ඇස වෙනුවට කන පිනවීම

ගීත රචනාවත් කලාවක්. ගීත රූප රචනාවත් කලාවක්. ගීත රචනා කලාවේ ආරම්භය දශක ගණනාවක් පසුපසට දිව යන්නේ ඉතාමත් වේගයෙන්.
වෙල් යායක හමන සුළං රැුල්ලකට, ගංගාවක, ඇළ දොළක ගලන දිය පහරක සිහින් කෙඳිරියකට, පර්වතයක හැපෙන සුළං රැුල්ලෙන් එන දෝංකාර ශබ්දය මුහුදේ රළ රැුළි නංවන ශබ්දය මේ ආදී නානාවිධ තරංගයන් ඔස්සේ පදවැල් ගොනු කර ගනිමින් අතීතයේ ගීත රචනයට පණ දුන් බව රහසක් නොවේ. ඒ හා බැඳුණු පදවැල්, ඒවායේ අරුත් අපේ හද පාරවන අයුරු සිතට දැනෙන්නේ කණින් අසන විට නෙතින් වැටෙන කඳුළු බිඳු මුවේ ගෑවී දැනෙන ලූණු රසය දිවට දැනෙනා විටදීය. ඒ වෙනස කෙතරම් නම් අගය කළ හැකිද?

60 දශකයේ මව්ගුණ ගීයක ආරය සහ සාරය බලන කල ‘‘සොම්නස හෝ සන්තාපය හමුවේ සිහි වේ සිහි වේ අම්මා’’ යන ගීතයේ පදවැලත්, පසු කාලීනව එනම් 70 දශකයේදී ‘‘ආදරයේ උල්පත වූ අම්මා’’ ගීතයේ පද වැලත් පසුකාලීනව බලන කල විවෘත ආර්ථිකයත් සමඟ බිහි වූ කලාවට අනුව මව්ගුණ ගීත නිර්මාණ පදවැල් මෙලෙස වෙනසකට භාජනය විය. ‘‘උකුලට නාවත් එදා වගේ ’’ වත්මන් යුගයට පිවිසෙන විට මවගේ ගුණ වනනා ආකාරය බටහිර තාලයට අනුවම පදවැල් බැඳී ඇති ආකාරය ‘‘ජීවිතේ මල් අපෙ අම්මා ඉන්නකල්’’ ගීතයෙන් ගීත රචනා කලාවේ වෙනස මොහොතකට පැහැදිලි කරයි.

දශක කිහිපයක් තුළදී මේ ගීත රචනය වෙනස් වුවද එකී වෙනස එකම රචකයාගේ අඩිපාරේ යමින් සිදු නොවන ලද්දක් බව අප මනාව වටහා ගත යුතුය. සංගීතයට අත්පොත් තැබූ අප ප‍්‍රවීණ ගීත රචකයින් තම ජීවිතය පුරාවටම ලත් අත්දැකීම් එක මිටකට ගනිමින් ඒවා සංගීතයෙන් රස ගැන්වූයේ අපූර්ව ආකාරයකටයි. වත්මනේ හතු පිපෙන්නාසේ බිහිවන වල් වැදුණු රචකයන් කීප දෙනෙකුගේ රචනා උණු කැවුම් මෙන් තරුණ පරපුර අත විසිරී යද්දී නූතන තාක්ෂණයට දෙස් දෙවොල් තබනුයේ තම දරුවන් අවනත කර ගන්නට නොහැකි වූ සුළු දෙමාපිය වැඩිහිටි පිරිසක් නොවේද?
එසේම ගීත රූප රචනා කලාව වර්තමානයේ බෙහෙවින් ජනප‍්‍රියමාතෘකාවක් බවට පත් වී ඇත. ගීතයක් පද රචනා කොට, තනු නිර්මාණය කොට, හඬ මුසු කොට එය සමාජයට මුදා හරිනවාට වඩා වැඩි වෙහෙසක් හා පිරිවැයක් දරනුයේ ගීතයක රූප රචනාවක් නිර්මාණය කිරීමටයි. ඕනෑම ගීත රූප රචනාවකින් සමාජයට කිසියම් හරවත් පණිවිඩයක් ලබා දිය යුතුමයි.

