කුඩා හයිබි‍්‍රඩ් වාහන ඉල්ලුම දැවැන්ත පසුබෑමක

මෙරට ජනප‍්‍රිය කුඩා මෝටර් රථ වර්ගයක් වන ‘‘වැගන් ආර්’’ ඇතුළු හයිබි‍්‍රඞ් වර්ගයේ කුඩා මෝටර් රථ අලෙවිය මේ වන විට සියයට 80කින් පමණ වාර්තාගත ලෙස පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවස යි.


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය දා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡුාවකදී ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් විසින් මේ බව අනාවරණය කර ඇත.

මෙම වාහන අලෙවිය පහත වැටීම සඳහා බලපෑ ප‍්‍රධාන හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ 2019 අයවැය ලේඛනයෙන් වාහන ආනයනය සඳහා අධික බද්දක් පනවා තිබීමයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ‍්‍රී ලංකා වහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පවසන්නේ මෙවැනි කතාවකි. ‘‘වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට කුඩා දෙමුහුන් වාහන සඳහා පනවා තිබුණේ රුපියල් 825,000ක පමණ බද්දක්. එම අගය මේ වන විට රුපියල් 15,00,000 දක්වා ඉහළ දමා තිබෙනවා. එය හරියට බැලූවොත් සියයට 80කටත් වඩා වැඩි ඉහළ යාමක්. මේ බදු නිසා වාහන මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අඩු මිලට කුඩා වාහන මිලදී ගත් ජනතාව ඒවා මිලදී ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිනවා. ඒ වගේම මෙවර අයවැයෙන් ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 200කට තැන්පතු මුදලක් අය කළ ද, ලීසිං පහසුකම් ලබාදීම සියයට 50 දක්වා සීමා කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට වාහන මිලදී ගැනීමට නොහැක් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා’’

මේ අතර ශ‍්‍රී ලංකා වහන ආනයනකරුවන්ගේ සංගමය විසින් තවත් යෝජනාවක් ද රජයට ඉදිරිපත් කර ඇත. ඒ පිළිබඳ අදහස් දක්වන ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කරන්නේ, ‘‘කිලෝවොට් 100ක ධාරිතාවට අඩු, වසරක් පාවිච්චි කරන ලද විදුලි වාහන ගෙන්වීමට දුන් සහනය වසර තුනක් පාවිච්චි කළ වාහන ගෙන්වීම දක්වා පුළුල් කළ යුතුයි. වර්තමාන තාක්ෂණය වැඩි දියුණු කර නිෂ්පාදනය කර ඇති එම වාහන එක් වරක් ආරෝපණය කිරීමෙන් වැඩි දුරක් ධාවනය කළ හැකියි. එවැනි වාහනයි ජනතාව අතර වඩාත් ප‍්‍රචලිත කළ යුතුව තිබෙන්නේ. ඒත් එය නොවෙයි සිදුවන්නේ ’’ යනුවෙනි.

මෝටර් බයිසිකලය වෙනුවට කුඩා මෝටර් රථයක් හිමිකර ගත හැකි ආර්ථිකයක් බිහිකරන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් කුඩා වාහන සඳහා අධික බදු පැනවීම විශාල පිරිසකගේ දැඩි විවේචනයට භාජනය වී තිබේ.

Recommended For You

About the Author: Editor