පොහොට්ටුවට දුන් පොරොන්දුව කඩන්නේ නෑ – ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර

අයවැය අවසන් ඡුන්ද විමසීමේදී ඊට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිර වශයෙන් ම ඡුන්දය ප‍්‍රකාශ කරන බව ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර අවධාරණය කරයි. ඒ පිළිබඳව ශ‍්‍රීලනිපය තුළ කිසිම බෙදීමක් නොමැති බව ද ශාන්ත බණ්ඩාර සඳහන් කළේය.

ශ‍්‍රීලනිප මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශාන්ත බණ්ඩාර මේ බව ප‍්‍රකාශ කළේය.
‘‘මේ සම්බන්ධයෙන් මතු වී තිබූ තාක්ෂණික ගැටලූවලට විසඳුම් ලබා ගැනීම සඳහා ජනපතිතුමා, විපක්ෂ නායකතුමා සහ අද (4) විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට තීරණය කරලා තිබෙනවා. එහිදී අදාළ තාක්ෂණික ගැටලූවලට විසඳුම් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා’’ යැයි ද ශාන්ත බණ්ඩාර කීවේය.

‘‘ආණ්ඩුවට දෙමළ ජාතික සන්ධානයේ සහ ආණ්ඩුවට සම්බන්ධ අනෙක් සුළුජන පක්ෂවල ඡුන්දය ලැබෙන නිසා ආණ්ඩුව අයවැය ජයග‍්‍රහණය කරවි කියලා හිතන්න පුළුවන්. ඒත් ආණ්ඩු විරෝධී. එජාප විරොධී විපක්ෂයේ කාර්යභාරය මේ හරහා තව දුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපිට හැකියාව ලැබෙනවා. අපේ එකම අරමුණ වන්නේ හැකි ඉක්මනින් මේ ආණ්ඩුව පෙරළා දැමීම ’’ බව ද ශාන්ත බණ්ඩාර සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor