ලෝක කි‍්‍රකට් කිරුළ කාටද ?

‘‘ජයග‍්‍රාහකයාට පියවරු 100යි – පරාජිතයා අවජාතකයි’’ මේ ප‍්‍රකට කියමන කවුරුන් විසින් කුමක් සඳහා ප‍්‍රකාශ කළ ද එය අකාලික කියමනක් බව නම් ලෝකය පුරා, විශේෂයෙන් ශ‍්‍රී ලංකාව තුළ බොහෝ කරුණු කාරණා සිදුවන ආකාරයෙන් මනාව පැහැදිලි වේ. ඒ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වත්මන් භාවිතය තුළ වඩ වඩාත් තහවුරු වේ. ඒ අනුව පසුගිය කාලය පුරා අඛණ්ඩව ශ‍්‍රී ලංකා කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජයන්ගේ (විශේෂයෙන් එක්දින හා විස්සයි විස්ස* වගකීම භාර ගන්නා කිසිවෙක් දැකිය නොහැකිය.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලැබූ ටෙස්ට් ජයග‍්‍රහණයේදී වල්මත්ව විවිධාකාර ප‍්‍රකාශ කරමින් වීරයන් වූ ක‍්‍රීඩකයින් හෝ සැමදා ක‍්‍රිඩකයින්ගේ හැකියාවන්ගෙන් උපරිම ඵල ප‍්‍රයෝජන ගත් නිලධාරීන් හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමානයේ මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැන වගේ වගක් නැත. වෙනදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඔසවා ගෙන ගොස් තම මඩිය තරකර ගත් විවිධ අනුග‍්‍රාහකයින් ද මේ වන විට ආගිය අතක් සොයා ගත නොහැකි ය. එසේ වූවා නම් ලෝක ක‍්‍රිකට් කුසලානයේ උණුසුම දැනෙන මේ දිනවල එම අනුග‍්‍රාහකයින් රඟන රැුඟුම් අපූරුවට දැකගත හැකි ය. මේ තත්ත්වය තුළ මැයි මස 30 වැනි දා එංගලන්තයේ දී ලෝක ක‍්‍රිකට් කුසලාන තරගාවලිය ආරම්භ වන බව පවා බොහෝ දෙනෙක් දන්නේ නැත. කොටින්ම මේ වන විට ලංකාවේ ක‍්‍රිකට් කියා දෙයක් නොමැති ගානට තත්ත්වය සීතල වී තිබේ. පසුගිය දශක කිහිපය පුරා ජයග‍්‍රාහී මුල්පෙළ කණ්ඩායම් අතර පෙරමුණේ සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට මෙවැනි අභාග්‍යසම්පන්න ඉරණමක් උදාවීම සැබැවින්ම කනගාටුවට කරුණකි.

ශ‍්‍රී ලංකාව මේ ආකාරයෙන් හසරක් නොදැන අඳුරේ අතපත ගාද්දී මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ වන විට ක‍්‍රිකට් ලෝකය සූදානම් වෙමින් සිටී. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය තම අවසන් සංචිතය පවා මේ වන විටත් නම් කර ප‍්‍රකාශයට පත්කර ඇත. පසුගිය දා ශ‍්‍රී ලංකා කණ්ඩායම හමුවේ වර්ණවත් එක්දින තරග ජයග‍්‍රහණයක් වාර්තා කළ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ද තම සංචිතය ගැන පැහැදිලි ඉඟි ලබාදී ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාව සමග පැවැති අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයින්ගෙන් ලෝක කුසලාන සංචිතය නම්වනු ඇතැයි දකුණු අප‍්‍රිකානු කණ්ඩායම් නායකයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය.

අතර තරගාවලියේ පෙරමුණ ගනු ඇතැයි විශ්වාස කරන කණ්ඩායම් ගැන ජාත්‍යන්තර මාධ්‍ය විවිධ ගණන් බැලීම් ද මේ වන විට සිදුකරමින් සිටී. ඔවුන්ට අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී සත්කාරක එංගලන්තයට වැඩි වාසියක් හිමිවීමට අවස්ථාව තිබේ. පේ‍්‍රක්ෂක සහාය, පරිසර වාසිය ඒ සඳහා ප‍්‍රමුඛ වී තිබේ. ඒ සමග ඉන්දියාව ද ඉහළින්ම සිටින කණ්ඩායමක් බව ඔවුන්ගේ ගණන් බැලීමය.  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත්ගේ සහ උපනායක ඬේවිඞ් වෝනර්ගේ තරග තහනම මේ වන විට ඉවත්ව තිබීම මෙන්ම පසුගිය  ඕස්ටේ‍්‍රලියානු – ඉන්දිය තරගාවලියෙන් ලද ජයග‍්‍රහණය  ඕස්ටේ‍්‍රලියාව ද ඉහළට ඔසවා තැබීමට හේතු වී තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන් ම සිටින කණ්ඩායම් ගැන තම අදහස් දක්වා ඇති දකුණු අප‍්‍රිකානු සුපිරි වේග පන්දු යවන්නා වූ ඇලන් ඩොනල්ඞ්ට අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ හොඳම කණ්ඩාම සත්කාරක එංගලන්ත කණ්ඩායම වේ.

‘‘එංගලන්ත කණ්ඩායමට සත්කාරක වාසිය වගේම පිටියේ වාසියත් තිබෙනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායම ඉතාමත්ම හොඳ ජයග‍්‍රාහී මානසිකත්වයක සිටිනවා. මගේ හදවත නම් කියන්නේ ලෝක කුසලානයේ ජයග‍්‍රහාකයින් වෙන්නේ දකුණු අප‍්‍රිකාව කියලා. ඒත් මගේ මොළය නම් කියන්නේ එංගලන්තය බවයි. ඒ එංගලන්තය, දකුණු අප‍්‍රිකාව මෙන්ම ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්ථානයත් හොඳ තත්ත්වයක සිටිනවා’’ යැයි ඇලන් ඩොනල්ඞ් පවසා තිබෙනවා.

තවත් දකුණු අප‍්‍රිකානු සුපිරි ක‍්‍රීඩකයෙකු වන ඒ.බී.ඩි. විලියර්ස්ට අනුව නම් මෙම තරගාවලියේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාවයි. ඒ වගේම පාකිස්ථානය පිළිබඳව ද බලාපොරොත්තු තැබිය හැකි බව ඔහු පවසා තිබෙනවා.

ලෝක කුසලානයේ ජයග‍්‍රාහකයින් ගැන මේ ආකාරයේ ගණන් බැලීම් කරන කිසිවෙකුගේ 1996 ලෝක කුසලාන ජයග‍්‍රහාකයින් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ගැන කිසිදු අදහස් ප‍්‍රකාශ කිරීමක් නැහැ. කලක් එක්දින ක‍්‍රීඩා පිටිය දිග්විජය කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි අවමානයකට මුහුණදීමට සිදුවීම ඇත්තටම කනගාටුවට කරුණක්.

සටහන – තුසිත ප‍්‍රියංකර

LeP

Recommended For You

About the Author: Admin