
අයවැය අවසාන ඡන්ද විමසීමේදී ශ්රීලනිප ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මතු වී ඇති තාක්ෂණික ගැටලූ විසඳා ගැනීම පිළිබඳ හදිසි විශේෂ සාකච්ඡාවක් අද සවස ජනපති මෛත්රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර පැවැත් වීමට නියමිත බව ශ්රීලනිප මන්ත්රී ශාන්ත බණ්ඩාර ප්රකාශ කළේය.
මේ සාකච්ඡාව සඳහා එජනිස මන්ත්රී කණ්ඩායම ද සහභාගී වීමට නියමිත අතර එහිදී ඇතිකර ගන්නා අවසන් එකඟතාව අනුව ශ්රීලනිපය අයවැය තෙවනවර කියවීමේ අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය ප්රකාශ කරනු ඇති බව ද මන්ත්රීවරයා සඳහන් කළේය.