වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි

ප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ නොහොත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නැමැත්තා 2008 වසරේ ගල්කිස්ස ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 7.05ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් 2015 වසරේදී කොළඹ මහාධිකරණය විසින් නියම කොට තිබූ මරණ දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය නිෂ්ප‍්‍රභ කළ අභියාචනාධිකරණය අද (5* එම දඬුවම ස්ථිර කරන ලදි.

අභියාචානාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර සහ අභියාචනාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි විසින් මෙම තීන්දුව ලබා දුන්හ.
2012 වසරේදී දෙහිවල ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7.05ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වෙලේ සුදාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලද අතර දීර්ඝ නඩු විභාගයකින් පසු එම චෝදනාවලට වෙලේ සුදා නැමැත්තා වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණය ඔහුට මරණ දඬුවම පනවන ලදි.

මහාධිකරණ මගින් තමන්ට මරණ දඬුවම පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් පනවන මෙන් ඉල්ලා වෙලේ සුදා විසින් අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනය ගොනු කර තිබුණේය.

Recommended For You

About the Author: Editor