ දේශපාලන මණ්ඩලයේදීද විශේෂ අවධානයක් යොමුවී තිබුණි. ඒ පසුගිය අඟහරුවාදා දිනයේදී ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී ජවිපෙ නායකයින් හමුවූ අවස්ථාවකදී ය.

”20වැනි සංශෝධනය ගැන කතා කරපු හැම දෙනා ම කිවුවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියලා. ටීඑන්ඒ එක මුල ඉඳලම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ හිටිය බව කිවුවා. මහින්දලා කිවුවේ තමන් එක්ක ඉන්න අනෙක් පක්ෂත් එක්ක මේ ගැන කතා කරන්න  ඕනෑ කියලා. රනිල් වික‍්‍රමසිංහලා කිව්වෙත් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ සමඟ කතා කරලා තීරණය කියන්නම් කියලා. නමුත් මේ අය කල් ගන්න එක කරන්නේ. 20 මඟහරින්න වෙට්ටු දැමීමක් මේ කරන්නේ.” අනුර දිසානායක කියා සිටියේ ය.

”සමහරු 20ට ආසයි බයයි. සාකච්ඡුා කරද්දී කැමැති  වගේ පෙන්නුවට තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය අවුල් වෙයි කියලා මේක මඟහරිනවා. මේ යන විදියට පාර්ලිමේන්තුවේ 2/3ක් ගන්න එක ලේසි වෙන පාටක් නැහැ. පොරොන්දු වෙච්ච අයත් මේක මඟහරින එකයි ප‍්‍රශ්නේ. සමහරු අපෙන් අහනවා මෛත‍්‍රී එක්ක මේ ගැන කතා කරන්නේ නැද්ද කියලා. ඇත්තටම මෛත‍්‍රී තමයි අපිත් එක්ක කතා කරන්න  ඕනෑ. මොකද එයානේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පොරොන්දු දීලා බලයට ආවේ.” ලාල්කාන්ත කියා සිටියේය. ”එත් ඇත්තටම අද පාර්ලිමේන්තුවෙ 2/3 ගැන හිතුවොත් මෛත‍්‍රීට කරන්න පුළුවන් බලපෑමක් නැහැ.” බිමල් රත්නායක පෙන්වා දුන්නේ ය.

”ව්‍යවස්ථාවට අනුව කොහොමත් මේ අවුරුද්දේ නොවැම්බර් අන්තිම වෙනකොට ජනාධිපතිවරණයක් තියන්න  ඕනෑ. ඒ නිසා ඔක්තෝබර් වෙනකොට ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න වෙනවා. රටේ ජනතාවට මේ දෙපැත්තම දැන් එපා වෙලා. ඒ නිසා අපි පුළුල් ජනතා පෙරමුණක් හදන්න  ඕනෑ ජනාධිපතිවරණයත් ඉලක්ක කරලා. අපේ රටේ සිවිල් සංවිධාන, බුද්ධිමතුන්, ඇතැම් දේශපාලන නායකයින් ඉන්නවා මේ ක‍්‍රමයට විරුද්ධ. ඒ නිසා සියලූ දෙනා එකතු කරපු මධ්‍යස්ථානයක් හැකි ඉක්මනින් ගොඩනගන්න පියවර ගන්න වෙනවා.” විජිත හේරත් පැහැදිලි කළේය.

 ”ඔව්, අපි මෙච්චර කාලයක් අපේ නොවන අය සමඟ විවිධ ගිවිසුම් ගහලා ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පියවර ගත්තා. නමුත් බලයට ආපු හැම කෙනෙක්ම පොරොන්දු කැඩුවා. ඒ නිසා අපි අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න  ඕනෑ. අපි පුළුල් ජනතා ව්‍යාපාරයක් එක්ක හොඳ සටනක් දෙන්න  ඕනෑ.” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යෝජනා කළේ ය.

වන විනාශය ගැන ජාතික සංවාදයක්  ඕනෑ

විල්පත්තුව අභය භූමිය පිළිබඳව නැවත වටයකින් රට තුළ සාකච්ඡුාවක් මතුව තිබේ. රට පුරා විවිධ ප‍්‍රදේශවල විශාල වශයෙන් වන විනාශයන් සිදුවෙමින් තිබෙන අතර විල්පත්තුව පමණක් මාතෘකාවක් බවට පත්වන්නේ මන්දැයි ඇතැම්හු ප‍්‍රශ්න කරමින් සිටිති. ප

පරිසර අමාත්‍ය ධුරය දරන්නේද රටේ විධායක ජනාධිපතිවරයා වන තත්වයක් තුළදීත් පරිසරය විනාශය වැළැක්වීමට පියවර නොගන්නේ මන්දැයි තවත් අය ප‍්‍රශ්න කරමින් සිටිති. මේ තත්වයන් සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමුව තිබේ.

”අලූතෙන් කැලය කපන නිසා විල්පත්තුව ගැන සංවාදයක් මතුවුණා නෙවෙයි. මේ ප‍්‍රශ්නය තිබුණේ මීට අවුරුදු හතරකට පහකටත් කලින්. දැන් මේ සංවාද ආවේ පුල්මුඬේ ඛනිජ වැලි නිධිය විකුණනවා කියලා සංවාදයක් ආපු නිසයි. ඒකටත් නම ගෑවෙන්නේ රිෂාඞ් බදුර්දීන්. විල්පත්තු ප‍්‍රශ්නය ගැන අපි 2014 ඉඳලම ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරනවා. ඒකට හරි විසඳුමක් දෙන්න ආණ්ඩුවට බැරි වුණා.” විජිත හේරත් කීවේ ය.

”අපි මුල් අවස්ථාවේ ඉඳලම මේ විල්පත්තු ප‍්‍රශ්නයට මැදිහත් වුණා. මමත් අපේ වසන්ත සමරසිංහලා, නාමල් කරුණාරත්නලා 2015 මැයි මාසයේ විල්පත්තු ගියා. ප‍්‍රදේශවාසීන් හමුවුණා. දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු රජයේ වගකිව යුතු නිලධාරීන් හමුවුණා. ඒ වෙලාවෙත් දිස්ත‍්‍රික් ලේකම් කිව්වේ සියලූ කටයුතු නීත්‍යානුකූලව සිදුවෙනවා කියලා. නීති විරෝධී විදියට කැලේ කපන්නේ නැහැ කිවුවා. නමුත් අපි හිටපු ස්ථාවරය තමයි අවතැන් අය පදිංචි කළ යුතුයි වගේම වන විනාශය වළක්වන්න උපරිමයෙන් ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියන එක. මොකද එක පැත්තක්වත් නොසලකා හරින්න අපිට බැහැ.” ලාල්කාන්ත පැහැදිලි කළේ ය.

”ආණ්ඩුව මේ ප‍්‍රශ්නයට හරියට මැදිහත් නොවෙන නිසා මේක හිඟන්නගෙ තුවාලය වෙලා තියෙන්නේ. රිෂාඞ් බදුර්දීන් මේ ප‍්‍රශ්නයට වගකිව යුතුයි කියලා ආණ්ඩුව ප‍්‍රශ්නය මඟහරින නිසා මේක දැන් ජාතිවාදී ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. වන විනාශය වළක්වන්න උපරිමයෙන් කටයුතු කරනවා වගේම ජාතිවාදී ප‍්‍රශ්න ඇතිවෙන එක වළක්වන්නත්  ඕනෑ. වගකිව යුතු දේශපාලන පක්ෂයක් විදියට අපි මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න  ඕනෑ. ප‍්‍රශ්නය නොවිසඳීමේ වගකීම ආණ්ඩුව භාර ගන්න  ඕනෑ.” ටිල්වින් සිල්වා ප‍්‍රකාශ කළේය.

”ඇතැම් කරුණු ගැන තොරතුරු හරියට වාර්තා නොවෙන නිසා තමයි මේ ප‍්‍රශ්න මතුවෙලා තිබෙන්නේ. ගොඩක් අය මේ හැම ප‍්‍රශ්නයක්ම බලන්නේ තමන් නියෝජනය කරන දේශපාලන මතය එක්කයි. ඒ නිසා ඇත්ත බොහෝ වෙලාවට එළියට එන්නේ නැහැ. කොහොම නමුත් විල්පත්තු ප‍්‍රශ්නය ගැනත් පුල්මුඬේ ඛනිජ වැලි නිධිය ගැනත් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කරන්න  ඕනෑ. ඇත්ත ප‍්‍රශ්නය දැන් විල්පත්තු විතරක් නෙවෙයි රට පුරා මහා වන විනාශයක් වෙනවා. නක්ල්ස්වල එනසාල් වවනවා. කැලෑ කප කපා නිවාස ඇමති ගිනි පෙට්ටි ගෙවල් හදනවා. මේ හැම දෙයක් ගැනම ජාතික මට්ටමේ සංවාදයක්  ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය.

සටහන – භාතිය බරුකන්ද

LeP

Recommended For You

About the Author: Admin