කිසිදු හේතුවක් මත විදුලි බිල වැඩි කරන්නේ නෑ – ඇමැති රවි කරුණානායක

විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් යම්කිසි හේතුවක් මත එවැනි තීරණයක් ගත හොත් ඊට තමා ඉඩ නොදෙන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

අද (8) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී මේ බව අවධාරණය කළ රවි කරුණානායක මහතා අඩු වියදම් විදුලි ජනනය කිරීම් ඉතාම කෙටි කාලයක් තුළ ආරම්භ කරන බව ද ඒ සඳහා උපරිම වශයෙන් මාස 6-7ක් පමණ ගතවනු ඇති බව ද සඳහන් කළේය.

අපේ‍්‍රල් මස 10 වැනිදා සවස් කාලයෙන් පසු මේ දිනවල සිදුවන විදුලිබල කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කරන බව ද කරුණානායක මහතා අවධාරණය කළේය.

Recommended For You

About the Author: Editor