
ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී, දමිළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පත් කිරීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිර්දේශ කර ඇත.
ඊයේ පස්වරුවේ රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම නිර්දේශ කිරීම කළ බව කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සඳහන් වේ.