පරිසරවාදයක් නිර්මාණය කර ගෙන ආණ්ඩුවට ගහනවා – පරිසර රාජ්‍ය ඇමැති අජිත් මන්නප්පෙරුම

ජාතිවාදය, ආගම්වාදය සේම පරිසරවාදයක් ද නිර්මාණය කරගෙන ඇතැම් පිරිස් වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ වෛරයක් නිර්මාණය කරමින් ඔවුන්ව උසිගන්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ඊයේ චෝදනා කළේය.

පරිසර අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් පරිසර රාජ්‍ය ඇමැතිවරයා මේ චෝදනාව කළේය.
2015 දී වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විල්පත්තුව හෝ රටේ වෙනත් කිසිදු තැනක එක බිම් අඟලක පරිසර විනාශයක් සිදුකර නැතැයි අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුව පරිසරය වනසමින් ක‍්‍රියාකරන බවට දැවැන්ත සාවද්‍ය ප‍්‍රචාරයක් ගෙන යමින් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ වෛරයක් ඇති කිරීමට මේ පිරිස ගන්නා උත්සාහය දැඩිව හෙළා දකින බව ද කීවේය.

Recommended For You

About the Author: Editor