අය – වැය දා ශ‍්‍රීලනිපය ගන්න තීරණය ගැන එකඟතාවක් නෑ

අය – වැය තෙවන වර කියවීමේ දී විවාදයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ ඊයේ රාත‍්‍රියේ දී ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡා ව්දී අවසන් තීරණයකට නො පැමිණි බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම බ‍්‍රහස්පතින්දා දිනට කල් තැබූ බව ද ජයසේකර මහතා සඳහන් කළේය.

පසුගිය අඟහරුවාදා රාත‍්‍රියේ ජනපතිවරයා සමග පැවැති සාකච්ඡුාවේ දී අයවැය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නො හැකි වුණේ මන්දැයි කළ විමසීමක දී එම සාකච්ඡාව සඳහා සහභාගී වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත‍්‍රීවරයා සඳහන් කළේ ජනපතිවරයාට අයත් අමාත්‍යාංශ හතරක ද වැය ශීර්ඝ අයවැය විවාදයේ දී සම්මත විය යුතු බවයි. ජනපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුළු ජනපතිවරයාට ම අයත් අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ ද අයවැය තෙවන වර කියවීමේ දී සම්මත විය යුතු බව ද නිශාන්ත මුතුහෙට්ටිගම මන්තී‍්‍රවරයා සඳහන් කළේය. යම් ආකාරයකින් අයවැයට විරුද්ධව ඡුන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කළහොත් ජනපතිවරයාගේ සහ ජනපතිවරයාට අයත් අමාත්‍යාංශවල වැය ශීර්ෂවලට ශ‍්‍රීලනිප තීන්දුව ඍජුව බලපාන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor