නිදහස් සිතීම හා රාජ්‍ය ප‍්‍රතිචාර – බ‍්‍රර්ට‍්‍රන්ඩ් රසල්

අද අප මෙහි රැුස්ව සිටින්නේ මොන්ටියෝ කෙන්වේගේ ගුණ සිහිපත් කිරීමටයි.

කෙන්වේ ප‍්‍රධාන වශයෙන් කරුණු දෙකක් උදෙසා සිය ජීවිතය කැප කළ අයෙකි. එනම් සිතීමේ නිදහස හා පුද්ගලයාගේ නිදහසයි. ඔහුගේ පසු කාලය තුළ මේ කරුණු දෙක සම්බන්ධයෙන් ලැබූ ප‍්‍රගතියක් මෙන් ම සිදු වූ පරිහානියක් ද පෙනෙන්නට තිබේ. පැරණි කාලයේ තිබූ තර්ජනවලට වඩා තරමක් දුරට වෙනස් වූ අලූත් තර්ජන මේ දෙයාකාරයේ ම නිදහස සම්බන්ධයෙන් දැනට පැන නැග ඇති බැව් පෙනේ. එබැවින් මේ ගැන බලවත් මහජන මතයක් ඇති නොවුවහොත් තව අවුරුදු සියයක් ගිය තැන ඉතා කනගාටුදායක තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. මේ කතාවේදී මා බලාපොරොත්තු වන්නේ මේ අලූත් තර්ජන මොනවාදැයි මතුකර පෙන්වීමට හා ඒවාට මුහුණ දිය යුතු අයුරු ගැන යමක් සලකා බැලීමටත්ය.

නිදහසේ සිතීම යනු ”නිදහස් සිතීම” යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්දැයි මදක් කල්පනා කර බලමු. මේ යෙදුමෙහි තේරුම් දෙකක් තිබේ. පටු අර්ථයෙන් සැලකූ කල සම්මත ආගමික මත පිළිනොගැනීම නිදහස් සිතීම යනුවෙන් ගැනේ. ක‍්‍රිස්තියානි, මුස්ලිම්, බෞද්ධ හෝ එවැනි වෙනත් ආගමක් පිළිගන්නා සමාජයක ඒ සම්මත ආගම පිළිනොගන්නා අයෙකු නිදහස් චින්තකයෙකු වන්නේ මේ තේරුමෙනි. ඒ අනුව සර්වබලධාරී දෙවි කෙනෙකුගේ පැවැත්ම නිසැකය යන නිගමනයට එකග නොවූ අයෙකු ක‍්‍රිස්තියානි රටක නිදහස් චින්තකයෙකු වේ. වෙනත් බෞද්ධ රටක නිදහස් චින්තකයෙකු වීමට ඒ නොසෑහේ. මෙබදු පටු අර්ථයක් ඉදිරිපත් කොට නිදහස් සිතීමේ වැදගත්ම අල්ප කොට දැක්වීම මගේ බලාපොරොත්තුව නොවේ. මා සියලූ ආගමික මත බැහැර කොට ඇති අතර ඒවා සියල්ල තුරන්වී යාම මගේ පැතුමයි. ආගමික විශ්වාසවලින් කිසියම් යහපතක් වේ යැයි මම නොසිතමි. සමහර විටෙක සමහර තැනකදී ආගමික විශ්වාසවලින් යම් ප‍්‍රතිඵලයක් ලැබෙන බව පිළිගන්නා අතර ම ඒවා මිනිසාගේ බුද්ධිමය ඉතිහාසයේ ළදරු අවස්ථාවට අයත් බවත්, දැනට ඒ තත්ත්වය ක‍්‍රමයෙන් අභාවයට යන බවත් මා සලකමි.

නිදහස් සිතීම යන්නට වඩා පුළුල් වූත්, වඩා වැදගත් වූත් අර්ථයක් දිය හැකිය. ඇත්ත වශයෙන් සම්මත ආගම්, නිදහස් සිතීමට කෙබදු හානියක් කර ඇත්තේදැයි කැපී පෙනෙන්නේ එය මේ පළල් අර්ථයෙන් සැලකූ විටය. නිදහස් සිතීම යන්නේ පටු අර්ථය මේ තරම් පහසුවෙන් මේ පළල් අර්ථයෙන් විග‍්‍රහ කළ හැකි නොවේ. එබැවින් ඒ ගැන ද මදක් සලකා බැලීම සුදුසු යැයි සිතේ.

