වැගන් ආර් රථ ආනයනය නතර කිරීමේ සූදානමක්

ශ‍්‍රී ලංකාවේ ඉහළම අලෙවියක් ඇති මෝටර් රථ මාදිලියක් වන ‘වැගන් ආර්’ රථ ආනයනය කිරීම නතර කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි ‘ලංකා වහන ආනයනකරුවන්ගේ සංගමය’ කියයි. ලංකාවේ විශාලම වාහන ආනයනකරුවන්ගේ එකමුතුව මෙම සංගමය යි.

පසුගිය දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මේ බව සඳහන් කළේ ය.

එහිදී වැඩි දුරටක් කරුණු දැක්වූ සභාපතිවරයා මෙසේ ද සඳහන් කළේය.

‘‘පසුගිය කාලය තුළ ශ‍්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය තමයි වැගන් ආර් රථය. අපි මේ ගත්තේ ඉතාම අසීරු තීරණයක්. එත් එය නොගෙන බැරි තත්ත්වයක් තිබෙනවා. පසුගිය අය-වැය ලේඛනයෙන් වාහන සඳහා වන තීරු බදු වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. මේ තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාවට වඩා පහසුවෙන් මිලදී ගත හැකිව තිබූ වැගන් ආර් රථය ඉදිරියේ දී මිලදී ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වෙනවා. ඒ වගේම මේ සමග වාහන ආනයන කර්මාන්තයට ද දැඩි බලපෑමක් සිදු වෙනවා. එය කඩා වැටීමට පවා ඉඩ තිබෙනවා. අපි වැගන් ආර් රථ ආනයනය නතර කිරීමට තීරණය කළේ හේතු කිහිපයක් මත පදනම් වෙමිනුයි. ඒ අතර ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා.

රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C 200 Benz රථ හයිබි‍්‍රඞ් නොවන බවට ලබා දුන් තීරණය සමග ගළපා MH 55 S WAGON R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක් සිදු නොකොට, එම රථ හයිබි‍්‍රඞ් වාහන ද යන්න පිළිබඳ නිසියාකාරව සොයා බලා නිෂ්පාෂණ කටයුතු සිදුකරන ලෙසට රේගුවේ මෝටර් රථ අංශය වෙත දැනුම් දීමක් කර ඇති අතර, එම උපදෙස් අනුව මෝටර් රථ අංශය මගින් MH 55 S WAGON R රථ හයිබි‍්‍රඩ් ලෙස නොව පෙට‍්‍රල් රථ ලෙස නිෂ්කාෂණ කිරීම පිළිබඳව මේ වන විට සිදු වෙනවා. නමුත් මේ වන විට 50,000කට වැඩි වැගන් ආර් රථ ප‍්‍රමාණයක් හයිබි‍්‍රඞ් රථ ලෙස රේගුව මගින් නිෂ්කාෂණය කර ඇති අතර වැගන් ආර් රථ හා සමාන තාක්ෂණයෙන් යුත් හයිබි‍්‍රඞ් රථ 200,000ක් පමණ ද නිෂ්කාෂණය කර තිබෙනවා.

එමෙන් ම මේ රථවල නිෂ්පාදකයා වන ජපානයේ රථ වර්ගීකරණය අනුව හයිබි‍්‍රඞ් DAA යන කේතයෙන් දැක්වෙන අතර පෙට‍්‍රල් රථ DBA යන කේතයෙන් දැක්වෙනවා. ඒ අනුව වැගන් ආර් රථ DAA එනම්, හයිබි‍්‍රඩ් ගණයට අයත් වෙනවා. එලෙස නිෂ්පාදකයා විසින්ම පැහැදිලි ලෙස වර්ගීකරණය සඳහන් කළ රථයක් වන වැගන් ආර් රථ සම්බන්ධයෙන් රේගුව විසින් අත්තනෝමතික ලෙස තීරණ දීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය තම අප‍්‍රසාදය පළ කරනවා.

රේගුව විසින් ගෙන ඇති මෙම අත්තනෝමතික තීරණයේ තවත් අවදානම් තත්ත්වයක් වන්නේ අන්තර්ජාතික ප‍්‍රමිතීන් නොසලකා එසේ ලබාදෙන අත්තනෝමතික තීරණ මත ඉදිරියේ දී අන්තර්ජාතිකව හයිබි‍්‍රඩ් රථ ලෙස ආනයනය කළ නොහැකි තත්ත්වයක් උදාවීමයි.

LeP

Recommended For You

About the Author: Admin