පද රචනාවට සාධාරණත්වය ඉටු විය යුතුයි

ගීතයේ පද මාලාවට සාධාරණත්වයක් ඉටුවන ආකාරයට රූප රචනාව නිර්මාණය වී තිබිය යුතුයි. අතීතයේ ‘‘ටීටර්’’ නමින් හඳුන්වා තිබූ නාට්‍ය කලාවේ මේ රූප රචනා ගීතමය අයුරින් කෙතරම් සුන්දරත්වයක් ලබා දුන්නේද? දික්තලා කාලගෝල නාටකයේ ‘‘අගුටුමිටියා’’ ගීතය සේම තාරාවෝ ඉගිලෙති නාටකයේ ‘‘මඬේ ලගින තාරාවුන් නාවන්නද මං ’’ ගීතයන්හි රූප රචනා තවත් අංගයන් ඉදිරිපත් කිරීමට සමත්. මීට වසර කිහිපයකට පෙර විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වූ ගීත රූප රචනා සහ වර්තමානයේ විකාශය වන රූප රචනාවන්හි සැලකිය යුතු වෙනසක් දක්නට ලැබෙනවා. එකම නිර්මාණකරුවෙකු වුවත් සිය නිර්මාණයන්ට සාධාරණත්වය ඉටුවීමට යැයි කියමින් විවිධාකාරයේ රූප රචනා නිර්මාණයට යොමු වී තිබේ.

මුදලට ආත්ම ගරුත්වය පවාදීමට ඇති සූදානම

සිය රසික ප‍්‍රජාවේ ආකර්ෂණය උදෙසාත්, සිය ලාභය උදෙසාත් මෙවන් ආකාරයට තම ආත්ම ගරුත්වය පවා පාවා දෙන්නට තරම් ලාංකිය සංගීත කලාව ආගාධයට වැටී ඇත්දැයි තරුණ අප ප‍්‍රශ්න නැගිය යුතුය. මේ දිනවල ත්‍්ජැ ඊදදනල ශදම ඔමඉැ වැනි සමාජ වෙබ් අඩවි ජාලා හරහා කතාබහට ලක්වන විවිධාකාර වූ ගීත රූප රචනා සිංහල ජාතියක් වූ අපගේ දෑසින් බලන්නට පව්කර ඇත්දැයි හැෙඟ්. ආලින්දයේ එකට වාඩි වී දෙමාපිය දරුවන් නරඹන රූපවාහිනියේ මෙවන් රූපරාමු ඇතුළත් කරන්නට විද්‍යුත් මාධ්‍ය සූදානම් වන්නේ මුදලට ඇති කෑදරකම නිසා විය හැකිය. නමුත්, එයින් විනාශ වන්නේ අපේ අනාගත පරපුරත්, ජාතියේ සංස්කෘතියත් බව වටහා ගත යුතුය. සිංහලයේ සංස්කෘතිය පවා අභියෝගයට ලක් කරන, සිංහල සංස්කෘතියක් ඉතිරි වී ඇත්දැයි ප‍්‍රශ්න නඟා ඇතැම් නිර්මාණකරුවන් යැයි කියා ගන්නා පිරිසකගෙන් අප ඇසිය යුත්තේ සිංහල සංස්කෘතිය කුමක්දැයි ඔවුන් හඳුනනවාද යන්නයි. සංස්කෘතිය යනු අපේ ආහාර, ඇඳුම් පැළඳුම්, යාන වාහන වැනි භෞතික වස්තූන්ම පමණක් නොවේ. අපේ සිතුවිලි, හැඟීම්, චර්යාවන්, ආකල්ප ආදී අධ්‍යාත්මික හැඟීම් පවා සංස්කෘතිය සමඟ බද්ධ වී පවතිනවා. වර්තමානයේ බිහිවන ඊනියා සංගීත නිර්මාණයන් තුළින් මොවුන් අභියෝගයට ලක් කරනුයේ එලෙස ගොඩනැගුණු අපේ සංස්කෘතිය නොවේද?

