සිත ලෙඩ වුණොත් සේරම ඉවරයි :මානසික සෞඛ්‍යය

වෛද්‍යවරු පමණක් නොවෙයි අපි බොහෝ දෙනෙක් කියන ආකාරයට අද සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ හිතේ ලෙඩ. ‘හිත සියලූ සිතුවිලිවලට මුල් වෙනවා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒත් බුදු දහම අනුව ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද ? ඒ නිසා හැමෝටම හිතේ ලෙඩ වැඩියි. ඒ නිසා ගතේ ලෙඩත් වැඩියි. ඒ දෙකම එකතු වුණාම මුළු ජීවිතේම අවුල්. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, රැකියාවේ අර්බුද ඇති වෙනවා, පවුල් ආරවුල් ඇති වෙනවා. එහෙම වෙන ඇතැම් අය මත්පැන් බෝතලේ පිහිට හොයනවා. දේවාල ගානේ, සාස්තරකාරයෝ ගානේ යනවා. අන්තිමේදී ජීවිතෙන් වන්දි ගෙවන අයත් හමු වෙනවා.

ලංකාවේ මානසික රෝග ගැන වැඩි උනන්දුවක් නැහැ. ඒත් එය කිසිසේත් නොසලකා හැරිය නොහැකියි. මේ ලිපිය මගින් අවධානය යොමු කරන්නේ ඒ ගැන.

පුද්ගලයකුගේ මානසිකත්වය චර්යාව මගින් පිළිඹිබු වන අතර මනසේ ඇති වන හැඟීම් හා සිතිවිලි චර්යාව බවට පත් වෙනවා. ඒ අනුව මනස සහ චර්යාව අතර පහත සඳහන් සම්බන්ධතා දැකගත හැකියි.

1 සිත සෑම චර්යාවකටම මුල් වන අතර මනස හසුරුවා ගැනීමෙන් චර්යාව හසුරුවා ගත හැකියි.
2 චර්යාව පාලනය කර ගැනීමෙන් මානසික වේගයන් ද හසුරුවා ගත හැකියි.
3 යම් යම් මානසික ස්වභාවයන් හා බැඳුනු ශාරීරික චර්යාවන් තිබෙනවා.
4 පුද්ගලයකුගේ් මානසික ස්වභාව අනුව සංජානනය සිදු වන අතර එය චර්යාවන්ට බලපෑම් කරනවා.
5 මනස තුළ විවිධ චිත්තවේග ඇති වන අතර, ඒ අනුව චර්යාව ප‍්‍රකට වෙනවා.
6 ධනාත්මක හා සෘණාත්මක ලෙස චිත්තවේග වර්ග කළ හැකියි.
7 ධනාත්මක හා සෘණාත්මක චිත්තවේග මත පදනම් වන චර්යාව පැහැදිලිව වෙන් කර හඳුනා ගත හැකියි.
8 කෙනෙකු තුළ ධනාත්මක චර්යාව බහුලව ප‍්‍රකට වන්නේ නම් එම තැනැත්තාගේ මනස නිරෝගී වෙනවා.
9 කෙනෙකු තුළ සෘණත්මක චර්යාව බහුලව ප‍්‍රකට වන්නේ නම් එම තැනැත්තාගේ මනස රෝගී වෙනවා

මානසික ක‍්‍රියාවලියේ ස්වභාවය

මනස යනු ශාරීරික පද්ධතිය විසින් බිහි කරන ශක්තියකි. නිරෝගී ශරීරයක් හා නිරෝගී මනසක් අතර සහසම්බන්ධයක් තිබෙනවා.
මානසික ක‍්‍රියාවලියේ ස්වභාවයේ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

  1. මානසික ක‍්‍රියාවලියේ ස්වභාවය තීරණය කරන සාධකයක් ලෙස පරිසරය දැක්විය හැකියි.
  2. පුද්ගලයකුගේ මධ්‍යම ස්නායු පද්ධතිය හා මානසික ක‍්‍රියාවලිය අතර සහ සම්බන්ධයක් ඇත.
  3. මානසික ක‍්‍රියාවලිය ඉතා හොඳින් අර්ථකථනය කර ඇත්තේ සිග් මන් ප්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණාත්මක
    ආකෘතිය මගිනි. ( මේ පිළිබඳව විස්තරාත්මක අදහස් දැක්වීම ඉදිරි ලිපියකින් සිදුවේ. *
  4. මනසේ ව්‍යුහය ත‍්‍රිත්වාකාරවේ. එනම්, සුපහන් සිත, පහන් සිත, යටි සිත යනුවෙනි. සුපහන් සිත උත්තරීතර පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිටින අතර පහන් සිත පුද්ගලයකුගෙ ් එදිනෙදා කටය ුතු
    හසුරුවනු ලබයිි. යටි සිත පුද්ගලයාගේ අවේණික ස්භාවික සහජාශයන් වෙනුවෙන් පෙනී
    සිටියි.
  5. මෙම ත‍්‍රිත්වය තුළ එකිනෙකට පරස්පර අදහස් පවතින නිසා මානසික ගැටුම් ඇති විය හැකියි.
  6. මෙම ගැටුම නිර්මාණශීලි ස්වරූපයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ මාර්ග ඇත. ( නවකතා, කවි, චිත‍්‍රපට ආදිය… *

