ජුසේ මුජිකායි වැනි ජනපතිවරු අපේ රටේ බිහි නොවන්නේ ඇයි ?

‘‘මෙවැනි නිහතමානී නායකයෙකු සිටින රටක පුරවැසියෙකු වීම ආඩම්බරයට කරුණක්’’
තම රාජ්‍ය නායකයා ගැන මෙහෙම කියන පුරවැසියන් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒත් බොහොම කලාතුරකින් එහෙම රාජ්‍ය නායකයෝ (පාලකයෝ නොවෙයි) මේ ලෝකෙට පහළ වෙනවා.

ඉහත සඳහන් ප‍්‍රකාශය කළේ දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන උරුගුවේ රටේ පුරවැසියෙක්. උරුගුවේ කියන්නේ ස්පාඤඤ සම්භවයක් තිබෙන ජනතාවක් සහ ස්වදේශීය ඉන්දියානුවන් සහ කලූ ජාතිකයින් ජීවත් වන රටක්. එහි ජනගහනයෙන් සියයට 88ක් සුදු ජාතිකයින් (ස්පාඤඤ සම්භවයක් ඇති) සියයට 08ක් ස්වදේශීක ඉන්දියානුවන් ඉතිරි සියයට 04 කලු ජාතිකයින්. රටේ ජනතාවගෙන් සියයට 41ක් අදහන්නේ රෝමානු කතෝලික ආගම. තවත් එවැනිම පිරිසක් කිසිදු ආගමක් නොඅදහන පිරිසක්. සියයට 12ක් ප්‍රොතෙස්තන්ත ආගමත්, තවත් සියයට 06ක් වෙනත් ආගම් ද අදහනවා. උරුගුවේ රටේ භූමි ප‍්‍රමාණය 176,215 ක් පමණ වෙනවා. ජනගහනය 3,444,006ක්. එහි දළ දේශීය නිෂ්පාදිතය 62,893 ඉසකකසදබ ක්. ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 17,875ක්. එය ලෝකයේ 43 වැනි තැන ගන්නවා. උරුගුවේ රාජ්‍යයේ මානව සංවර්ධනය ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. එය 2017 දී ඉතාම ඉහළ අගයක් වන 0.804ක් වුණා.

උරුගුවේ ගැන ඉහත අටුවාටීකා සඳහන් කළේ ඒ රට ලෝකයේ ගෞරවාදරයට පත් කළ රාජ්‍ය නායකයා ගැන කියන්න. ඔහු තමයි 2010 මාර්තු 01 -2015. මාර්තු 01 දක්වා උරුගුවේ රාජ්‍ය නායකයා, ජනපති ලෙස ක‍්‍රියා කළ ‘‘ජුසේ මුජිකා 1935 මැයි 20 වැනිදා උපත ලද මුජිකා ප‍්‍රකට ගරිල්ලා නායකයෙක්. ඔහු 1970, 80 දශකවල එවකට පැවැති ඒකාධිපති පාලනයට එරෙහිව සටන් කළා. සිරබත් කෑවා.

කාලයක් ගරිල්ලා නායකයෙකුව සිටි ජුසේ මුජිකායි තවත් දශකයක් පමණ ගිය තැන අමාත්‍යවරයෙක් බවට පත් වුණා. ඔහු එවකට පැවැති රජයේ පශු සංවර්ධන, කෘෂිකර්ම හා ධීවර ඇමැතිවරයා බවට පත් වුණා.

ඇමැති ජුසේ මුජිකායි 2005 දී, ඒ කියන්නේ 70 වැනි වියේදී ඉතාම වැදගත් තීන්දුවක් ගත්තා. ඒ උරුගුවේ රාජ්‍යයේ සෙනෙට් මන්ත‍්‍රීවරියක වූ ‘‘ලූසියා ටොපොලැන්ස්කි’’ සමග විවාහ වීමටයි. මේ විවාහය බින්න විවාහයක් වුණා. ජුසේ තම බිරිඳට අයත් ‘‘මොන්ටිවවීඩියෝ ’’ ගම්මානයේ කුඩා ගොවිපොළෙහි තිබුණ එකම එක නිදන කාමරයක් සහිත නිවස තම නිවහන කර ගත්තා.
තම රට වෙනුවෙන් දීර්ඝ කාලයක් ජුසේ කළ අරගලයට, කැප කිරීම්වලට නිසි වටිනාකමක් දෙන්න අවස්ථාවක් 2009 වසර අගදී උරුගුවේ ජනතාවට ලැබුණා. ඒ එම ජනපතිවරණය සඳහා ජුසේ ඉදිරිපත් වීම සමගයි. බලාපොරොත්තු වූ ආකාරයෙන් ජනපතිවරණයෙන් ජුසේ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබුවා. ඔහු 2010 මාර්තු 01 වැනිදා පස් අවුරුදු කාලයක් සඳහා උරුගුවේ ජනපති පදවිය බාර ගත්තා.

