දරුවන්ට සිහින මවන්න ඉඩ හරින්න -ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම්

ඔබ අප සැම දෙනාම දන්න කියන නමක් තමයි ‘අබ්දුල් කලාම්’ ඔහු ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක්. කීර්තිමත් විද්‍යාඥයෙක්. ඒ සියල්ලටම වඩා දරුවන් ගැන වඩාත් උනන්දුවන, ඔවුන්ගේ අනාගත යහපත වෙනුවෙන් ඇප කැප වුණ අයෙක්. මෙම පිටුවේ පළවන ලිපිය දෙමාපියන් වන ඔබට සුවිශේෂයි. මේ ලිපිය කියවන ඔබට වැටහෙවී ළමුන් සතු බලය කොතරම්ද ? එය පුබුදුවා ගන්නේ කෙසේද කියා.

‘‘මා වෙසෙසින් තරුණ සිසුන් හමුවිය යුත්තේ ඇයි ? පිළිතුරක් සොයමින් මම මගේ සිසු දිවියට නැවත ගියෙමි. රාමේශ්වරන් සිට ආ ගමන… කොතරම් අගේ ඇති ගමනක් ද ? ආපසු බලන විට සියල්ල අදහාගත නොහැකිය. එය යථාර්ථයක් බවට පත් කරන ලද්දේ කුමක් විසින් ද ? මහන්සි වී වැඩ කිරීම ද ? බලාපොරොත්තුව ද ? මගේ මනසට බොහෝ දේ පිවිසෙයි.

සැබවින්ම මා මගේ වටිනාකම තක්සේරු කළේ මගේ මහන්සියේ ප‍්‍රමාණයෙනි. මට හැෙඟන ඉතා වැදගත් දේ එයයි. මූලික කාරණය නම්, දෙවියන් විසින් දෙන ලද ප‍්‍රතිලාභ වන ජීවිතයේ හොඳ දේ ලබා ගැනීමට ඔබට අයිතියක් ඇති බවයි. දියුණු ඉන්දියාවක වටිනා පුරවැසියන් වීමට අපේ සිසුන් හා තරුණයින් විශ්වාස කරන්නේ නැති නම්, ඔවුන් වගකිව යුතු හා අවබෝධයෙන් යුතු පුරවැසියන් වන්නේ කෙසේද ?

සංවර්ධිත ජාතීන්ගේ සමෘද්ධිමත් භාවය පිළිබඳ ගුප්ත කිසිවක් නැත. එහෙත් එම රටවල ජනතාව පරම්පරා ගණනාවක් තිස්සේ දිගින් දිගටම තමන් බලවත් හා සමෘද්ධිමත් ජාතියක යහපත් ජීවිතයක් ගතකළ යුතු යැයි විශ්වාස කළහ. ඔවුන්ගේ අභිලාෂයන් සමග යතාර්ථය සමපාත විය. ඓතිහාසික කාරණය නම් එයයි.

සමෘද්ධිමත් බව හා ආධ්‍යාත්මක ගුණවගාව එකිනෙක වෙන් වූ දේ ලෙස මම නොසිතමි. භෞතික දේවල් කෙරෙහි ඇළුම් කිරීම ද වැරදි දෙයක් නොවේ. උදාහරණයක් ලෙස මම පෞද්ගලිකව අල්පේච්ඡු ජීවිතයක් අපේක්ෂා කරන අතරම සමෘද්ධිමත්භාවයට ද ඇළුම් කරමි. මක්නිසා ද යත්, සමෘද්ධිමත් බව අපට ආරක්ෂාව ආත්ම විශ්වාසය ලබා දෙන නිසාය. ඒවා අපගේ විමුක්තිය ආරක්ෂා කිරීමට ආධ්‍යාත්මිකව උපකාර වෙයි. සොබාදහම ද අඩ වශයෙන් කිසිවක් නොකරයි. ඔබ හාත්පස සිසාරා බැලූවහොත් එය පෙනෙනු ඇත. උයනකට ගොස් බලන්න. මල් සමයෙහි එය මලින් පිරී තිබෙයි. අහස දෙස බලන්න, විශ්වාස කරන්නට බැරි තරමට විශ්වය අනන්තය දක්වා ඇතිරී තිබෙයි.