සරල මානසික පීඩා හා ඒවාට මුහුණ දීම

සරල මානසික පීඩා ඇති වීම එදිනෙදා ජීවිතයේ අප කවුරුත් අත් විඳින ස්වභාවික මානසික
සංසිද්ධියකි. එවැනි අවස්ථාවකදී,

  1. මනෝ විද්‍යා උපදේශකවරයකු හෝ වෛද්‍යවරයකු මුණ ගැසී උපදෙස් ලබාගන්න
  2. එසේ ප‍්‍රශ්න හා පීඩාවන් සඟවා තබා නොගෙන හිතවතුන් හෝ ගුරු භවතුන් සමග සාකච්ඡුා කරන්න
  3. නිතිපතා ශාරීරික අභ්‍යාසවල යෙදෙන්න
  4. වැඩ කටයුතු නිසි සැලැස්මක් ඇතිව කරන්න
  5. ප‍්‍රමාණවත් ලෙස විවේක ගන්න
  6. ප‍්‍රමාණවත් ලෙස නිදා ගන්න
  7. සිත සැහැල්ලූ වෙන් තබා ගැනීමට පුරුදුවන්න
  8. ළඟා කර ගත හැකි ඉලක්ක ඇති කර ගන්න
  9. පීඩනය ඇති කරන සිතුවිලිවලින් හැකිතාක් වළකින්න
  10. පරාජය හෝ බලාපොරොත්තු කඩවීම සඳහා සුදානම්ව සිටින්න

ඒ ඒ පුද්ගලයාගේ මානසික ශක්තිය අනුව සරල මානසික පීඩාවලට මුහුණ දෙන ආකාරය අසමාන වෙනවා. සරල මානසික පීඩා විධිමත්ව වර්ග කළ හැකි අතර ඒවාට ප‍්‍රතිකර්ම ලෙස මනෝ විද්‍යාත්මක උපදේශනය යොදා ගත හැකියි. සමහර මානසික පීඩා එදිනෙදා ජීවිතයේ කොටසක් ව පවතින අතර සමහර පීඩාවන් කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙනවා. ඒ වගේම සරල මානසික පීඩා නොසලකා හැරියහොත් ඒ නිසා දැඩි ආවේග ඇති පුද්ගලයකුගේ ජීවිතය අවුලක් බවට පත් විය හැකියි.

පිටතින් පැමිණෙන පීඩනයන් නිසා මානසිකව ඇති වන ආතතිය සමාජයේ බහුලව ඇති මානසික පීඩාවකි.

බලාපොරොත්තු නොවු වෙනස්වීම්වලට භාජනය වීම නිසා ‘ක්ලමතය’ ඇති වේ.

දැඩි ආවේග සහිත මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ‘කාංසාව’ ඇති වේ.

බලාපොරොත්තු කඩ වීම නිසා ඇති වන පරාජිත බව නිසා ‘විශාදය’ ඇති වේ.

‘ආතතිය’

උද්වේගකර චිත්තවේග නිසා මානසිකව ඇති වන පීඩාකාරි තත්ත්වය ‘ආතතිය’ යනුවෙන් හැඳින්වෙනවා. ආතතියෙන් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

අධික ලෙස වැඩවල යෙදීම, වැඩවල ඉලක්ක සපුරා ගත නොහැකි වීම, පාලනය කර ගත නොහැකි ආකාරයේ පැවතුම්වලට හසු වීම ආදිය නිසා ඇති වන පීඩනයෙන් ආතතිය ඇති වෙනවා. විභාගයක් ආසන්න වන විට ඇති වන මානසික තත්ත්වයත් මෙයමයි. මෙය මානසික පීඩාවක් වුවත්, ආතතිය නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග ඇති වන වෛද්‍ය විද්‍යා පර්යේෂණවලින් අනාවරණය කර ගෙන තිබෙනවා.

