නිදන්ගත වකුගඩු රෝගය නිවැරදිව හඳුනා ගනිමු – වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය


‘‘වකුගඩුව’’ මිනිස් ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ කාර්යයන් රැුසක් ඉටු කරනවා. බෝංචි ඇටයක හැඩය ගත් මෙම ඉන්ද්‍රියේ ප‍්‍රමාණය වැඩිහිටි පුද්ගලයෙකුගේ සාමාන්‍යයෙන් සෙ.මි 10 – 14 දිගින් ද, සෙ.මි 5 – 6 පළලකින් ද සහ සෙ.මි 3-4 ඝනකමකින්ද යුත්ත වෙනවා. එහි සාමාන්‍ය බර ග‍්‍රෑම් 120-175 අතර වෙනවා.

මෙම යුගය ඉන්ද්‍රිය මහා ප‍්‍රාචීර පේශියට පහළින්, උදර බිත්තියට පිටතින්, සිරුර පිටුපස බිත්තියට ආසන්නව, කාශේරුකාව දෙසට සමමිතිකව පිහිටා තිබෙනවා. දොළොස්වන උරස් සහ තුන්වන කටී කාශේරුකා අතර ස්ථානගත වී ඇති අතර, සාමාන්‍යයෙන් දකුණු වකුගඩුව වම් වකුගඩුවට වඩා තරමක් පහතින් පිහිටා තිබෙනවා.

එක් වකුගඩුවක වෘක්කානු මිලියනයක් පමණ අඩංගු වන අතර එය වකුගඩුවේ කාර්යයන් හා ගැළපෙන පරිදි නිර්මාණය වී තිබෙනවා. වකුගඩු මගින් ශරීරයේ අත්‍යාවශ්‍ය කාර්යයන් ගණනාවක් ඉටු කරනවා. ඉන් වැදගත් කාර්යයන් අතර,
1 ඇමෝනියා සහ යූරියා වැනි අපද්‍රව්‍ය බහිස‍්‍රාවය කිරීම.
2 සෝඩියම් සහ පොටෑසියම් වැනි ලවණ වර්ග සහ අම්ල-භෂ්ම යාමනය.
3 රතු රුධිරාණු නිෂ්පාදනය සඳහා උත්තේජකයක් වන ‘‘එරිත්රොපොයිටීන්’’ නිෂ්පාදනය කිරීම.
4 ක‍්‍රියාකාරී විටමින් ‘‘ඞී’’ නිෂ්පාදනය කිරීම.
5 රුධිර පීඩනය පාලනය කිරීම.

කාලික වකුගඩු අකරණය

කාලික වකුගඩු අකරණය කියලා කියන්නේ කාලයක් පවතින රෝගී තත්ත්වයක් බලපෑම නිසා හෝ වෙනත් හේතු සාධක නිසා, වකුගඩු මගින් අපේක්ෂිත ක‍්‍රියාවලීන් නිසි පරිදි සිදු නොවීමයි. මිනිසාගේ දීර්ඝ කාලීන වකුගඩු අකරණය සිදුවීම සඳහා බලපාන්නා වූ හේතු සාධකයන් කිහිපයක් හඳුනා ගෙන තිබෙනවා.
1 මනා පාලනයෙන් තොර දියවැඩියාව.
2 මනා පාලනයෙන් තොර අධි රුධිර පීඩනය.
3 වකුගඩුවල ගල් හට ගැනීම.
4 වකුගඩු ප‍්‍රදාහය ඇති වීම.
5 ආවේණික වකුගඩු රෝග.
6 වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිතය.

ඉතිහාසය සහ රෝග ව්‍යාප්තිය

ශ‍්‍රී ලංකාවේ කාලික වකුගඩු අකරණයට ලක් වූ රෝගීන් සහ එම රෝගය නිසා මරණයට පත් වූ විශාල ප‍්‍රමාණයක් 1990-1992 කාලය තුළ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව වාර්තා වුණා. පසුව මැදවච්චිය ප‍්‍රදේශයත්, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මැදිරිගිරිය වැනි ප‍්‍රදේශවලත්, ඌව පළාතේ ගිරිඳුරුකෝට්ටේ, මහියංගනය වැනි ප‍්‍රදේශවලත්, නැගෙනහිර පළාතේ දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේත්, මධ්‍යම පළාතේ විල්ගමුව, හෙට්ටිපොළ වැනි ප‍්‍රදේශවලිනුත් හඳුනා ගැනීමට හැකි වුණා.

මෙම කාලික වකුගඩු රෝගයට හේතුව ඉහත සඳහන් කළ කිසිවක් නොවෙයි. මේ වන තෙක්ම නිශ්චිත හේතුවක් හඳුනා ගැනීමට නොහැකි වීම නිසා මෙම රෝගී තත්ත්වය දැනට ‘‘හේතුව හඳුනා නොගත් කාලික වකුගඩු අකරණය’’ නමින් හඳුන්වනවා.

අපි මෙතැන් සිට මෙම රෝගී තත්ත්වය ගැන විමසා බලමු.

