
මාර්තු 25 වැනිදා සිට දකුණුදිග ඉරානයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් පුද්ගලයින් 70 දෙනකු මිය ගොස් 400,000කට අධික පිරිසක් අවතැන් වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
සති දෙකක් තිස්සේ පතිත වන අධික වැසි හේතුවෙන් මේ වන විට දකුණු ඉරානයේ ප්රධාන ගංඟා තුනක් නොකඩවා පිටාර ගලමින් තිබෙන අතර ගම්මාන 275ක් ජලයෙන් කොටු වී ඇත. පාලම් 200ක් විනාශයට පත්ව මහා මාර්ග කිලෝ මීටර් 400ක් පමණ සේදී ගොස් ඇතැයි ද 90,000ක පමණ පිරිසක් ආපදා ප්රදේශවලින් ඉවත් කොට ඇති බව ද රොයිටර් වැඩි දුරටත් සඳහන් කරයි.