
ආණ්ඩුවට අයවැය ඡන්දය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය බහුතර බලය තිබෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පවසයි.
ඡන්දයක් තිබුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාප විසින් පෙන්වන බව කී මයන්ත දිසානායක පසුගිය දා අමාත්‍යාංශ වැය ශීර්ෂ දෙකක් පරාජය වීමට හේතුව පක්ෂ නායක රැස්වීමේදී පොරොන්දු වූ පරිදි ඒ එකඟතාව කැඞීම බවත් සඳහන් කළේය.
ලංකා ඊ ප්‍රෙස් කළ විමසීමට පිළිතුරු දෙමින් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
‘‘පක්ෂ නායක රැස්වීමේදී පොරොන්දු වුණා අයවැය සඳහා ශීර්ෂ සඳහා ඡන්දයක් නොඉල්ලන බවට. ඒත් ඔවුන් ඉතාම කුමන්ත්රණකාරී ලෙස හදිසියේම ඡන්දයක් ඉල්ලා සිටියා. මේ නිසා පක්ෂ නායකයින් අතර තිබූ විශ්වාසය පවා දැන් බිඳී ගොස් තිබෙනවා. ඒ නිසා අපි නැවත ඒ අවදානම ගන්නේ නැහැ. අත – පොහොට්ටු මොන දීග ඇති වුණත් අපි අයවැය ඡන්දය ජයග්‍රහණය කරවා’’ යැයි ද මයන්ත දිසානාක අවධාරණය කළේය.