
2019 මුදල් වර්ෂයට අදාළව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 74ක් ලැබුණි. ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්රකාශ කළ අතර ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.