කාමුකත්වය සංකල්ප ගත වීම

ඉන්දීය සංගීත කලාව තුළත්, ඉන්දීය සිනමාව තුළත් බිහිවන බොහෝ නිර්මාණයන්ට පසුබිම් වී ඇත්තේ කාමුකත්වය නමැති සංකල්පයයි. ඉන්දීය සිනමාව තුළ නිර්මාණය වන බොහෝ ගීත රූප රචනාවන්හි අනිවාර්ය අංගයක් ලෙස මෙවැනි රූප රාමු ඇතුළත් කොට තිබේ. නමුත් එය සිංහල සංගීත කලාව තුළ නිර්මාණය වන ගීත රූප රචනාවන්ගෙන් වෙනස් වන්නේ ඒවායේ ඇති සංයමශීලීත්වය නිසාවෙනි. ආදරය, විරහව ආදී අධ්‍යාත්මික හැඟීම් සමාජයට මුදා හැරිය යුත්තේ කිසියම් සංයමශීලී සීමාවක පිහිටාය. රාගිකත්වයට, ආදරයට සීමා නැතැයි පවසා එම සීමාව ඉක්මවා යමින් නිර්මාණ බිහිවනවා නම් එතැන ඇත්තේ සංගීතයේ සෞන්දර්යය නොවේ. එය හුදෙක්ම වැරදි අනුකරණයක් පමණි.
සංගීතය වැනි අති සංවේදී භාව ප‍්‍රකාශන මාධ්‍යයක් තුළින් ඉන්දීය නිර්මාණකරුවන් නිසි ඵල නෙලා ගනිද්දී ලාංකීය නිර්මාණකරුවන් තවමත් අඳුරේ අතපත ගාමින් බාල නිර්මාණ සමාජයට මුදා හරිමින් සිටී. බටහිර නිර්මාණ අනුකරණයෙන් පමණක් ලාංකීය සංගීත කලාවට අත්වන ප‍්‍රගතියක් නොමැති බව වටහා ගත යුතුය. මෙරට බොහෝ නිර්මාණකරුවන් හුරුවී ඇත්තේ බටහිර නිර්මානයක් අනුකරණය කරමින් ඒ ඔස්සේ තම නිර්මාණ සමාජගත කිරීමටය. නමුත්, එය හුදෙක්ම අනුකරණයක් බවට පමණක් පත්වන්නේ කෙටි කලකින් බිහිවන එම නිර්මාණ කෙටි කලකින්ම රසික ප‍්‍රජාවගේ මතකයෙන් දුරස්වන බැවිනි. ප‍්‍රශස්ත නිර්මාණයක් නම් එය සදාකාලිකවම රසික හදවත් තුළ ලැගුම් ගෙන තිබිය යුතුය. බටහිර නිර්මාණ අතර ්‍යදඑැක ක්‍්කසදෙබස් ගීතය, ඔසඒබසජ තේමා ගීතය, ඵසජයැ්ක න්‍්ජනිදබ ගේ ඔයැ ෑ්රඑයල ්‍යැ්ක එයැ අදරකා වැනි ගීත ී්ජරසසෙජැත්‍වගග ගීතය තවමත් ලොව පුරා රසිකයින් පිනවීමට සමත්. එවන් පසුබිමක් තුළ මෙරට සංගීත කලාව තවමත් ප‍්‍රාථමික අඩියක පවතින්නේ යැයි හැඳින්වීම වරදක් නොවේ.
අද පරිහාණියට ගියත් ස්වර්ණමය අතීතය අමතක නොකළ යුතුයි
නමුත්, අප සිහි තබා ගත යුතු තවත් කරුණක් ඇත. එනම්, වර්තමානයේ සිංහල සංගීතය ආගාධයකට ගමන් කරමින් සිටියත් මෙරට සංගීත කලාව හිණිපෙත්තේ වැජඹෙමින් පැවති යුගයක් අප සතුව තිබූ බවයි. එදා ආදරය, විරහව, පසුබිම් කොට ගෙන බිහි වූ නිර්මාණ තුළින් අප අදත් රසවින්දනයක් ලබනවා. නමුත් වර්තමානයේ එම රසවින්දනයෙන් බැහැර වෙමින් ලැජ්ජා බය නැති කර දමා, මිනිසුන්ගේ රාගික හැඟීම් උද්දීපනය වන ආකාරයට නිර්මාණ බිහි වෙමින් පවතී. එයින් කලාවක් බිහිවෙනවා යැයි පැවසීම මුසාවකි.

දොස් නැගිය යුත්තේ කාටද ?

එසේ නම් අප මේ ගීත රචනයේ අතීත-වත්මන් වෙනස දැකිය යුත්තේ කෙබඳු ආකාරයකටද? ගීත රූප රචනාවේ වෙනස දකින්නේ කෙබඳු ආකාරයකටද? විළිවසා සිටි තාරුණ්‍යය නිරුවතින් සමාජයේ හැසිරෙන බවකි වත්මනේ දක්නට ඇත්තේ. අමු අමුවේම පද රචනාවන් රූප රචනාවන්ගෙන් කාමුකත්වය වමාරන සමාජ පසුබිමක් තුළ නූතන තාක්ෂණයට දෙස් දෙවොල් තබනා වැඩිහිටි පරපුරෙන් අප නැගිය යුතු පැනයකි. තාක්ෂණය කෙසේ වුවත් එ ගොඩ නගනා මිනිසුන් ජීවත් වනුයේ අප තුළමය. එසේනම් අප දොස් නැගිය යුත්තේ අපටම නොවේද ?


සටහන – ටී. ආර්. මෙනීෂා
සම්මානි

Recommended For You

About the Author: Editor