රෝග ලක්ෂණ

මෙම රෝගය වැඩිහිටියන් අතර බහුලව දැකිය හැකි නමුත් කුඩා ළමුන් අතර වාර්තා වී නැහැ. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ රෝගය නිසා වකුගඩු යුගලම සම්පූර්ණයෙන් ම වාගේ ක‍්‍රියාවිරහිත වූ විටයි.
රෝගය මුල් අවස්ථාවේ හඳුනා ගැනීමට නම්,
1 මුත‍්‍රා පරීක්්ෂණ සහ රුධිර පරීක්ෂණ
2 වකුගඩුවල ස්කෑන් කළ යුතුයි.
නමුත් සමහර රෝගීන් මුල් අවස්ථාවේදී වුව ද රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි අතර, ඔවුන් ප‍්‍රතිකාර සඳහා බාහිර රෝගී අංශයන් කරා යොමු කරනවා.
මෙම රෝගයේ රෝග ලක්ෂණ හතරක් දැකිය හැකියි
1 දවසේ වැඩ කටයුතුවලින් පසු ශරීරයට දැනෙන අපහසුතාවයන් සහ උණ ගතිය.
2 ඇලපතෙහි වේදනාව.
3 කොන්දේ කැක්කුම.
4 මුත‍්‍ර දැවිල්ල.
මෙම රෝගයට ලක්ව සිටින බහුතරය වී ගොවිතැනෙන් ජීවිකාව ගෙන යන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් පිරිමි අය වෙනවා. සමහර අවස්ථාවලදී පවුලේ කිහිප දෙනකුට මෙම රෝගය තිබිය හැකි අතර රෝගය කෙරෙහි ජානමය සාධක බලපාන බවට ද අනුමාන කරනවා.

ඉහත සඳහන් කළ පරිදි වකුගඩු දෙකම බොහෝ දුරට ක‍්‍රියාවිරහිත වූ පසු ඇති වන රෝග ලක්ෂණ වන්නේ,
1 කෑම අරුචිය සහ වමනය.
2 ඇඟපත කැසීම.
3 ශාරීරික මහන්සිය.
4 රක්තහීනතාවය.
5 ශරීරයේ ඉදිමුම.
6 අධික රුධිර පීඩනය.
7 අස්ථි සහ තුනටියේ වේදනාව.
8 මානසික ආතතිය.

රෝගය හඳුනා ගැනීම

වකුගඩු රෝගීන්ගේ රෝග විනිශ්චය සඳහා සහ වකුගඩු රෝගය නිසා ශරීරය අභ්‍යන්තරයේ සිදු වූ බලපෑම් නිර්ණය කිරීමට රෝගීන්ගේ මුත‍්‍රා සහ රුධිර පරීක්ෂාවන් බොහෝ සේ ඉවහල් වෙනවා. ඒ සඳහා බහුල වශයෙන් සිදු කරන ඉතා වැදගත් පරීක්ෂණයන් කිහිපයක් තිබෙනවා.

මුත‍්‍රා පරීක්ෂණ
1 මුත‍්‍රා ඇල්බියුමින් (ප්‍රෝටීන්
2 මුත‍්‍රා සම්පූර්ණ පරීක්ෂාව
3 මුත‍්‍රා ඇල්බියුමින් (හෝ ප්‍රෝටීන්* ක‍්‍රියැටිනින් අනුපාතය
රුධිර පරීක්ෂණය
1 ක‍්‍රියැටිනින් පරීක්ෂණය
2 ගණනය කිරීම සඳහා මෙම පරීක්ෂණය යොදා ගන්නවා.
3 ක‍්‍රියැටිනින් ක්ලියරන්ස්
4 රුධිරයේ ලිපිඩ මට්ටම
5 කැල්සියම්.
6 පොස්ෆරස්.
7 සම්පූර්ණ රුධිර පරීක්ෂාව
8 ප්‍රෝටීන් මට්ටම.
9 රුධිරයේ අයණ ප‍්‍රමාණය

වකුගඩු අකර්මන්‍යතාවයට ලක් වීමත් සමග ගුච්ජිකාවෙහි ක‍්‍රියාකාරීත්වය ද ක‍්‍රම ක‍්‍රමයෙන් දුර්වල වීමට පටන් ගන්නවා. මෙය අවස්ථා පහක් වශයෙන් හඳුනා ගෙන තිබෙනවා. එය පහත වගුවෙන් සංඛ්‍යාත්මකව පෙන්නුම් කරනවා.
වකුගඩු අකර්මණ්‍යතාවය (අදියර* ඨත්‍ඍ අගය :පකරැු පසබරැු 1ග75 ප2
1 වන අවස්ථාව ශ්‍රී 90
2 වන අවස්ථාව 61-90
3 වන අවස්ථාව 31-60
4 වන අවස්ථාව 16-30
5 වන අවස්ථාව 0-15
මෙම රෝගය නිර්ණය කිරීම සඳහා වකුගඩුවෙන් පටක කොටසක් පරීක්ෂා කර වාර්තාවක් ඇතැම් විට අවශ්‍ය වෙනවා. මෙය සිදුකරන්නේ පහසුකම් සහිත වකුගඩු රෝග ප‍්‍රතිකාර ඒකකවලදී පමණක් වන අතර ඒ සඳහා වෛද්‍ය නිර්දේශ අවශ්‍ය වෙනවා. රෝගියා මේ සඳහා බිය වීමට කිසිදු හේතුවක් නැහැ.

