අධික බදු නිසා ව්‍යාපාරවලට බාධා – වැලිබල් ගෲප් සභාපති, ධම්මික පෙරේරා

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශය වෙත යොමු කර ඇති අධික බදු නිසා ව්‍යාපාර කරගෙන යාමට බාධා එල්ල වී ඇති බව ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගමන් කළ යුත්තේ කවර දිසාවකට දැයි සාකච්ඡුා කිරීම සඳහා පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේ දී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවැති සංවාදයේ දී ධම්මික පෙරේරා මහතා මේ බව සඳහන් කළේය. මෙම සංවාදයට නැරඹීම සඳහා හර්ෂ ද සිල්වා, ජොන් අමරතුංග ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශාල පිරිසක් ද සහභාගී වූහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ වැඩි වැඩියෙන් රැුකියා ජනනය කරන, නවෝත්පාදන බිහිකරන, රටේ වත්මන් මධ්‍යම මට්ටමේ ආර්ථිකයෙන් ඉහළට ගිය වර්ධනයකට යා යුතු බවයි. ඇමෙරිකාවේ පවා ආර්ථික සංවර්ධනය තක්සේරු කරන්නේ කාර්තුවෙන් කාර්තුවට ජනනය කරන රැුකියා ප‍්‍රමාණය පදනම් කර ගෙන බව ද ධම්මික පෙරේරා මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය. දැනට පවතින ඒක පුද්ගල ආදායම වන ඩොලර් 4000ක අගය ඩොලර් 12,000 සීමාව දක්වාවත් වර්ධනය කළ යුතු යැයි සඳහන් කළ ධම්මික පෙරේරා මහතා වර්තමානයේ පවතින ආර්ථික වර්ධන වේගය අනුව ඒ සඳහා තවත් වසර 160ක් පමණ ගතවනු ඇතැයි ද පෙන්වා දුන්නේ ය. මේ ඉලක්කය ජය ගැනීම සඳහා ‘‘ශ‍්‍රී ලාංකික’’ යන සන්නම් නාමය ඉදිරියට ගෙන යා යුතු බව අවධාරණය කළ ධම්මික පෙරේරා මහතා ඒ සඳහා නව තාක්ෂණය මෙන් ම නවෝත්පාදන සහ කාර්යක්ෂමතාවය ඇති කර ගත යුතු බව ද අවධාරණය කළේ ය. ව්‍යාපාරිකයින්ට පහසුවෙන් කටයුතු කිරීම සඳහා බදු සහන ලබාදීමේ වැදගත්කම අගමැතිවරයාට පෙන්වා දීමට ද මේ අවස්ථාවේ ධම්මික පෙරේරා මහතා පියවර ගත්තේය.

Recommended For You

About the Author: Editor