‘ක්ලමතය’

පුද්ගලයන් වෙනස්වීම්වලට භාජනය වීම ක්ලමතය ඇති වීමට හේතුවයි. එක දිගට බොහෝ වෙනස්කම් ඇති වීම හෝ තදබල වෙනස්කම් ඇති වීමේ ප‍්‍රතිඵලය වන්නේ අනතුරුදායක මානසික පීඩා ඇති වීමයි. ක්ලමතය තුළ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

1 පුද්ගලයන් අහිමිම (ආදරය කළ අය මිය යාම, හිත මිතුරන් අහිමිවීම, වෙන්වීම හෝ විවාහ ජීවිතය බිඳ වැටීම *
2 රැකියාවේ වෙනස් (වැඩ කටයුතු කර ගෙන යාමේ ඇති වන බාධක, කේන්ති යාම හෝ අනිත් රැුකියාවකට යාමේ ප‍්‍රතිඵලයක් වශයෙන් *
3 උද්වේගකර චිත්තවේග නිසා මානසිකව ඇති වන පීඩාකාරි තත්ත්වයකි. විභාගයක් ආසන්න වන විට ඇති වන මානසික තත්ත්වයත් මෙයම යි.
4 මුදල් ප‍්‍රශ්න (වියදමට වඩා ආදායම අඩු වු විට, විශාල වශයෙන් ණයවීමට සිදු වු විට,

5. ආදායම් මාර්ග ඇහිරි ගිය විට
6 අසනීප වු විට / අනතුරු සිදු වු විට ( බරපතල රෝගයක / අනතුරුවලින් සිදු වන තුවාල වලින් රෝගියා සහ පවුලේ අය යන දෙකොටසම මානසික පීඩාවලට මැදි වේ.
7 ජීවන රටාවේ සිදු වන වෙනස් වීම්වලින් (උදාහරණයක් වශයෙන් හදිසියෙ ලැබෙන මුදල් වාසි, ඉතා ඉහළ තනතුරක් ලැබිම අදි සතුට ගෙන දෙන සිදුවීම්
8 පවුලේ ඇති වන වෙනස්වීම් ( පවුලේ වගකීම් වැඩිවීම, පවුලේ ව්‍යුහය වෙනස් වීම, අලූතින් නිවසක් තැනී ආරම්භ කිරීම වැනි හේතුන්
9 සුපුරුදු ජීවන රටාව වෙනස් වීම ( පාසල් යාම අවසාන වීම. රැුකියාවෙන් විශ‍්‍රාම ගැනීම, ක‍්‍රීඩා පුහුණුව අත් හරින්නට සිදු වීම ආදිය
10 විභාගය අසමත් වීම

‘කාංසාව’
දැඩි ආවේග සහිත වීමේ ප‍්‍රතිඵලයක් ලෙස කාංසාව ඇති වේ. මෙය සරල මානසික පීඩාවල ඉහළ ම අවස්ථාවකි. කිසිම හේතුවක් නොමැතිව යම් නරක දෙයක් හෝ අප‍්‍රසන්න දෙයක් සිදු වේ යන අහේතුකවාදී සිතිවිලි මෙයට හේතු වේ. අපට එකඟ විය නොහැකි වු හෝ පිළිගත නොහැකි හෝ අප කිරීමට අකැමැති හෝ අප විසින් කළ ය යුතු දේ අතර ඇති පරස්පර රෝගීතාව නිසා අප තුළ කාංසාව ඇති විය හැකියි.

කාංසාවේ පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

ඇඟ පළ නැතිකම, වෙව්ලීම, කරකැවිල්ල, හදවතෙහි ගැස්ම වැඩිවීම, නොසන්සුන්කම, ආවේගය, අසාමාන්‍ය කෑම ගැනීමේ පුරුදු, හුස්ම ගැනීමේ අපහසුව.

සෑම කෙනෙකුට කාංසාව යම් ප‍්‍රමාණයකින් පැවතීම ස්වභාවිකය. නමුත් කාලීනව පවතින කාංසාව නිසා නොයෙකුත් බරපතළ ප‍්‍රශ්න ඇති විය හැකියි. උදාහරණ වශයෙන් ආමාශගත රෝග, අධික රුධිර පීඩනය, ජීවිතය හා ලෝකය ගැන තෘප්ත ියක් ලැබීමට නොහැකි වීම දැක්විය හැකියි.