යමක් නිදහස් යැයි අප කියන විට ඒ කුමකින් නිදහස් ද යනු දැක්විය යුතුය. නැතහොත් ඒ කියමනේ අර්ථය පැහැදිලි නොවේ. යමක් හෝ යමෙක් නිදහස් යන ඔහු හෝ එය බාහිර පෙළඹවීමකට යටත් නැති බවය. නිදහස ගැන කතා කරන විට මේ බාහිර බලපෑම ගැන ද කතා කළ යුතුය. මේ අනුව සිතීම නිදහස් වීම සදහා නම් අපට බොහෝ විට දක්නට ලැබෙන බලපෑම්වලින් නිදහස් විය යුතුය. ඒ බලපෑම් සමහරක් ඉතා පැහැදිලි වුව ද සමහර ඒවා බැලපූ බැල්මට පෙනෙන්නේ නැත. ඉතා පැහැදිලිව මෙබදු බලපෑම්වලින් පටන් ගනිමු. කිසියම් මතයක් දැරීම හෝ නොදැරීම නැතහොත් කිසියම් විශ්වාසයක් දැරීම හෝ ප‍්‍රකාශයට පත් කිරීම නිසා නීත්‍යානුකූලව දඩුවම් ලබාදිය හැකි නම් එවිට සිතීම නිදහස් යැයි කිව නොහැකිය. මෙම මූලික නිදහස වුව ද ලෝකයේ කිසිම රටක තවමත් ඇති බවක් නොපෙනේ. ආගම්වලට අපහාස කිරීමේ නීතිය යටතේ කි‍්‍රස්තියානි ආගම කෙරේ අවිශ්වාසය පළ කළ අයෙකුට දඩුවම් දීමට බි‍්‍රතාන්‍ය අධිකරණයට බලය තිබේ. විවිධ මත ඉවසීම ගැන ක‍්‍රිස්තුස් වහන්සේ දෙසා ඇති දේ ගැන කතා කිරීම ද වරදකි. ( ධනවතුට් කෙරේ මේ නීතිය ක‍්‍රියාත්මක නොවීම වෙනම කරුණකි) ඉදින් යමෙකු අපරාධයක් නොකළ අයෙකු සේ ජීවත් වීමට නම් ක‍්‍රිස්තු දේශනාව හා එකග විය යුතුම අතර ඒ දේශනාව කුමක්දැයි නොකිව යුතු ද වේ. ලොව වටා මර්දනය ආණ්ඩු විප්ලවවාදය හා බහු භාර්යා සේවනය නොපිළිගන්නා බවට දිවුරා ප‍්‍රකාශ කරන අයෙකුට මිස එක්සත් ජනපදයේ පුරවැසිකම ලබාගත නොහැකිය. ( අද ලෝකයේ රටවල් රාශියකම බහු භාර්යා සේවනය නීතියටත් සදාචාරයටත් පටහැනි නොවූ සේ සැලකේ * තව ද රටට ඇතුළු වූ කල්හි ඔහු කොමියුනිස්ට්වාදය ගැන සැක කළ යුතු යැයි සැලකේ. මිකාඩෝ රජ පෙළපතෙහි දිව්‍යමයභාවය ගැන සැක කිරීම ජපානයේ නීතියට අනුව වරදකි.

