
ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අයත් Ministry of Crab අවහන්හල ආසියාවේ හොඳම අවන්හල් 50 අතරින් 35 වැනි ස්ථානයට පත්ව ඇත.
ජාත්‍යන්තර සම්මාන දිනූ සූපවේදියෙකු වන දර්ශන් මුණිදාස සහ මහේල – සංගා ත්‍රිත්වයේ හවුල් ව්‍යාපාරයක් වන මෙම අවහන්හල් ජාලය මේ වන විට චීනයේ ෂැංහයි, පිලිපීනයේ මැනිලා සහ ඉන්දියාවේ මුම්බායි යන නගරවල තම ශාඛා ස්ථාපිත කර ඇත.
ආහාර පිළිබඳ ලිපි සම්පාදකයින්, විචාරකයින්, සූපවේදීන් සහ අවහන්හල් පාලකයින් ඇතුළු 300කට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තේරීම සිදුකළ අතර ආසියාව පුරා භූගෝලීය කලාප හයක් ආවරණය වන පරිදි මේ සඳහා නම් කෙරුණු අවන්හල් තෝරා ගෙන තිබුණි. ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්රයේ ශ්‍රී ලාංකික නාමය සනිටුහන් කළ තවත් විශේෂ අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකිය.
LeP