
2018 පෙබරවාරි 23 දින සිට 2018 ඔක්තෝබර් 12 වැනිදා දක්වා කාලය තුළ රජයේ ගිනුම් පිළිබඳ කාරක සභාව විසින් පවත්වන ලද විමර්ශන 13ක් සහ විශේෂ විමර්ශන 03කට අදාළ වාර්තා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
එක් එක් ප්රධාන ගණන් දීමේ නිලධාරියා විසින් ඉදිරිපත් කරන ලද වාචික හා ලිඛිත පැහැදිලි කිරීම් සහ ඒ සඳහා කාරක සභාව විසින් සිදුකරන ලද නිරීක්ෂණ හා ලබා දෙන ලද නිර්දේශ ද කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද පොදු නිරීක්ෂණ ද මෙම වාර්තාවේ අන්තර්ගත වේ.
රජයේ ගිනුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ලසන්ත අලගියවන්න මහතා විසින් මෙම වාර්තා ඉදිරිපත් කරන ලදි. මෙම වාර්තාව තුළ නිරීක්ෂණ 21ක් හා නිර්දේශ 125ක් සඳහන්ව ඇතැයි මන්ත්රීවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්රකාශ කළේය.