ලොව පුරා අප දන්නා සියලූ දෑ ශක්තියේ පිළිබිඹුවක්මය. ශ‍්‍රී ඔරබින්දෝ කියන ආකාරයට අපි ද විශ්ව ශක්තියේ කොටසක් වෙමු. අධ්‍යාත්මය හා පදාර්ථය එකම පැවැත්මේ කොටස් වශයෙන් අගය කරන්න පටන්ගත් විට, ඒ දෙකෙහිම මහා සංහිඳියාව තේරුම් ගත් විට, භෞතික දේට අලූම් කිරීම ලැජ්ජා විය යුතු දෙයක් හෝ ආධ්‍යාත්මයට නොගැළපෙන දෙයක් හෝ නොවන බව අපට පසක් වනු ඇත.

තාපස ජීවිතය දක්වාම විහිදෙන්නට හැකි, සුළු දෙයින් සෑහීමට පත්වීමේ ආකල්පයේ වරදක් නැත. මහත්මා ගාන්ධි එවැනි දිවියක් ගත කළේය. එහෙත් ඔබ විෂයෙහි මෙන්ම ඔහු විෂයෙහි වුව ද එය ‘තෝරා ගැනීම’ පිළිබඳ කාරණයකි. ඔබ එවැනි ජීවන විලාශයක් වෙත එළඹෙන්නේ ඔබේ ගැඹුරින් පැනනගින අවශ්‍යතාවකට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙසය. කෙසේ වෙතත් දුක් විඳීමක් සඳහා බල කිරීමක් හෝ කැපකිරීමක් යහපත් ක‍්‍රියාවක් ලෙස ගෙනහැර පෑම ඊට වඩා වෙනස් දෙයකි. තරුණ කොටස් සමග හිතවත්කම් පෑමට මා ගත් තීරණයේ පදනම එයයි.

එනම්, ඔවුන්ගේ සිහින දැන ගන්නට හා යහපත් ජීවිතයක්, සමෘද්ධිමත් ජීවිතයක් හා සතුටින් හා පහසුවෙන් පිරීගත් ජීවිතයක් ලැන සිහින මැවීම, මෙන්ම එවන් රන් යුගයක් කරා වැඩ කිරීම ද වරදක් නොවන බව ඔවුන්ට කියන්නටය. ඔබ කරන දේ කුමක් වුවත් එය ඔබේ හදවතින් ම පැන නැගිය යුතුය. ඔබේ ආත්මය තුළින්ම හඬ නැගිය යුතුය. එසේ ම ඒ හරහා සෞභාග්‍යය හා සතුට ඔබ හාත්පස පුරා විසුරවා හළ යුතුය.

මගේ පළමු රැුස්වීම පැවැත් වුණේ ත‍්‍රිපුර ප‍්‍රාන්තයේ උසස් විද්‍යාලයකය. එය සිසුන් හා ගුරුවරුන් 500 කගේ පමණ එකතුවකි. ‘ඉන්දියාව සංවර්ධිත ජාතියක් කිරීම සඳහා වූ දෙවැනි දැක්මක් ’ නම් මගේ දේශනයෙන් පසු ප‍්‍රශ්න වැලක් සභාවෙන් පැනනැගිණි. ඉන් ප‍්‍රශ්න දෙකක් ගැන කතා කිරීමට මම කැමැත්තෙමි.

පළමු ප‍්‍රශ්නය ‘අපට චරිතාදර්ශයක් ’ ලැබෙන්නේ කොහෙන්ද ? ඔබ චරිතා දර්ශයක් ලබා ගන්නේ කෙසේද ? මේ ගැන අවදියෙන් සිටියත් නැතත්, ළමා වියෙන් ඇරඹි, ජීවිතයේ නොයෙක් අවස්ථා හරහා අපි චරිතාදර්ශ උකහා ගන්නෙමු. ‘ඔබ වැඩෙද්දී, වයස අවුරුදු පහළොව පමණ තෙක් මට සිතාගත හැකි හොඳම චරිතාදර්ශය නම් ඔබේ මව, පියා සහ පාසල් ගුරුවරයා ය’’ මම කීවෙමි. මට හැෙඟන හැටියට මේ අවදිය තුළ හොඳම මඟ පෙන්වීම දිය හැක්කේ ඔවුන්ටය. එහි වූ ගුරුවරුන් හා මාපියන් දෙස හැරුණු මම ඔවුන් සතු මහත් වූ වගකීම ගැන කීවෙමි.

මා පෞද්ගලිකව විශ්වාස කරන අන්දමට, සාරධර්ම ව්‍යුහය තුළ දරුවකුගේ පූර්ණ සංවර්ධනය ලැබෙන්නේ මේ අයගෙනි. මා වැඩෙන කාලයේදී නිවස තුළ මගේ මව හා පියා දිනකට පස්වරක් නමස්කාර කරනු දැක ඇත්තෙමි. ඉතා සීමිත ආර්ථික සම්පත් තිබුණේ වුවත්, හැමවිටම ඔවුන් නැති බරිවුනට උදව් කරනු දැක ඇත්තෙමි.

මගේ ගුරුවරයා සිවසුබ‍්‍රානියා අයියර්, ආර්ථික ගැටලූ පසෙක ලා මා පාසල් යවන්නට මා පියා උනන්දු කිරීමේ වගකීමට උර දුන්නේය. දීප්තිමත් හා මහන්සි වී වැඩකරන යහපත් මිනිසුන් බවට දරුවන් පත් කරන මඟ පෙන්වන්නට දිරි ගන්නා සෑම මවකටම, පියෙකුටම එය ඉතා වැදගත් කාරණයක් වෙයි. ගුරුවරයා ඉගෙනුම හා දැනුම පිළිබඳ කවුළුවක් වෙමින් දරුවා තුළ නිර්මාණශීලීත්වය උත්පාදනය කිරීමේ චරිතාදර්ශයයි.

මට සිතාගත හැකි විශිෂ්ටතම චරිතාදර්ශය නම් මේ ත‍්‍රිකෝණයයි. ‘මාපියන්ට පිටුපසින් පාසල සිටගනියි’ යනුවෙන් කියමනක් තිබේ. අධ්‍යාපනය හා ගුරු සිසු සබඳතාව ව්‍යාපාරික යෙදුම් ඇසුරින් දැකිය යුතු දෙයක් නොවේ. එය ජාතියේ වර්ධනය සිත්හි තබාගෙන බැලිය යුතු දෙයකි. නියම අධ්‍යාපනයක්, අපේ තරුණයන් අතර අභිමානය හා ස්වයංගරුත්වය පෝෂණය කරයි. මේ නම් කිසිම නීතියකට ඇති කළ හැකි දෙයක් නොවේ. ඒවා පෝෂණය විය යුත්තේ අප තුළින්මය.

දරුවන් මගේ පිළිතුර භාරගත් නමුත් මාපියන් හා ගුරුවරුන් මගේ පණිවිඩය තෝරාබේරා ගත්තේ දැයි නොදනිමි.

වගකීම්බර ගතියකින් යුත් තවත් දැරියක් ‘හැමදාම අපි පත්තරවලින් දකිනවා, නැතිනම් අපේ මාපියන්ට කතා කරනවා අහෙනවා ත‍්‍රස්තවාදය ගැන. ඔවුන් කවුරුන්ද ? ඔවුන් අපේ රටට අයත් පිරිසක්දැයි ’ ඇසුවාය.
මේ ප‍්‍රශ්නය මා නිසැකවම කම්පනයට පත් කළේය. මම ම ඊට පිළිතුරක් සෙවීමට උත්සාහ කළෙමි. ඔවුහු අපේම මිනිස්සුය. සමහර අවස්ථාවලදී දේශපාලන හා ආර්ථික වශයෙන් අපි ඔවුන් හුදකලා කළෙමු. ඔවුන් සමහර විට සතුරු රටවල අනුග‍්‍රහය ලබන, සාමාන්‍ය ජනජීවිතය ත‍්‍රස්තවාදය හරහා අවුල් කිරීමට වෙර දරන, උන්මත්තකයින් ද විය හැකිය.

