පිරිමි ඔබ මෙන්න මේ ෆැෂන් නම් කරන්න එපා

හැමෝම කැමතියි විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය දිනා ගන්න. ඒත් සමහර වෙලාවට ඔබ කරන සමහර විලාසිතා නිසා ආකර්ෂණය වෙනුවට ඔබව විහිලුවට ලක්වන අවස්ථාද පවතිනවා.ඒ නිසා මේ පිළිබදවත් සැලකිලිමත් වෙන්න.

ස්ලිම් ෆිට්

ස්ලිම් ෆිට් විලාසිතාවක් උනත් අවස්ථාවට ගැළපෙන පරිදි පමණක් යොදාගත යුතුයි.ශරීරයේ හැඩය කාලයෙන් කාලයට වෙනස් වෙනවා.එකම විදියට පවතින්නෙ නෑ.ඒ නිසා ස්ලිම් ෆිට් විලාසිතාව ඔබ කාලෙකදි ඇන්දට දිගටම අදින්න බැහැ. සැන්දෑ සාදයකට එබට ආරාධනාවක් ලැබුණොත් ඔෆිස් යනවා වගේ ස්ලිම් ෆිට් විලාසිතාවක් ගැලපෙන්නෙ නෑ. සැහැල්ලු ලිනන් කලිසමතක්,තනි පාට කළිසමක් ඒ සදහා ගැලපෙනවා.ඒ වගේම ඔබ ශරීර ප්‍රමාණයෙන් කෙට්ටු අයෙක් නම් ඒ බව මනාව පෙනෙන ලෙස ටයිට් කලිසම් ඇදීම කිසිවිටක කරන්න එපා.

රැවුල ගැන හිතන්න

පිරිමි පාර්ශවයටම විශේෂ වූ විලාසිතාවක් ලෙස රැවුල අද බොහෝ ප්‍රචලිතයි.තරුණියන්ගේ ආකර්ෂණය සදහා මෙන්ම ඔබේ පෞරුෂය වැඩි දියුණු කර ගැනීමට ඔබට රැවුල වැදගත් වෙනවා. කෙසේ වෙතත් එය සෑම තරුණයෙකුගේම මුහුණට ගැලපෙන්නෙ නෑ. ඒ වගේම ඔබ සහභාගී වෙන අවස්ථාවට මෙන්ම රැකියාවටද ගැලපෙන ආකාරයෙන් හැඩගස්වා ගැනීමට අමතක කරන්න එපා.

දිළිසෙන ඇදුම් අදින්න එපා

දිළසෙන ඇදුම් ගැලපෙන්නෙ කාන්තා පාර්ශවයටයි. මේ නිසා ඔබ දිළසෙන ඇදුම් භාව්තා කිරීම නොසුදුසුයි. එයින් ඔබේ පෞරුෂයට බලපෑමක් ඇති කරනවා.ඒ නිසා විශේෂයෙන් දිළිසෙන ෂර්ට් අදින්න එපා. වර්තමානය වෙනකොට දිළසෙන ඇදුම් වලට තියෙන්නෙ බාල වටිනාකමක්.

ගැළපෙන සපත්තු

විශේෂයෙන් ඔබව කැපී පේන්න පළදින සපත්තු අනිවාර්යෙන්ම බලපානවා.යුරෝපීය ඇදුමක් ඇදලා ස්පෝට් ෂූස් භාවිතා කිරීම කිසිවිටෙක නොකරන්න. ඒ වගේම ස්මාට් කැෂුවල් අදිනවා නම් ඒ සදහා ගැළපෙන සපත්තු විතරක් භාව්තා කරන්න. එයින් ඔබේ පෙනුම වැඩි කරගන්න පුළුවන් වෙනවා.

LeP

Recommended For You

About the Author: Admin