‘විශාදය’

පැහැදිලි කරුණක් නොමැති ව කෙනෙකු කණගාටුදායක සිතිවිලිවලින් වෙලී සිටීම හෝ බලාපොරොත්තු රහිත බවක් ඇති වීම නිසා විශාදය ඇති වෙනවා.
විශාදයේ පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි.
1 තෙහෙට්ටුව හා නිදිමත ගතිය
2 අවධානයෙන් කටයුතු කිරීමේ අපහසුව
3 අවිවේකී බව හා පසුතැවිලි වීම
4 ආහාර රසය නැති වීම
5 ශාරීරික පැවතුම් වෙනස් වීම
6 පොදුවේ මුළු ජීවිතය ගැන ම කලකිරීම
7 ජීවියේ වටිනාකමක් නැති බව සිතීම
8 බලාපොරොත්තු රහිත වීම

සරල මානසික පීඩාවලට මුහුණ ම සඳහා තමන් තුළ ඇති සරල මානසික පීඩා තේරුම් ගත යුතුයි. සරල මානසික පීඩාවලට මුහුණ දීම සඳහා විවිධ ක‍්‍රියා මාර්ග තිබෙනවා. එවැනි අවස්ථාවක මනෝ විද්‍යා උපදේශකවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු මුණගැසී උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වෙනවා.

මානසික පීඩා ඇති වීම ස්වභාවික කරුණක් නිසා නිසි උපදෙස් ලබා ගැනීමට පසුබට නොවිය යුතුයි. දිගු කාලීනව පවතින විශාදය නිසා කෙනෙකු අයහපත් චර්යාවන් හුරු වන්නට පුළුවන්.

සරල මානසික පීඩා නිසා ඇති වන මානසික තත්ත්වයන් කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

1 ක්ෂිප්තතාව – සිතේ අවුල් සහගත බව පාලනය කළ නොහැකි පරිදි සිතුවිලි හට ගැනීම, එකම සිතිවිල්ල නැවත නැවත හට ගැනීම
2 ආත්ම අනුකම්පාව – තමා පිළිබඳ ව ඇති වන ශෝකය හා කළකිරීම.
3 වෛරය – අනෙකා කෙරෙහි දැඩි කෝපය, එම තැනැත්තා විනාශ කිරීමේ චේතනාව, පළිිගැනීමේ චේතනාව ඇති විම
4 අනාරක්ෂිත හැඟීම – තමා ආරක්ෂා රහිත තත්ත්වයකට පත්ව ඇතැයි සැකය හා අසරණ බව ඇති වේ.
5 ධ‍්‍රැවගතවීම – තමා හරි අනෙකා වැරදි යැයි සිතීම
6 අතිශයෝක්තිය – සුළු සිද්ධියක් පවා විශාල සිද්ධියක් ලෙස සිතීම
7 හේතු යුක්ති දැක්වීම – තමා විසින් කරන ලද වැරදි පිළිනොගෙන, එය සාධාරණ බව පෙන්වීමට තැත් කිරීම
8 හැඟීම් යටපත් කර ගැනීම – ගැටුම නිසා තමා තුළ ඇති වන හැඟීම් තමා විසින්ම පිළිනොගනී.

මානසික සාමය බිඳ වැටීම හා අයහපත් චාර්යා

මානසික සාමය බිඳ වැටීම හා අයහපත් චර්යා අතර සෘජු සම්බන්ධයක් ඇති අතර මානසික සාමය බිඳ වැටුණු තැනැත්තා අසන්තෝෂයෙන් හා අන් අය සමග නොදීස්සුමෙන් හැසිරෙනු දැකිය හැකියි.

1 මානසික සාමය බිඳ වැටුණු තැනැත්තා ගැටුම්කාරී පුද්ගලයකු ලෙස කටයුතු කරයි.
2 මානසික සාමය බිඳ වැටීම නිසා එදිනෙදා කටයුතුවල ද සාර්ථකව යෙදෙන්නට අපහසුවේ.
3 එවැනි පුද්ගලයෙක් විනාශකාරී චාර්යාවන්ට යොමු විමට ඇති ඉඩ කඩ වැඩි වේ.
4 ඔවුහු පරිසරයේ හා සමාජයේ ස්වභාවික පැවැත්මට බාධා ඇති කරති.
5 ඔවුනට අන්‍යයන්ගේ අනුකම්පාව හෝ ප‍්‍රතික්ෂේප කිරීම එකසේ විඳ ගන්නට සිදුවේ.

අයහපත් චර්යා

අයහපත් චර්යා ගණයට පහත සඳහන් දෑ ඇතුළත් වේ.
අපිළිවෙළ, ගති පැවතු අවුල් වීම, සමාජගත නොවීම, සතුටක් නොමැති වීම, වෛරය/ තරහව, සැකය, ශෝකය, නොසන්සුන් බව, කලහකාරී බව, නොරිස්සුම, අපිළිවෙළට ඇඳිම, උපදෙස් ප‍්‍රතික ්ෂේප කිරීම, අසම්මත මෝස්තරවලට ලැඳියාව.


සැකසුම
තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor