
එජාප ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනයට විරෝධතා තිබෙනවා නම් ඒ ගැන තැන තැන සිට බොරුවට ගල් ගහන්නේ නැතිව පස් වැනිදාට ඇයවැය විරුද්ධව ඡන්දය දෙන මෙන් සියලූම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති පවසයි.
සුනිල් හඳුන්නෙත් මෙසේ ද ප්‍රකාශ කළේය. ‘‘අයවැය කියන්නේ ලංකාවේ ලොකුම වාර්ෂික බොරුව. අපේ රටේ බොරු අයවැයක් හදලා පැය එකහමාරක් තිස්සේ මුදල් ඇමැති ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මන්ත්‍රීවරු ඒ බොරුව ගැන මාසයක් තිස්සේ විවාද කරනවා. ඒවට මන්ත්‍රීවරු 10-20ක්වත් එන්නේ නැහැ. ඒකත් මේ රටේ ජනතාවගේ බදු මුදල් විනාශ කිරීමක්. 2018 මාර්තු 31 වැනිදා වන විට ලංකාවේ තිබුණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9588යි. 2019 මාර්තු 31 වැනිදා වෙන කොට ඒක රුපියල් බිලියන 11,999ක් වෙලා. අවුරුද්දට රුපියල් බිලියන 300කින් ණය වැඩි වෙලා’’යැයි ද සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය දා ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.