ජුසේ කියන්නේ හුදු අවස්ථාවාදී හෝ අහඹු සිදුවීමක ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය නායකත්වය ලබාගත් නායකයෙක් නොවෙයි. ඔහු දීර්ඝ කාලයක් පුරා තම හැකියාවන් වගේම ප‍්‍රතිපත්ති ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කර තිබුණා. ‘‘කී දේ කරන – කරන දේ කියන’’ ඍජු නායකයෙක්, නිහතමානී මිනිසෙක් ලෙස ඔහු දීර්ඝ කාලයක් දිනාගෙන සිටි කීර්තිය ජනපති පදවිය සමග මනාව පෑහුණ. ඔහුට ජනපති පදවිය ආභරණයක් නොවුණත් ජනපති පදවියට ජුසේ ආභරණයක් වුණා. වටිනාකමක් දුන්නා.

ජනපති පදවියේ වැඩ භාරගත් විගස ම ජුසේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළා.

‘‘මට ජනපති මැදුරු, ඊට අයත් විශාල කාර්ය මණ්ඩලය, යාන වාහන, ආරක්ෂ පිරිස් සහ පරිවාර වාහන අවශ්‍ය නැහැ. මම සාමාන්‍ය මිනිසෙක් ලෙස වැඩ කරනවා’’ ජුසේ කිව්වා.
කිව්ව දේ කී ආකාරයෙන්ම කරන, හුදු ප‍්‍රදර්ශන කාමයෙන් තොර ජනපති ජුසේ තම බිරිඳට අයත් ගොවිපොළේම පදිංචියට ගියා. තමාට ම අයත් 1987 වර්ෂයේ නිෂ්පාදිත ෆොක්ස්වැගන් රථ තමා විසින් ම පදවා ගෙන සේවයට පැමිණියා. තම රථය පදවා ගෙන යාමට පවා රියැදුරෙක් ලබා ගැනීම ඔහු ප‍්‍රතික්ෂේප කළා.

‘‘මම කවදත් දෑතේ වීරියෙන් හරිහම්බ කළ ගොවියෙක්. ඒ නිසා මට මගේ රථය පදවා ගෙන යාමට රියැදුරෙක් අවශ්‍ය නැහැ’’ 75 වියැති ජුසේ අවධාරණය කළා. ඔහු ජනපති මැදුර ඉතා කලාතුරකින් භාවිත කළා. ඒ විදෙස් රාජ්‍ය නායකයෙක් පැමිණි දිනවල පමණයි.
ජනපති ජුසේ තමාට හිමි ඇමෙරිකානු ඩොලර් 12,000ක මාසික වැටුපෙන් සියයට 90ක්ම උරුගුවේ වැසියන් දුගීභාවයෙන් මුදවා ගැනීම සඳහා වැය කළා. අනවශ්‍ය රාජ්‍ය විදයම්, ව්‍යාපෘති සහ පුද්ගලාභිවාදන වැඩසටහන් තරයේ ප‍්‍රතික්ෂේප කළ ජුසේ අවුරුදු 05ක් යන තෙක් කිසිදු මැසිවිල්ලකින් හෝ තැවීමකින් තොරව තම රාජකාරිය කළා.

මේ අතර ජුසේගේ නිහතමානීකම, අවංකභාවය වැනි ගුණාංග ගැන කතා නිතර නිතර උරුගුවේ ජනමාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව අතර පැතිරුණා. මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් ප‍්‍රකාශය එයින් එකක්.

