‘‘නොනිදන නගරයට’’ අවුරුදු 20යි

ඒ 1999 වර්ෂයේ බක් මාසයේ සමාරම්භක දිනය යි. වඩාත් නිවැරදිව සඳහන් කළහොත් අපේ‍්‍රල් 01 වැනිදා ය. පුංචිපහේ බොරුවක් කියා තම හිතමිතුරන් රවටා විනෝද වන ‘‘මෝඩයාගේ දින යි’’  මුළු මහත් ලෝකය ම පුංචිපහේ විහිළු කරමින් අනෙකා රවටමින් විනෝද වන දවසසේ ලංකාවේ ආර්ථික පෙරළියකට මුල පුරන ඓතිහාසික සිදුවීමක් බොහෝ දෙනකුගේ ඇස්වලින් බොහෝ දුර ප‍්‍රදේශයක සිදු වෙමින් තිබුණේ ය.

දඹුල්ල ඒ වන විටත් ලංකාවේ ආර්ථික හෝ සමාජ සංවර්ධනයේ කේන්ද්‍රයක් වශයෙන් හෝ සැලකිය යුතු වෙළෙඳ නගරයක් වශයෙන් සැලකුණේ නැත. අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය ආදි රටේ උතුරු දිග ප‍්‍රදේශවලට ගමන් කළ හැකි ප‍්‍රධාන මාර්ගයේ මංසන්ධියක පිහිටි නිසා ආර්ථිකමය මූලෝපායික වැදගත්කමක් තිබුණත් ඒ වන තෙක් කිසිවෙක් ඒ මූලෝපායික වටිනාකමින් කිසිඳු ප‍්‍රයෝජනයක් ගත් බවක් ද දැකිය නොහැකි විය. ස්වදේශික හා විදේශීය සංචාරකයින් දඹුල්ල පූජා භූමියට පැමිණ එය නරඹා වැඳපුදා ගෙන (දඹුළු ගිහින් තලගොයිත් මරාගෙන) ගියා මිස එයින් ඔබ්බට යමක් දඹුළු වැසියන්ට ලැබුණේ ද නැත. දඹුල්ලට පැමිණි සංචාරකයින්, ව්‍යාපාරිකයින් ‘‘තලගොයින් මරාගෙන ගියා’’ පමණකි. කොටින්ම 1999 වර්ෂයේ මාර්තු 31 වැනි දා ද දඹුල්ල යනු එක් හුදකලා කුඩා නගරයක් පමණක් ම විය.

ආර්ථික මධ්‍යස්ථාන සිහිනය

ඉහතින් සඳහන් කළ දඹුල්ල නගරය සතු ආර්ථික මූූලෝපායික වැදගත්කම වටහා ගත් එවකට පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව 1998 වර්ෂයේ අය-වැය ලේඛනය මගින් ඉතාම ¥රදර්ශී ෙඓතිහාසික තීන්දුවක් ගත්තේ ය. ඒ රුපියල් මිලියන 115ක් වැය කොට දඹුල්ල ආශ‍්‍රිතව කඩ කාමර 144කින් යුතු ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ය. මේ සඳහා එවකට දඹුල්ල ආසන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ එවකට කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සී.වී. ගුණරත්න මහතා (මෙතුමා කොටි ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය විය) ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ අතර මෙහි ස්ථාපනකරු ලෙස අත්සන් කළේ එවකට මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා ය.

1998 අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කළ  දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අපේක්ෂිත ආකාරයෙන් 1999 වර්ෂයේ මාර්තු මස වන විට අවසන් කිරීමට හැකි වූ අතර 1999 මාර්තු 23 වන දින එය විවෘත කිරීමට පියවර ගත්තේ ය. එහි ව්‍යාපාරික කටයුතු තවත් දින 07කින්, එනම් 1999 අපේ‍්‍රල් 01 වැනි දින ආරම්භ කළේ ය.

1999 අපේ‍්‍රල් 01 වැනි දින සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය එහි ආරම්භක දින සිටම ගොවිජනතාව, ව්‍යාපාරිකයින්ට සේම පාර්භෝගිකයින්ට ද සුවිශේෂ මෙහෙවරක් ඉටු කළේ ය. ඒ අනුව එළවළු සහ පලතුරු අලෙවියේ දී ශ‍්‍රී ලංකාවේ අඩු ම කොමිස් මුදල ලබා ගන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් විසින් ය. එමෙන්ම ගොවියා, ව්‍යාාරිකයා සහ ගැනුම්කරුවා අතර සහසම්බන්ධතාවය පවත්වාගෙන යාම මෙම ආර්ථික මධ්‍යස්ථානයේ සුවිශේෂ මෙහෙවර බවට පත් වුණේ ය. ඒ අනුව වර්තමානය වන විට එළවළු සහ පලතුරු කිලෝ ලක්ෂ ගණනක් අලෙවි කිරීමට අමතර ව දිනකට අර්තාපල් කිලෝ ලක්ෂ 10ක් සහ ලොකු ළුෑණු කිලෝ ලක්ෂ 07ක් අලෙවි කිරීමට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට හැකියාව ලැබී ඇත.

