
ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අප්‍රේල් 07 දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ය.
වාර්ෂිකව දෙරට අතර පවත්වන ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය ආරක්ෂක ලේකම්තුමන් ප්රමුඛ දුත පිරිස මෙසේ දිවයිනට පැමිණෙන ලදී.
ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක ලේකම් මිත්‍රා මහතා විසින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවීමට නියමිතය.