ජනප‍්‍රිය සංස්කෘතිය කුමක්ද? කුමටද ?

සංස්කෘතිය ගැන මෙන්ම ජනප‍්‍රිය සංස්කෘතිය ගැන ද අප කතා කරමු. එත් මේ ද්විත්වය ගැන නිසි වැටහීමක් බොහෝ දෙනකුට නොමැති බව පෙනේ. මේ ලිපියේ අරමුණ වන්නේ සංස්කෘතිය තුළ ජන මෝහන ( ජනතාවට මෝහනයට පත් කරන ජනප‍්‍රිය සංස්කෘතිය ගැන පැහැදිලි කර ගැනීමය.

හිසෙතොෂි කාටෝ නම් සමාජ පර්යේෂකයා සඳහන් කරන ආකාරයට ‘ජනප‍්‍රිය සංස්කෘතිය’ යන වචනය ඉතා පැහැදිලි අර්ථ දෙන්නකි. ඊට හේතුව මානව විද්‍යාඥයින් විසින් නිර්වචන සපයා ඇති සියලූම සංස්කෘතික ජීවන ක‍්‍රමයන් මිනිස් කණ්ඩායමකට අත්දැකීම් බෙදා හදා ගන්නා ක‍්‍රමයන් යන්න ජනප‍්‍රිය සංස්කෘතියේ ලක්ෂණයක් වීමයි.

ජනප‍්‍රිය සංස්කෘතික පර්යේෂණ පිළිබඳ සමාජ විද්‍යාඥයින් හා එම කලාවන්හි හා සාහිත්‍යවල යෙදී සිටින පුද්ගලයින් අතර සම්බන්ධතාවක් නොමැත. ජනප‍්‍රිය සංස්කෘතිය හැදෑරීම මානව විද්‍යාඥයින්, ඉතිහාසඥයින්, සමාජ විද්‍යාඥයින් සේම මනෝ විද්‍යාඥයින් හා ජනශ‍්‍රැති අධ්‍යයනය කරන්නන් විසින් විෂයාන්තර ප‍්‍රවිශ්ටයකින් හැදෑරිය යුතු ගැටලූ සහගත අංශයකි.

ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ විවිධ පර්යේෂණ සන්නිවේදන ක්ෂේත‍්‍රයට අදාළව පැවැත්වේ. ජනප‍්‍රිය සංස්කෘතිකාංග ඇතුළත් සංස්කෘතිය බොහෝ ජන කොටසකගේ අත්දැකම් රාශියක් ලෙස හඳුනාගත හැකිය. දෙමාපියන් හා දරුවන් අතරත්, ගුරුවරුන් හා ශිෂ්‍යයින් අතරත්, සමාජයේ සාමාජිකයින් අතරත්, හිතමිතුරන් අතරත්, සාරධර්ම හා සංස්කෘතිකාංග හුවමාරුව සන්නිවේදනය මගින් සිදුවේ. ප‍්‍රථමික සමාජයේ වාවික සන්නිවේදනයේ සම්ප‍්‍රදායේ සිට තාක්ෂණික අතින් දියුණු වත්මන් තාක්ෂණික සංස්කෘතිය දක්වා සියලූම මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් සඳහා සන්නිවේදනය යන වචනය භාවිත වේ.

ලෝකයේ සෑම සමාජයක් කෙරෙහි මෙන්ම, ස්වභාව ධර්මය කෙරෙහිත්, විවිධ සංස්කෘතිකාංග කෙරෙහිත් ජනමාධ්‍ය, විශේෂයෙන් විද්‍යුත් ජනමාධ්‍ය විශාල බලපෑමක් කර තිබේ. විශේෂයෙන් ගුවන් විදුලිය හා රූපවාහිනිය යන මාධ්‍ය හඳුන්වා දීමත් සමග ලෝකයේ බොහෝ රටවල මිනිසුන්ගේ හැසිරීම් රටාව, සිතිවිලි, ලෝකය පිළිබඳ දැරූ ආකල්පය හා ජීවන ක‍්‍රමය ආදියේ විශාල වෙනස්වීම් සිදුව ඇත.

ජනප‍්‍රිය සංස්කෘතිය යනු එක් අතකින් විෂයන් කිහිපයක් එක් කළ හැකි ගැටලූ සහගත ක්ෂේත‍්‍රයකි. එබඳු අන්තර්ගත විෂය අනුබද්ධ ක්ෂේත‍්‍රයක් වශයෙන් ජනප‍්‍රිය සංස්කෘතික පර්යේෂණ ඉතා වැදගත් වේ. අනෙක් අතට එහි භයානක පැත්තක් ඇති බවට විචාරක මතයකි.