පිළිතුරක් සොයා ගනු පිණිස මම රැුස්ව සිටි ගුරුවරුන් දෙස ද, ඉහළ අහස දෙස ද බැලිමි. අවසානයේ කීවෙමි ‘දරුවනි, රාමායණය හා මහා භාරතය වැනි අපේ වීර කාව්‍ය මගේ සිහියට නැගෙයි. රාමායණයේදී අරගලය තිබුණේ දිව්‍යමය වීරයා වූ රාම හා අමනුෂ්‍ය රජ වූ රාවණා අතරය. එය දිගුකාලීන ගැටුමකි. අවසානයේදී රාම ජයගත්තේය. මහා භාරතයේදී සටන තිබුණේ කරුක්ෂේත‍්‍රවලය. හොඳ සහ නරක අතර මේ සටනෙන් ද නැවතත් ධර්මය ජයගත්තේය. සටන් බොහෝ තිබේ. එහෙත් සාමය ජය ගනියි. අපේ කාලයේ ද මේ හොඳ හා නරක අතර ගැටුම අත්විඳ ඇත්තෙමු. ඒ දෙවැනි ලෝක යුද්ධයේදී දීය. ඉන් මට හැෙඟන්නේ, හොඳ හා නරක සදාතනිකව එකිනෙකට මුහුණ ලා සිටින බවය. දෙවියන් වහන්සේ, මේ දෙපාර්ශ්වයටම යම් පමණක් සහාය දෙයි. අපේ ආධ්‍යාත්මක සංවර්ධනය හරහා නරක අවම කරගන්නේ කෙසේද යන්න මුළු මහත් මානව ඉතිහාසය පුරාම පැවතුණු ප‍්‍රශ්නයකි.

තවත් අවස්ථාවක මම තමිල්නාඩුවේ ‘ඞ්න්ඩිගුල්හි’ ශාන්ත මේරි විදුහලේ සැත්තෑ පස්වැනි සංවත්සරයේදී විශාල සිසු පිරිසක් ඇමතීමි. මා හමුවන්නට සිටි බොහෝ ළමුන් අතර මගෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වූ දෙදෙනෙක් සිටියහ. ඉන් එකෙක් මෙසේ ඇසීය. ‘‘ මම ඔබේ අග්නි සිරාගුගල් ( මා රචනා කළ පොතක් වන උසබටි දෙ ත්‍සරු හි දෙමළ පරිවර්තනය * කියවා තිබෙනවා. ඔබ හැම විටම කියන්නේ සිහින මවන්න කියා. කියන්න මට, ඇයි සිහින මවන්නේ ’’

මගේ පිළිතුර රැස්ව සිටි දරුවන්ට මෙසේ හඬනගා කියන්න යැයි කීවෙමි.
‘‘සිහින මවන්න
සිහින මවන්න
සිහින මවන්න
සිහින සිතුවිලි බවට පත් වෙයි
සිතුවිලි ක‍්‍රියාවන්ගෙන් කෙළවර වෙයි ’’

මම කීවෙමි, මිත‍්‍රවරුනි, සිහින දකින්නේ නැතිනම් විප්ලවකාරී සිතුවිලි පැනනගින්නේ නැත. සිතුවිලි නැතිනම්, කිසිදු ක‍්‍රියාවක් උපදින්නේ නැත. එහෙයින් දෙමාපියන් හා ගුරුවරුන් ඔවුන්ගේ දරුවන්ට සිහින මවන්නට ඉඩ හළ යුතුය. පසුබැසීම් හා ප‍්‍රමාදයන් ඇතිවිය හැකි වුවත්, සැබවින් ම සාර්ථකත්වය ගොඩනැගෙන්නේ සිහින පිටුපසිනි ’.