ක්ෂේත‍්‍රයේ සිදු කරන වකුගඩු සායන

මුල් අවධියේ ම රෝගය හඳුනා ගැනීමෙන් රෝගය පාලනය කරගත හැකියි. එබැවින් අදාළ ප‍්‍රදේශවල ජීවත් වන වයස අවුරුදු 16ට වැඩි සියලූ දෙනාම වසරකට වරක්වත් වෛද්‍ය සායනවලය සහභාගී වී තමන්ට රෝගය තිබේ දැයි දැනගත යුතුුයි. මෙහිදී කරනු ලබන පරීක්ෂණ වන්නේ.
1 මුත‍්‍රාවල ප්‍රෝටීන් සඳහා පරීක්ෂණය.

2 රුධිරයේ ක‍්‍රියැටිනින් සාන්ද්‍රණය මැන බැලීම.
මෙම පරීක්ෂණවලින් මූලිකව හඳුනා ගන්නා රෝගීන් වෛද්‍යවරුන් විසින් විස්තරාත්මකව පරීක්ෂා කර බලා වකුගඩු ස්කෑන් පරීක්ෂණක් මගින් ඔවුන් එම රෝගීන් බව සනාථ වුවහොත් දීර්ඝ කාලීන වෛද්‍ය අවධානය සඳහා අදාළ සායනවලට යොමු කරනවා.

රෝගය සඳහා හේතු මොනවාද ?

දේශීය සහ විදේශීය පර්යේෂණ කණ්ඩායම් විසින් විවිධ පර්යේෂණ සිදු කළ ද මෙම රෝගය සඳහා නිශ්චිත හේතුවක් මේ වන විටත් සොයා ගැනීමට හැකි වෙලා නැහැ. පානීය ජලය හා මෙම රෝගය අතර සම්බන්ධයක් ඇති බව ඇතැම් පර්යේෂකයින් පවසනවා. හේතු කාරකයන් ලෙස පර්යේෂණවලදී පහත සඳහන් කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා.

1 පානීය ජලයේ ඇති ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණය සහ කඨිනත්වය (කැල්සියම් සහ මැග්නීසියම් නිසා
2 කෘෂි රසායන ද්‍රව්‍යයන්.
3 බැරලෝහ (කැඞ්මියම් සහ ආසනික් වැනි
4 සයනොබැක්ටීරියා විෂ.
5 ජානමය සාධක.
6 ඔක්රටොක්සින.
7 ඇරිස්ටලෝකික් අම්ලය.
8 දීර්ඝ කාලයක් තද අව්වට නිරාවරණය වීම සහ විජලනය.

රෝග නිවාරණය හා ප‍්‍රතිකාරයන්

මෙම රෝගී තත්ත්වය සඳහා මේ වන තෙක් හේතුවක් හඳුනා නොගත්ත ද රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා පහත සඳහන් කාරණා කෙරෙහි සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.
1 ගුණාත්මක බවින් ඉහළ පානීය ජලය භාවිතා කිරීම.
2 කෘෂි රසායනවලට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවීම සහ රසායනික පොහොර අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් යෙදීම.
3 මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් වැළකීම.
4 ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වීම.
5 ජීවන තත්ත්වය නගා සිටුවීම.
6 ඇලූමිනියම් භාජනවල ආහාර පිසීම හැකිතාක් සීමා කිරීම.
7 දිනපතා ක‍්‍රමානුකූලව ව්‍යායාමවල යෙදීම
8 මුල් අවධියේදීම රෝගය හඳුනා ගැනීම සහ ප‍්‍රතිකාරවලට යොමු වීම.

හේතුව හඳුනා නොගත් කාලික වකුගඩු අකරණය සඳහා සිදු කරන ප‍්‍රතිකාරයන්, අනෙකුත් කාලික වකුගඩු අකරණයන්හි දී කරන ප‍්‍රතිකාරමයි.
1 වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය අඩු වූ විට ප්‍රෝටීන් සහිත ආහාර සීමා කිරීම.
2 අධික රුධිර පීඩනය පාලනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම.
3 රක්ත හීනතාවයට ප‍්‍රතිකාර කිරීම.
4 අස්ථිවල රෝගී තත්ත්වයන් සඳහා ප‍්‍රතිකාර කිරීම.

වකුගඩු සම්පූර්ණයෙන් ම අකරණයට පත් වූ විට (එනම් 5 වන අවස්ථාවේදී
1 රුධිර කාන්දුකරණය.
2 පරිතාන කාන්දුකරණය.
3 වකුගඩු බද්ධ කිරීම.

Recommended For You

About the Author: Editor