
මාලදිවයින් රාජ්‍යයේ ඊයේ පැවැති මහ මැතිවරණයෙන් හිටපු ජනපතිවරයෙකු වූ නෂීඞ්ගේ නායකත්වයෙන් යුත් “මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂය” (එම්.ඩී.පී) විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තේය.
ආසන 87කින් යුත් මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 60ක බලයක් ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් දිනාගෙන ඇත.
පසුගිය කාලය පුරා දැඩි දේශපාලන නොසන්සුන්තාවලින් පීඩාවට පත්ව සිටින මාලදිවයිනට මේ සමග දේශපාලන ස්ථාවරත්වය උදාවනු ඇතැයි විශ්වාස කෙරේ.