තවත් දරුවෙක් ඇසීය. ‘කරුණාකර කියන්න කවුද ලෝකයේ පළමු විද්‍යාඥයා ’’

විද්‍යාව උපදින්නේත්, පවතින්නේත් ප‍්‍රශ්න කිරීම මත ම පමණක් බව මට සිහිපත් විය. විද්‍යාවේ සමස්ත පදනම ප‍්‍රශ්න කිරීම ම ය. දෙමාපියන් හා ගුරුවරුන් හොඳින් දන්නා පරිදි දරුවන් යනු නිමක් නැති ප‍්‍රශ්න කිරීම්වල උල්පතයි. එමනිසා, මම පිළිතුරු දුන්නෙමි. ‘දරුවා තමයි පළමු විද්‍යාඥයා’’
මහත් වූ ඔල්වරසන් නැගිණි. දරුවෝ මේ වෙනස් සිතුවිල්ල අගය කළහ. දෙමාපියෝ ද ගුරුවරු ද මද සිනා දුන්හ.

ඇසෑමයෙහි සංචාරයේ යෙදෙන අතරතුර මම ටෙස්පූර්වලට ගියෙමි. ඒ ටෙස්පූර් විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝස්තවයට සභභාගී වන්නට හා එහිදී හා වෙනුවෙන් පිරිනැමුණු ගෞරව උපාධිය පිළිගන්නටය. උළෙල අවසානයේ මම සිසුන් හමුවූයෙමි. එය තරුණ පිරිසකගේ මහත් එකතුවකි.

‘‘දමනය කළ නොහැකි ආත්මය’’ මාගේ දේශනයේ තේමාව විය. දේශනය අවසන් වූ වහාම ඔවුහු සමරු සටහන් ලබා ගැනීමට මා වටකර ගත්හ. ඉනික්බිති සිත්ගන්නා සුළු ප‍්‍රශ්න දෙකක් මට ලැබිණි.

එකක් මෙසේ. ‘‘නිරන්තරයෙන් ගංවතුර ඇති කරන බ‍්‍රග්මපුත‍්‍ර නදියේ ජලකඳ නිතර පිපාසයෙන් පෙළෙන රාජස්ථානයට හෝ තමිල්නාඩුවට හරවන්න බැරි ඇයි ’’

මෙවැනි නිර්මාණශීලී අදහස් ඇත්තේ දරුවන්ට ම පමණි. වැඩුනවුන් දකින්නට කැමැති වන්නේ නොහැකියාවන්මය. මේ නම් මා පරාජය කළ බලවත් ප‍්‍රශ්නයකි. අගමැතිවරයා වුව ද මේ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට අසමත් වන බව මට සහතිකය. කෙසේද මා මේ දරුවන්ට කියන්නේ, ගංගා ප‍්‍රන්තවලට පවරා ඇති විෂයක් බවත්, එම ප‍්‍රාන්ත ජලයට ඇති අයිතිය ගැන එකිනෙකා දබර කරගන්නා බවත්. මේ ගංගා යම් දවසක ඔවුන්ට සමෘද්ධිය ළඟා කර දෙනු ඇත. එහෙත් එතෙක් ඒවා නිෂ්ප‍්‍රයෝජන ලෙස මුහුදට ගලා බසිනු ඇත. හැම වසරකම ගංවතුර ඇති කරනු ඇත.

මම කීවෙමි. ‘‘2020 සඳහා ඉන්දියාවේ දැක්ම, තරුණයින්ගේ බලාපොරොත්තු වන්නේ ගංගා හරහා ප‍්‍රාන්ත එකිනෙක යා කරන උතුම් මෙහෙවරක් ඇරඹීමය. ප‍්‍රබලතම මනස ඇත්තේ කරුණයින්ට බව මම පෞද්ගලිකව අත්දැක ඇත්තෙමි. නිලධාරී තන්ත‍්‍රයේ පසුගාමීත්වය හා ප‍්‍රාන්ත රාජ්‍යයන්ගේ සමහර ආත්මාර්ථකාමී පිළිවෙත් අබිබවන්නට, රටේ ජනතාව සමෘද්ධිමත් කරන්නට ඔවුන්ට හැකිය. පරිධිය හා කේන්ද්‍රය අතර සහයෝගිතාව වැඩි දියුණු කරන්නට ද ඔවුන්ට හැකිය. සහිතික වශයෙන්ම ඔවුන් එය කරනු ඇත.

Recommended For You

About the Author: Editor