
ෆැෂන් කියන්නෙ කාලෙන් කාලෙට වෙනස් වන අලුත් වන කලාවක්.ඒ කොහොම වුනත් ඒවායින් 1% ක් පිළිබදවවත් බොහෝ දෙනා දැනුවත් නෑ.දැන් තත්වය ඊට ගොඩක් වෙනස්.අපි හැමකෙනෙක්ම වාගේ ෆැෂන් ගැන විමසිළිමත්.ශ්රී ලංකාවේ අපි බොහෝ වෙලාවට වැඩි නැඹුරුවක් දක්වන්නෙ හොලිවුඩ් ෆැෂන් වලට වඩා බොලිවුඩ් ෆැෂන් වලට.ඒ නිසාම මේ දැනුවත් කිරීම ඔබට වැදගත් වේවි.
Kurtha tops
මේ විලාසිතාව ගොඩක්ම ගැලපෙන්නෙ වයසින් ටිකක් වැඩි කාන්තාවන්ට.කර සහ පිට විවෘත ඇදුම් වලට වඩා වැඩිමල් කාන්තාවකට මේ කුර්තා විලාසිතාව හොදින්ම ගැලපෙනවා කියන්න පුළුවන්.මේ සදහා ඔබට ගැලපෙන රෙදි වර්ගයක් තෝරා ගන්නත් පුළුවන්.
Velvet
වෙල්වට් රෙද්දෙන් මහපු ඇදුම් කියන්නෙ ඉස්සර හරිම ජනප්රිය ඇදුම් විලාසිතාවක්.බොලිවුඩ් වල නැවතත් මේ විලාසිතාවට මේ දවස්වල වැඩි ඉල්ලුමක් පවතිනවා.වෙල්වට් ටොප්ස්,වෙල්වට් ස්කර්ට්ස් විතරක් නෙමෙයි සාරි ජැකට්ස් සහ සාරියටත් වෙල්වට් යොදා ගැනීම දැන් ජනප්රියයි.
High neck kurtha tops
චයිනීස් කොලර් එක සහිත හයිනෙක් කුර්තා විලාසිතාව දැන් ජනප්රිය විලාසිතාවක්.තරමක් පිරිපුන් යුවතියකට උනත් මේ විලාසිතාව හොදින් ගැලපෙනවා.ගොඩක් වෙලාවට මේ සදහා භාවිතා කරන්නෙ තද පැහැති වර්ණයි.තද පැහැති වර්ණ සමග ලා පැහැති ජීන්ස් කලිසම් මේ සදහා ගලපන්න පුළුවන්.
Denim with scarf
නිදහසේ යන ගමනකට අපි කැමති සැහැල්ලු ඇදුමකින් සැරසෙන්න.ඇගට හිර නැති ඩෙනිම් කලිසමට ලූස් ටි ෂර්ට් එකක් හෝ කොට්න් ෂර්ට් එකටත් අපි කැමත්යි.වැඩිහිටි කාන්තාවකට උනත් මේ විලාසිතාව හොදින් ගැළපෙනවා.මේ සදහා බොහෝ විට ඩෙනිම් කළිසම් සමග ලා පැහැති ෂර්ට් සහ ටී ෂර්ට් යොදාගන්න පුළුවන්.
Unusual colour combinations
පාට ගලපලා අදින්න ඕනෙ කියලා නියමයක් නැති වුනත් අපි කැමතියි ගැලපෙන වර්ණයන්ගෙන් හැඩ වෙන්න.ඒ වුනත් දැන් විලාසිතා ලෝකෙ ගැලපෙන වර්ණ සංකල්පය ටිකක් ඈත් වෙලා.දැන් අලුත්ම ෆැෂන් එක තමයි එකකට එකක් කැපී පෙනෙන වර්ණ වලින් ඇදුම් ඇදීම
සටහන – මධුභාෂිණී උරේෂා කුමාරි