ලෝකය වටා රවුමක් යාම පුදුමාකාර අත්දැකීමක් බව වන බව මෙයින් පෙනේ. මේ අනුව මුස්ලීම් භක්තිකයෙකුට, තොල්ස්තෝයිවාදියෙකුට, බෝල්ෂෙවික්වාදියෙකුට හෝ ක‍්‍රිස්තුභක්තිකයෙකුට මේ ගමනේ යම් තැනකදී අපරාධකාරයෙකු ලෙස සැලකුම් ලැබීමට සිදුවේ. නැතහොත් සර්ව සත්‍යයන් ලෙස තමා පිළිගන්නා දේ ගැන වචනයක්වත් කථා නොකොට සිටීමට සිදු වෙයි. යම් අදහසක් ප‍්‍රකාශ කළ විට ඒ ගැන නීතියෙන් දඩුවම් ලබා දිය හැකි නම් මෙතැන සිතීමේ නිදහසක් නැති බව පැහැදිලිය. තම රටේ සිතීමේ නිදහස ඇතැයි බොහෝ රටවල් ප‍්‍රකාශ කරන නමුත් කිසිම රටක් මේ තත්ත්වයට ළගා වී ඇතැයි කීම අපහසුය. කෙසේ වුව ද නූතන ලෝකයේ සිතීමේ නිදහසට ඇති බාධා අතර මෙබදු නීත්‍යානුකූල දඩුවම් නොවැදගත් තැනක් ගනී. ආර්ථික දඩුවම් හා විරුද්ධ අදහස් සැගවීම මීට වඩා වැදගත් ඒවාය. කෙනෙකුගේ ජීවන මාර්ගය වන රැුකියාවක් ලබා ගැනීමේදී ඔහුගේ අදහස් උදහස් ගැන සොයා බලන්නේ නම්, සමහර අදහස් උදහස් දැරීමේ එකම වරද නිසා කෙනෙකුට කෙනෙකුට කිසියම් රැුකියාවක් ලබා ගැනීමට නොහැකි නම් එතැන සිතීමේ නිදහසක් නොමැති බව පැහැදිලිය. එසේම යම් මත ගැටුමක් පිළිබදව එක් පක්ෂයක කරුණු රසවත් ලෙස ප‍්‍රචාරය කරන අතර ඊට විරුද්ධව ඇති සාක්ෂි ආයාසයෙන් පමණක් සොයා ගත යුතුව තිබේ නම් එතැන ද සිතීමේ නිදහස තිබෙන්නට පුළුවන්කමක් නැත. චීනය ගැන නොසලකා කථා කළොත් ලෝකයේ මා දන්නා සෑම රටකම සිතීමේ නිදහසය බාධාකර වූ මේ බාධා දෙකම පවතී. මා මෙහිදී සලකා බලන්නේ මේ බාධා දෙකම ගැනයි.

සිතීම නිදහස්ව පවතින්න නම් නොයෙක් මත තරගකාරී තත්ත්වයකින් සමාජයේ පැවතිය යුතුය. කිසියම් සමාජයක එක් මතයක් තවත් මතයක් අභිබවා නැගී සිටී නම් එතැන සිතීම නිදහස් විය නොහැකිය. තව ද නීත්‍යානුකූල වරප‍්‍රසාදයක් හෝ මර්දනයක් කිිසියම් මතයක් කෙරේ නොතිබිය යුතුය. මෙබදු තත්ත්වයක් සර්ව සම්පර්ණව පවත්වා ගැනීම අපහසු බව ඇත්තකි. එහෙත් දැනට පවතින තත්ත්වයට වඩා ඉහළින් මෙබදු පරිසරයක් පවත්වා ගත හැකි බව නම් නිසැකය. නිදසුන් තුනක් වර්තමාන එංගලන්තය කොතෙක් දුරට ක‍්‍රිස්තියානි ගැති දැයි පෙන්වීමට මගේ ජීීවිතයේ සිද්ධීන් තුනක් උපුටා දැක්වීමට කැමැත්තෙමි. මා මේවා සදහන් කරන්නේ නොදන්නා දේ නොදන්නා හැටියට පිළිගැනීමට අඥෙයවාදයට වර්තමාන එංගලන්තයේ කොතෙක් හිරිහැර ලැබේදැයි බොහෝ දෙනාගේ සැලකිල්ලට භාජනය නොවී ඇති නිසාය.

පළමු සිද්ධිය මගේ ජීවිතයේ මුල් කාලය හා සම්බන්ධ එකකි. නිදහස් මතධාරියෙකු වූ මා පියා මගේ වයස අවුරුදු තුන කාලයේ මිය ගියේය. මිත්‍යා විශ්වාසයන්ගෙන් තොරව මා හදා වඩා ගැනීමට සිතූ හෙතෙම නිදහස් මතධාරීන් දෙදෙනකු මගේ භාරකරුවන් ලෙස පත් කළේය. එහෙත් ඔවුන්ට කැමැති ලෙස මා හදා වඩා ගැනීමට ඉඩ නොදිය යුතු යැයි උසාවි නියෝගය් නිකුත් විණි. එහෙයින් මම ක‍්‍රිස්තියානි පරිසරයක හදා වඩා ගන ලැබුවෙමි. වෙනත් ඕනෑම ආගමික පරිසරයකට මා හදා වඩා ගන්නට මාපියා නියම කළේ නම් ඊට විරුද්ධ වීමක් ගැන උසාවිය සිහිනෙන්වත් නොසිතනු ඇත. ඕනෑම ආගමික මිත්‍යාවක් තම දරුවන්ට ඉගැන්විය යුතු යැයි කීමට පියෙකුට හැකිකම ඇතත් හැකි නම් මිත්‍යාවන්ගෙන් තොරව තම දරුවන් හදා වැඩිය යුතු යැයි කීමට පියකුට අයිතියක් නැත.

