
අනුරාධපුර පූජා නගරය කේන්ද්‍රකර ගනිමින් එහි එන බැතිමතුන්ට ඉතා පෝෂ්‍යදායි දේශීය ආහාර වේලක් ලබා දීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලබන ”හෙළ බොජුන් හල” සදහා මුල්ගල්තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
හෙළ බොජුන් හල ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ නැගෙනහිර පිවිසුම රථගාල අසල ඉදිකෙරේ. අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ මැදිහත්වීම මත බොජුන් හල ඉදිකරනු ලබයි.