
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු සැකකරුවන් පස් දෙනාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
පී.සමරසිරි සහ ජෙෆ්රි ඇලෝසියස්ට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් හා ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙක්ක ද, අධ්යක්ෂවරුන් වන පුෂ්පමිත් ගුණවර්ධන චිත්‍රා රංජන් හුලූගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන අයට එක් අයෙකුට ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කළ අතර විදෙස් ගමන් බලපත් අධිකරණයට භාර දෙන මෙන් ද නියෝග කළාය. නඩු විභාගය අපේ‍්‍රල් 30 වැනිදා යළි විභාග කිරීමට නියමිතය