දෙවැන්න 1910 දී සිදුවූවකි. එකල ලිබරල්වාදියෙකු ලෙස පාර්ලිමේන්තුවට යාමේ ආසාවක් මා තුළ විය. පක්ෂ ප‍්‍රධානීහූ මා යම් ආසනයක් සදහා ඉදිරිපත් කිරීමට තීරණය කළහ. මගෙන් අසන ලද ප‍්‍රශ්නවලට මා දුන් පිළිතුරු නිසා මා අඥෙයවාදී අදහස් ගරු කරන්නෙකු බව ඔවුහු දැන ගත්හ. මගේ මේ අදහස් ප‍්‍රකාශයට පත් විය හැකි දැයි ඇසූ විට ”හැකැයි” මම පිළිතුරු දුන්නෙමි. ඉදහිට පල්ලියට යාමට ද මගේ කැමැත්ත විමස ලදුව මම ඊට අකමැත්ත ප‍්‍රකාශ කළෙමි. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගනු ලැබීමයි. ඔහු අද දක්වාත් මන්ත‍්‍රීවරයෙකි.

තුන්වැනි සිද්ධිය මෙයට ආසන්න කාලයේම සිදු වූවකි. කේම්බි‍්‍රජ්හි ටි‍්‍රනිටි විද්‍යාලය ම කථිකාචාර්ය ධුරයක් සදහා ආරාධනා කළේය. එහෙත් සාමාජීකත්වය සදහා ආරාධනා නොකළේය. එහෙත් සාමාජීකත්වය සදහා ආරාධනා නොකළේය. මේ ධුර දෙක අතර ඇත්තේ සුළු වෙනසකි. එනම් සාමාජීකයෙකුට එහි පාලනය පිළිබදව බලයක් අති අතර කථිකාචාර්යවරයෙකුට එවැනි බලයක් නැත. එසේම බරපතළ චරිත කැළලක් නොවේ නම් සමාජීකයෙකු නියමිත කාලයට පෙර බලයෙන් පහ කළ නොහැකිය. මට සාමාජීකත්වය නොදුන් ප‍්‍රධාන හේතුව නම් එහි වූ උදවිය විරුද්ධ ඡන්දයක් වැඩි කර ගැනීමට අකමැති වීමයි. ඇත්ත වශයෙන් ම ලෝක යුද්ධය ගැන මගේ අදහස් අනුමත නොකළ ඔවුන්ට 1916 දී මා තනතුරෙන් පහ කළ හැකි වූයේ සාමාජිිකත්වය නොදී කථිකාචාර්ය ධුරයක් පමණක් දී තිබූ නිසාය. යුද උණුසුම අඩු වූ වහාම මා නැවත එම ධුරයට පත් කරගත් බව ද මෙහිදී මතක් කළ යුතුය. මා එය මගේ එකම ජීවන මාර්ගය කර ගෙන සිටියේ නම් මට සිදුවන්නේ කුසගින්නේ මිය යාමටය.
වර්තමාන එංගලන්තයේ වුව ද නිදහසේ සිතන්නකුට ඇති හිරිහැර මේ සිද්ධි තුනෙන් පෙනේ. මීට වඩා හොද උදාහරණ ඕනෑම නිදහස් චින්තකයෙකුට තම ජීවිතයෙන් ම උපුටා දැක්විය හැකි බව සැකයක් නැත. මෙහි අවසන් ප‍්‍රතිඵලය නම් සෑහෙන ආදායම් මාර්ගයක් නැති අයට තම ආගමික මත අවංකව පළ කළ නොහැකි වීමයි.