ජනප‍්‍රිය සංස්කෘතික අංගයන්, සාරධර්ම පිළිඳ කතා කරන බොහෝ දෙනකු පක්ෂපාතී- අපක්ෂපාතී මත සාකච්ඡුා කරති. තවත් කණ්ඩායමක් පවසන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය බොහෝ දෙනකු විනෝදාස්වාදයට පත් කරන නිසා එය යහපත් බවකි. ලිංගිකත්වය, අපරාධ, වාණිජත්වය, නව විලාසිතා, කොතෙක් ඇති කළත් මහජනයාගේ කැමැත්ත හා තේරීම නිසා ජනප‍්‍රිය සංස්කෘතිය සුදුසු යැයි ඔවුහු සඳහන් කරති. මෙයට හාත්පසින්ම විරුද්ධ කණ්ඩායමක් කියා සිටින්නේ ජනප‍්‍රිය සංස්කෘතියේ අන්තර්ගතය ඉතා අනර්ථකර සමාජික ප‍්‍රශ්න ඇති කරන කලා රසයෙන් තොර තත්ත්වයක් බවයි.

එමෙන්ම ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑම අධ්‍යයනය කිරීම දුෂ්කර කාර්යයකි. අමෙරිකාව, ජපානය වැනි මාධ්‍ය සංස්කෘතික සමාජවල එකී රූපවාහිනී පණිවුඩයක බලපෑම වෙන වෙනම අධ්‍යයනය කිරීම ඉතා දුෂ්කර වේ. මහජනතාව නොයෙකුත් මාධ්‍යවල පණිවුඩවලට ලක් වෙති. එකී වැඩසටහනක හා බාලාපරාධ වැනි ක්ෂේත‍්‍රයක් පිළිබඳ හේතුඵලවාදී තීරණයක් දීමට නුපුළුවන.

බාලාපරාධ සම්බන්ධ නඩු විභාග වන උසාවිවලදී කළ අධ්‍යයන් මගින් තහවුරු වී ඇත්තේ බලාපරාධ කිරීමට රූපවාහිනිය හේතු වී ඇති බවයි. ඉන් අදහස් කරන්නේ එබඳු වරදක් කිරීමට පෙලඹීම සඳහා රූපවාහිනි වැඩසටහන් හේතු වී ඇති බවයි. සමහර විටක තම නිර්දෝෂීභාවය පෙන්වීමට රුපවාහිනී වැඩසටහනකත්, ළමයෙකුගේ ක‍්‍රියාකාරකම් අතරත් සම්බන්ධතාවක් අන්තර් විචල්‍ය මාර්ගයෙන් ගොඩනැඟීමට පුළුවන.
ජනප‍්‍රිය සංස්කෘතිය ගැන කතා කිරීමේදී, ජනප‍්‍රිය සංස්කෘතියට අයත් යම් වැඩසටහනක් ( උදාහරණයක් වශයෙන් සුජාත දියණිය * යම්කිසි කලා විචාරකයෙකු විචාර බුද්ධියකින් තොරව වටහා ගැනීමට පුළුවන. එයින් තමාට වැඩසටහන තේරුණේ කෙසේද ? යන්න මිස මහජනයාඑයින් වටහා ගත්තේ කුමක්ද යන්න ගැන විමසිය නොහැකිය.

ජනප‍්‍රිය සංස්කෘතිය යන වචනය භාවිතයට පැමිණියේ 1950-60 දශකවලදීය. විශේෂයෙන්ම ජනමාධ්‍ය ව්‍යාප්තිය නිසා සමාජ ගමන් මග වෙනස් කළ හැකිය. මෙකී වෙනස් තත්ත්වයන් මත ඒ පිළිබඳ පර්යේෂණ කිරීමට මානව විද්‍යාඥයෝ උනන්දු වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ‘ජනප‍්‍රිය සංස්කෘතිය’ යන පදය භාවිතයට පැමිණියේය.

සෑම ජන සමාජයකමට ඊට ආවේණික ජනප‍්‍රිය සංස්කෘතියක් තිබී ඇති බව සඳහන් වේ. අද දවසේ ජනප‍්‍රිය සංස්කෘතිය ජනතාව විසින් නිෂ්පාදනය කළ දෙයක් වන අතර එය මහා පරිමාණයෙන් පැතිර යන්නේ ජනමාධ්‍යකරණය හේතු කොට ගෙනය.

ජනප‍්‍රිය සංස්කෘතිය බාල කඩදාසියේ මුද්‍රිත නවකතා, ටෙලිනාට්‍ය, වීඩියෝ, සිනමා පට දක්වා ද නව පන්නයේ කලිසමක සිට ඉවත ලන රේසරය දක්වා නිෂ්පාදිත දැන්වීම් සමුදාය ආදියෙන් අපගේ දිනපතා පරිසරය සැකසී ඇත. මෙබඳුම ක්ෂණිකව හඳුනාගත හැකි සංකේතවලින් නූතන ජනප‍්‍රිය සංස්කෘතිය ගොඩනැඟී ඇත.

සටහන: දුලානි චතුන්ෂා සෙව්වන්දි

Recommended For You

About the Author: Editor