ඉහත සඳහන් සාර්ථික හා විශ්වාසනීය ව්‍යාපාරික කටයුතු හේතුවෙන් ලංකාවේ බිහි වූ මුල්ම (එකම* ‘‘නොනිදන නගරය’’ බවට දඹුල්ල පත් වූයේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ආර්ථික හැකියාව සහ ඵලදායීතාවය නිසා ය.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ 20 වසරක ගමන්මඟ පිළිබඳව එහි වෙළෙඳ සංගමයේ සභාපති, ඊ.එම්.යූ.බී. ඒකනායක මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

‘‘ දශක ගණනාවක් පුරා දඹුල්ල නගරය පුරා අවිධිමත් ව එළවළු තොග වෙළෙඳාම සිදු වුණා. එහෙත් අපිට ඒ පිළිබඳ විවිධ ගැටලූ හා දුෂ්කරතා තිබුණා. ඒ අනුව දඹුල්ල ව්‍යාපාරික ප‍්‍රජාවගේ සහ ඉල්ලීමකට අනුව යි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිහිටුවීමට පියවර ගත්තේ. දඹුල්ල කේන්ද්‍ර කොටගත් යාබද ප‍්‍රදේශවල විසිරී සිටින ගොවිජනතාවගේ කෘෂි නිෂ්පාදන තරගකාරී මිලකට ලබාදීම සහ විශ්වාසනීය අතරමැදි තරගයකින් තොර වෙළෙඳපොළක් නිර්මාණය කිරීම යි මෙය පිහිටුවීමේ මූලික අරමුණ වුණේ’’

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග ශ‍්‍රී ලංකාව පුරා විසිරී පැවැති දේශීය එළවළු සහ පලතුරු තොග වෙළෙඳාම දඹුල්ල නගරය තුළ කේන්ද්‍රගත වූ බව ඒකනායක මහතා සඳහන් කරන්නේ ය.

‘‘ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිහිටුවීමත් සමග ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිට ව්‍යාපාරික කටයුතු කළ විදේශීය පලතුරු සහ පාරිභෝගික භාණ්ඩ ආනයනකරුවන් හා බෙදා හරින්නන් ද දඹුල්ලට පැමිණ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළා. ඒ සමග එළවළු, පලතුරු හා පාරිභෝගික ආනයනික භාණ්ඩවල තරඟකාරී මිලක් තීරණය වන ඉහළ වෙළෙඳපොළක් මෙහි බිහි වුණා. දඹුල්ල නගරයේ භූගෝලීය පිහිටීමත්, රටේ ප‍්‍රවාහන පද්ධතිය තුළ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමත් නිසා රට පුරා විසිරී සිටින එළවළු, පලතුරු තොග වෙළෙඳුන් සහ බෙදා හරින්නන් අප වෙත පැමිණ තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකර ගත්තා. එම නිසා ඉතා කෙටි කාලයක් තුළ ගොවීන් අතරත්, ව්‍යාපාරිකයින් අතරත්, පාරිභෝගිකයින් අතරත් දඹුල්ල ජනප‍්‍රිය වුණා. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දඹුල්ල සහ අවට ප‍්‍රදේශවල ගොවිජනතාවගේ  කෘෂි නිෂ්පාදන අතරමැදි තරගයකින් තොරව  අලෙවිකර ගැනීමටත්, ඒ තුළින් ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමටත් අවස්ථාව ලැබුණා. ඒ සමග මේ හරහා නිර්මාණය වූ බැංකු, ප‍්‍රවාහන, හෝටල් ආදි අංශ රැුසක රැුකියා සහ ව්‍යාපාරික අවස්ථා නිසා අද දඹුල්ල මේ රටේ ධනවත්ම නගරටක් බවට පත්ව තිබෙනවා. එහි සියලූ ගරුත්වය හිමිවන්නේ අපේ ගොවිමහතුන්, ව්‍යාරිකයින් සහ සේවා සපයන නොයෙකුත් ආයතන සහ පුද්ගලයින්ට ’’ බව ඒකනායක මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ ය.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ 20 වන සමරුව වෙනුවෙන් වැඩසටහන් රැුසක් ව්‍යාපාරික සංගමය විසින් සංවිධානය කර ඇති අතර අපේ‍්‍රල් මස 01 වන දින රාත‍්‍රී 07 සිට ගොවිජනතාව වෙනුවෙන් සංවිධානය කළ සංගීත සැණකෙළියක් සහ දිනුම් ආදීමක් ද සිදුවන බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ ය.

LeP

Recommended For You

About the Author: Admin