ඇත්ත වශයෙන් ම නිදහස නැත්තේ ආගම සම්බන්ධයෙන් පමණක් නොවේ. කොමියුනිස්ට් අදහස් හා මානව හිතවාදය පිළිගත් අයෙකුට අඥෙයවාදය පිළගත් අයෙකුට වඩා බාධා ඇතිවන බව ඉතා පැහැදිලිය. එවැනි මතයක් දැරීම පමණක් නොව ඒ ගැන ප‍්‍රචාරයක් ලබා ගැනීම ද ඉතා දුෂ්කර කාරණයක් වී තිබේ. ගැටලූව සංකීර්ණයි අනෙක් අතට රුසියාවේ ඇත්තේ මෙහි අනෙක් පැත්තයි. අදේවවාදී හා කොමියුනිස්ට්වාදී අදහස් දැරීම සුව පහසු ජීවිතයක් ලබා ගැනීමට උපකාර වන අතර ඊට වෙනස් මතයක් ප‍්‍රචාරය කරන්නට කිසිදු අවස්ථාවක් නොලැබේ. මෙහිදී දක්නට ලැබෙන සත්‍යය නම් සිතින් මවා ගන්නා ලද මිත්‍යා මතයන් සමහරක් පරමාර්ථ සත්‍යයන් සේ රුසියාව පිළිගන්නා අතර ඊට හාත්පසින් වෙනස් වූ එබදුම මිත්‍යාවන් රැුසක් සෙසු ලෝකයා එසේ පිළිගැනීමයි. මෙබදු තත්්ත්වයන් යටතේ අන්‍යෙන්‍ය සැකය, මතභේද, ගැටුම් හා යුද්ධ ආදිය වැළැක්වීම පහසු නොවේ. විලියම් ජේමිස් කීවේ විශ්වාස කිරීමේ වුවමනාව ගැනයි. එහෙත් සැක කිරීමේ අවශ්‍යතාව ගැන කීමට මම කැමැත්තෙමි. අපේ කිසිම විශ්වාසයක් සම්පූර්ණ සත්‍යය නොවේ. අප සම්පූර්ණයෙන් සත්‍යයන් සේ පිළිගන්නා දේවල්වල ඡුායා ගනිමුද ? අපේ පිළිගැනීම් වඩාත් සත්‍යයට ළං කර ගන්නා මාර්ග පැහැදිලිය. විෂයට අදාළ සෑම අංශයක් ම සලකා බැලීම, ඊට අදාළ සියලූ කරුණු එකතු කර ගැනීමට උත්සාහ කිරීම, විරුද්ධ මත දරන උදවිය සමග සාකච්ඡුා කිරීමෙන් අපේ අදහස් වඩා මෘදු කර ගැනීම, වරද දුටු වහාම එය අතහැර දැමීම ආදියයි ඒ. විද්‍යාවේදී භාවිත වන්නේ මෙවැනි ක‍්‍රමයකි.

එහෙත් දේශපාලනය හා ආගම සම්බන්ධ කරුණුවලදී මිනිසුන්ගේ ආකල්ප මීට වඩා හාත්පසින්ම වෙනස්ය. මේ පිිළිගත් ”සර්ව සත්‍යයන්” හා වෙනත් මත අතර ඇති විය හැකි තරගයකින් තම මතය ආරක්ෂා කර ගැනීමට මිනිස්සු උත්සාහ දරති. ආගම හා දේශපාලනය සම්බන්ධ කරුණුවලදී නිදහස්ව, මධ්‍යස්ථව සිතන්නේ නම් වත්මන් ලෝකයේ ගැටලූවලින් සියයට 90 ක් වහා විසෙදන බවට සැකයක් නැත. තම මතය දැරීමට ඉඩ ඇතැයි සෑම අයකුම සිතන්නේ නම් යුද්ධ ඇතිවීමට ඉඩක් නැත. මිනිස් මර්දනය ද පවතී. සිතීමේ හැකිකම වැඩිවීම මිස මැකීමට අධ්‍යාපනය භාවිත වීම නවතී. රැුකියා සදහා තෝරා ගැනීමේදී බලධාරීන්ගේ අදහස් අනුමත කිරීමේ සුදුසුකම නොව කාර්යක්ෂමතාව සලකා බැලෙනු ඇත. මෙය කොතරම් වාසනාවන්ත තත්ත්වයක් දැයි අපට සිතා ගත හැකිය. විද්‍යාවට අදාළ සත්‍යය විද්‍යාවේදී මිනිසුන් පෙන්නුම් කරන විද්‍යාත්මක දෘෂ්ටිකෝණය පිළිබද කදිම උදාහරණයක් මෑත ඉතිහාසයෙන් දිය හැකිය. පළමු ලෝක යුද්ධයේ මුල් කාලයේදී පර්යේෂණ අංශයක් භාර මහාචාර්යවරයෙකු ලෙස ජර්මන් ආණ්ඩුව විසින් අයින්සටයින් පත් කරන ලදි. ඔහුගේ සාපේක්ෂතාවාදයේ නිරවද්‍යතාව කොතෙක් දුරට ඔප්පු වන්නේ ද යන වග 1919 දී සිදු වූ සූර්ය ග‍්‍රහණයේදී ඉංග‍්‍රීසි ජාතික විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පෙන්වා දෙන ලදි. සාපේක්ෂතාවාදයෙන් එකල පිළිගෙන තිබූ භෞතික විද්‍යා මූලධර්මවලට වැදුණේ මරු පහරකි. එහෙත් සත්‍ය දුටු වහාම පැරණි මූලධර්ම බැහැර කොට සාපේක්ෂතාවාදය පිළිගැනීමට විද්‍යාඥයෝ මැලි නොවූහ.

