අත – පොහොට්ටු හාද කරන්න අයවැය ඡන්දයෙන් තල්ලූවක් දෙන්න පුළුවන් – ඩිලාන් පෙරේරා

අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළහොත් එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල ප‍්‍රගතිය සහ අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දී ශ‍්‍රීලනිපය ඡුන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව අප කළ විමසීමකදී ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ශ‍්‍රීලනිපය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සඳහා පැවැත් වෙන සාකච්ඡා සමග මෙහි සම්බන්ධයක් නැති බවයි. එහෙත් ශ‍්‍රීලනිපය අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළහොත් වත්මන් සාකච්ඡා කෙරෙහි තිබෙන සැක තැන් දුරකර ගැනීමට එය අවස්ථාවක් වන බව ද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

‘‘මේ කාරණය ඉතාම පැහැදිලියි. ශ‍්‍රීලනිපය අයවැයට විරුද්ධව ඡුන්දය දෙන්නේ නැත්නම් එහි තේරුම මේ අයවැය පිළිගන්නවා කියන එකයි. අපිට මේ අයවැය පිළිගන්න බැහැ. මේක අයක් නැති, වැයක් විතරක් තියෙන ජනතා ද්‍රෝහී අය වැයක්. අපි සියලූ දෙනාම මේ ප්‍රෝඩාකාරී අයවැයට විරුද්ධ විය යුතුයි. පක්ෂ අතර සාකච්ඡුා කොහොම තිබුණත් ඒක වෙන්න ඕනැ දෙයක් ලෙසයි මම දකින්නේ. ඒ වගේම තමයි අපේ‍්‍රල් 05 වැනිදාත් ඡුන්දය නොදී ඉන්න තීන්දුව් ගත්තත් ශ‍්‍රීලනිප – ශ‍්‍රීලපොපෙ එකතු කිරීමේ සාකච්ඡාව නවතින්නේ නැහැ. එය දිගටම සිදුවෙන බව පැහැදිලි කරුණක්. ඒත් ඇයවැයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළහොත් එක සාකච්ඡුාවලට හොඳ තල්ලුවක් බවත් පැහැදිලි කරුණක්.

Recommended For You

About the Author: Editor