‘‘ජෙහාල්ඞ්’’ කියන්නේ උරුගුවේ රාජ්‍යයේ කඩදාසි කම්හලක සේවය කරන කම්කරුවෙක්. ඔහු ජීවත් වුණේ ‘ජුවාන් ලකාස් ’’ නගරයේ. දවසක් ජෙහාල්ඞ් සේවය අවසන් කරන විට ? වුණා. මේ වේලාවට මාර්ගයේ වාහන ගමනා ගමනයයේ තත්ත්වය මනාව දැන සිටි ඔහු කෝකටත් කියා පාරට ආවා. ඇවැත් එන එන වාහනවලට අත දැම්මා. ඒත් වාහන රැුසක් ඔහු පසු කරගෙන ගියත් එකක්වත් ඔහුට උපකාර කළේ නැහැ.

මේ අතර විඩාපත්ව සිටි ජෙහාල්ඞ් තවත් මෝටර් රථයකට අත දිගු කළා. ඒක ඉතාම පැරණි පන්නයේ ෆොක්ස් වැගන් රථයක්. රියදුරා වහාම රථය නතර කළා. එයට ගොඩවන ලෙස සන් කළා. බොහොම සතුටින් රියට නැගත් ජෙහාල්ඞ්,

‘‘පුළුවන්කමක් තියෙනවා නම් මාව ජුවාන් ලකාස් නගරයෙන් බස්වන්න. එතැන ඉදන් පයින් මට මගේ නිවසට යන්න පුළුවන්. ඒ හැටි දුරක් නැහැ’’ යැයි කීවා.

කිසිත් නොකී රියැදුරා නිහඬවම රථය ධාවනය කළා. සතුටට පත් ජෙහාල්ඞ් තමා ගැනත්, තම රැුකියාව ගැනත් දිගටම කියෙව්වා.

රියැදුරා ඔහුගේ කතාව අසමින් රථය ධාවනය කළා. ජුවාන් ලකාස් පසු කළ රථය තවත් ඉදිරියට ගියා. අවසානයේ එය නතර වුණේ ජෙහාල්ඞ් නිවස අසල. අනපේක්ෂිත මොහොතක තම නිවස අසල මෝටර් රථයක් නතර කරනු දුටු ජෙහාල්ඞ් ගෙදර උදවිය වහාම මාර්ගය අසලට ආවා. පැරණි ෆොක්ස් වැගන් රථයකින් පැමිණ සිටියේ ජෙහාල්ඞ් බව ඔවුන් දැක්කා.

ඒ සමග ඔවුන් මේ ? මේ වාගේ වටිනා උපකාරයක් කළ කාරුණික පුද්ගලයා කවුදැයි හඳුනා ගන්න රියැදුරු අසුනට ළං වුණා. දුටු දෙයින් නිවැසියන් කම්පනයටත්, සතුටටත් පත් වුණා.
‘‘ජනපතිතුමා’’ ජෙහාල්ඞ් ඇතුළු නිවැසියන් සතුටින් කෑ ගැසුවා.

නිවැසියන්ට අත වනා සුභ රාත‍්‍රියක් ප‍්‍රාර්ථනා කළ ජුසේ මුජිකායි බොහොම සැහැල්ලූවෙන් රථය හරවා ගෙන තම ගොවිපොළ නිවස වෙත මහ ? රථය ධාවනය කළා.

තවත් දිනකට පසුව මේ අසිරිමත් පුවත උරුගුවේ රාජ්‍යයේ ප‍්‍රකට පුවත්පතක් වන ‘‘එල් ඔබ්සවාඩෝ ’’ පුවත්පතේ පළ වුණා.

‘‘මහ ? මට මේ උපකාරය කළ කාරුණික පුද්ගලයා කවුදැයි හඳුනා ගත් විට අපි සියලූ දෙනාම විස්මයට පත් වුණා. අපට විශාල සතුටක් ඇති වුණා. මෙවැනි නිහතමානී නායකයෙකු සිටින රටක පුරවැසියෙකු වීම ආඩම්බරයට කරුණක් ’’ ජෙහාල්ඞ් ප‍්‍රකාශ කර තිබුණා.