එහෙත් ඔවුන් තබා අයිසන්ටයින් විසින්වත් මේ කාරණය ගැන තමා විසින් අවසන් සත්‍යය සොයා ගෙන ඇතැයි කියන්නේ නැත. අයින්ස්ටයින්ට ද විසදිය නොහැකි ගැටලූ තව බොහෝ තිබේ. සදාකල්හිම පවතින පරම සත්‍යය ඔවුන් සොයා ගෙන නැත. නිවුටන්ගේ මතය මෙන් ම සාපේක්ෂතාවාදය ද අනාගතයේදී සංශෝධනය විය හැකිය. මෙයයි විද්‍යාත්මක දෘෂ්ටිකෝණය. තමා මුදුනින් පිළිගෙන තිබූ නමුදු ඩාවින්ගේ පරිණාමවාදයෙන් බොරු වී ඇති බයිබලයේ ඇති අදහස්ව එල්ලී සිටීමට ආගමිකයෝ කැමති වෙති. අයින්ස්ටයින් විසින් අලූත් දේශපාලන ධර්මයක් හෝ ආගමක් සොයා ගත්තේ නම් කුමක් විය හැකිව තිබුණේද ? ඉංග‍්‍රීසි ජාතිකයින් සමහර විට එහි ජාතිද්‍රෝහී ලක්ෂණ දකින්නට පුලූවන. තවත් පිරිසක් එය කුමන්ත‍්‍රණයක් සේ හදුන්වනු ඇත. තවත් උදවිය එය පැසිස්ට්වාදී ආගමක් ලෙස හංවඩු ගැසීමට උත්සාහ දැරිය හැකි අතර මේ පිිළිබද ලියකියවිලි තම රටට ගෙන ඒම තහනම් කරන සේ සමහරුන් ඉල්ලා සිටින්නට පුළුවන. ඔහුගේ මතය ගත් ඇතැම් ගුරුවරුන් රැුකියාවෙන් නෙරපීමට ද ඉඩ තිබුණි. ඒ අතර කිසියම් රටක අඩ දියුණු රටක බලය අයින්ස්ටයින්වාදය ගත්තවුන් අතට පත් වෙයි. කිසිවකුටත් නොවැටහෙන ගුප්තවාදයක් බවට පත් වන අයින්ස්ටයින්වාදය හැර අන් කිසි අදහසක් ඒ රටේ ඉගැන්වීම නීති විරෝධී වෙයි. අවසානයේ සාක්ෂි නැතිවම අයින්ස්ටයින්වාදයේ සත්‍යාසත්‍යතාව යුද බිමේදී විසදෙයි. විලියම් ජේමිස්ගේ ”විශ්වාස කිරීමේ වුවමනාව” නිසැකයෙන් ම මෙවැනි ප‍්‍රතිඵල ගෙන දෙන්නකි.