ජුසේ මුජිකායි ගැන මෙවැනි සත්‍ය කතා සිය දහස් ගණනක් උරුගුවේ වැසියන් අතර තිබෙනවා.
තම පස් අවුරුදු පාලනය තුළ රටට, ජනතාවට අවංකව සේවය කළ, රටේ නාස්තිය, ¥ෂණය තුරන් කළ මේ නිහතමානී නායකයා 2015 මාර්තු 01 වැනිදා තම පස් අවුරුදු පාලනය ගෞරවනීය ලෙසත්, තෘප්තිමත් ලෙසත් නිමා කළා. යළි බලයට එන ලෙස ජනතාව ඔහුට කොතරම් ඇවිටිලි කළත් ඔහු බල ලෝභයෙන් හෝ බල තණ්හාවෙන් පෙලූණේ නැහැ. ඒ වෙනුවට තමා කළ කී දේ ගැන මහත් සේ තෘප්තියට පත් ජුසේ ගෞරවනීය ලෙස ධුරයෙන් සමුගෙන බිරිඳගේ කුඩා ගොවිපොළ වෙත සුපුරුදු පරිදි තම ෆොක්ස් වැගන් රථය ධාවනය කළා.

මෙවැනි අසිරිමත් රාජ්‍ය නායකයින් ලෝකයට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් බව පැහැදිලි කරුණක්. බලය අල්ලා ගැනීමට කළ හැකි සියල්ල කරන, බලයට පත් වූ පසු ඒ සියල්ල අමතක කර වෙනම ගමනක් යන, අල්ලේජ්ඡභාවය, දූෂණ විරෝධීභාවය ගැන පුරාජේරු කතා කියමින් ඒ මතම යැපෙන රාජ්‍ය නායකයින්ගෙන් පිරුණු ලෝකයක ජුසේ මුජිකායි ඇත්තටම පුරාවෘත්තයක්.
ජුසේ මුජිකායි දැන් සුපුරුදු ලෙස බිරිඳගේ කුඩා ගොවිපොළේ මල් වවමින්, දහඩිය හෙළමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා.

‘‘මම මල් වවන ගොවියෙක් ’’ ඔහු සතුටින් කියනවා.

ජුසේගේ ප‍්‍රිය බිරිය ලූසියා 2017 සැප්තැම්බර් මස 17 වැනිදා උරුගුවේ රාජ්‍යයේ උප ජනපති ලෙස තේරී පත් වුණා. ඒත් ජුසේටම ඔබින උප ජනපති ලූසියා සුපුරුදු පරිදි තම කුඩා ගොවිපොළේම සුපුරුදු පරිදි ඒ සැහැල්ලූ සහ ජනතාවාදී ජීවිතය ගත කරනවා. ජුසේ මුජිකායිත් එදා වගේම මල් සමග ඔට්ටු වෙනවා.

ජුසේගේ පස් අවුරුදු පාලනය තුළ උරුගුවේ රාජ්‍යය වංචාව, දූෂණය හා දුගීභාවය තුරන් කළ ලොව තෘප්තිමත්ම ජනතාවක් සිටින රටක් බවට පත් වූ බව මුළු ලෝකයම පිළිගන්නවා. ඒ සඳහා ජුසේගේ කැපවීම හා මගපෙන්වීම ප‍්‍රධාන හේතුවක් වුණා.

ජුසේ වැනි පුරාවෘත්ත වැනි පාලකයින් ගැන ලෝ ප‍්‍රකට, නයිජීරියානු ජාතික ලේඛක ‘‘චිනුවා අබිචි’’ බොහෝ කාලයකට පෙර මෙවැනි සටහනක් තබා තිබෙනවා.

‘‘ස්වභාවික සම්පත් කොතෙක් තිබුණ ද රටක් ඉබේ ම පෙරට නොය යි. එය සංවර්ධනය වන්නේ රටේ පුරවැසියන් හට පෞද්ගලිකව ආදර්ශයක් දෙන ප‍්‍රඥාවන්ත, අල්පේච්ඡු හා දූරදර්ශී නායකයින් අතිනි’’

කලක් කෘෂිකර්ම, පශූ සම්පත් හා ධීවර ඇමැතිවරයෙක් ද, වසර 05ක් රාජ්‍ය නායකයාව ද සිටි ජුසේ කළ ඒ මහා වික‍්‍රමයෙන් අල්පයක් හෝ දැකීමට ශ‍්‍රී ලාංකික අපට පෙර පින් නැති බව නම් පැහැදිලියි. ඒ චිනුවා අබිචි කියන රාජ්‍ය නායකයින් මේ ලක්බිම මත බිහි නොවන නිසාය.


සටහන
භාතිය බරුකන්ද

Recommended For You

About the Author: Editor