ඇත්ත වශයෙන් අපට වුවමනා කරන්නේ විශ්වාස කිරීමේ වුවමනාවක් නොව ඊට ප‍්‍රතිපක්ෂ වූ සත්‍ය දැන ගැනීමේ වුවමනාවයි. යමක් දෙස බුද්ධිමත්ව, සැක ඇසින් බැලීම මෙතරම් වැදගත්ව තිිබියදී, බොහෝ දේ නොවරදින සත්‍යයන් ලෙස භක්තියෙන් පිළිගැනීමේ තත්ත්වයක් පැන නැගී ඇත්තේ ඇයි ? මීට එක් වැදගත් හේතුවක් නම් යමක් විචාර බුද්ධියෙන් තොරව එක්වරම පිළිගැනීම සාමාන්‍ය මිනිස් ස්වභාවයක් වීමයි. එහෙත් මේ බීජය පෝෂණය කරන තවත් නොයෙක් මාර්ග තිබේ. ඒවා අතර අධ්‍යාපන ක‍්‍රමය, ආර්ථික පීඩනය හා ප‍්‍රචාරණය කිහිපයකි. අපේ අධ්‍යාපන ක‍්‍රමය අනුව කියවීමට හා ලිවීමට හැකි අය පාසල්වලින් බිහි කරන බව සැබවි. එහෙත් ඇති තතු වටහා ගෙන ස්වාධීනව සිතීමට ශක්තියක් ඔවුනට ලබාදේද ? වෙළෙද දැන්වීම් ප‍්‍රචාරක කලාව වර්තමාන රජයන් විසින් ද අනුගමනය කරනු දක්නට ලැබේ.

ප‍්‍රචාරණය යොදා ගැනීම

වෙළෙද දැන්වීම් ප‍්‍රචාරක කලාව සකස් වී ඇත්තේ මනෝ විද්‍යාත්මක පදනමක් ඇතිවය. යමක හෝ යමෙකුගේ අගය නැවත නැවත කී පළියට කෙනෙකු ඒ පිළිගනිතැයි පැරණි මනෝ විද්‍යාඥයෝ නොසිතූහ. එහෙත් ඔවුන්ගේ මතය වැරදි බව පෙනේ. ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුද්ගයා මම වෙමැයි මා කියා සිටියහොත් මිනිසුන් මා කෙරෙහි සිනාසෙතත් බස් රථවල, දුම්රිය නැවතුම් පොළවල, පුවත්පත් හා ගුවන් විදුලියෙන් මගේ ශ්‍රේෂ්ඨත්වය නැවත නැවත ප‍්‍රචාරය කළහොත් මිනිසුන් ලවා ද එසේ සිතවිය හැකිය. මෙම අතාර්කික වෙළෙද දැන්වීම් ක‍්‍රමය අද සෑම රටකම පාලකයින් විසින් භාවිත කෙරෙන මෙන්ම මහජන මතය හැඩගස්ස වන ප‍්‍රධානතම උපක‍්‍රමය ද වන එකකි.

මෙම ක‍්‍රමයේ අඩුපාඩු ප‍්‍රධාන වශයෙන් දෙකකි. පළමුව එය තර්කානුකූල නිගමනයකට වඩා මුඪ විශ්වාසයනට මග පාදන්නකි. දෙවනුව ධනය නැතහොත් බලය නිසා වැඩි ප‍්‍රචාරයක් ලබාගත හැකි අයට වැඩි වාසි සලසන ක‍්‍රමයකි. එබැවින් දේශපාලනඥයින් ”ලේබර් පක්ෂය” ගැන ප‍්‍රචාරය කිරීම වෙළෙන්`දන් ”පෙයාර් සෝප් ”ගැන ප‍්‍රචාරය කිරීමට වඩා වෙනස් නැත.
මේ ක‍්‍රමයේදී ධනවත් හා බලවත් අයට වැඩි වාසි සැලසේ. මන්ද යත් නියම නිදහස් සිතීමක් තිබිය හැක්කේ විවිධ මතවලට සම ප‍්‍රචාරක අවස්ථා ලැබුණහොත් පහණක් නිසාය. එහෙත් එය බලාපොරොත්තු විය නොහැක්කකි. එබැවින් කළ යුතුව ඇත්තේ මනා අධ්‍යාපන ක‍්‍රමයක් තුළින් සෑම මතයක් දෙසම තරමක් හෝ සැක ඇසින් බැලීමට හැකියාව මිනිසුන් තුළ ඇති කිරීමයි.


බ‍්‍රර්ට‍්‍රන්ඞ් රසල්ගේ දේශනයක් ඇසුරිනි
උපුටා ගැනීම: හේතුවාදය සහ කොවුර් ගේ දර්ශනය, ධර්මපාල සේනාරත්න,

Recommended For You

About the Author: Editor