Uber MOTO කොළඹටත්

‘‘Uber’’ සමාගම තම නවතම යතුරුපැදි සේවාව වන ‘‘Uber MOTO’’ පසුගිය දා කොළඹ දී ආරම්භ කළේය. මෙම යතුරුපැදි සේවාව ඔස්සේ මගීන්ට ඇඟිලිතුඩක ස්පර්ශයෙන් යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට යෑම සඳහා පහසු විකල්පයක් ලබා දෙන බව Uber සමාගම පවසයි.
Uber සමාගමේ මෙරට ප‍්‍රධානී, අන්කිට් ගුප්තා තම සේවාව ගැන මෙසේ අදහස් දක්වයි. ‘‘Uber MOTO’’ සේවාව කොළඹදී දියත් කිරීම හරහා අපේ මගීන්ගේ නගරය පුරා ගමන් කටයුතු වෙනුවෙන් පහසු හා විශ්වාසනීය ගමනාගමන මාදිලියක් ලබාදීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත්ව සිටිනවා. මෙය දියත් කිරීමත් සමග කොළඹ නාගරික ප‍්‍රවාහන අවශ්‍යතාවට දායකත්වය ලබාදීම අරමුණු කරන අතර ම, යතුරුපැදි ධාවකයින්ට වැඩි ඉපයීමක් ලබා ගැනීමටත් අවස්ථාව උදා වෙනවා. ධාවකයාගේ නම සහ ඡුායාරූපයක් සමග ද සමග යතුරුපැදියේ විස්තර ඔබට ලැබෙන මෙම සේවාවේදී වැඩි ආරක්ෂාවක් සලසා තිබෙනවා. මේ සේවාව වෙනුවෙන් රුපියල් 25ක් වැනි ඉතා සුළු මුදලක සිට අයකිරීම් කරන නිසා මෙය වඩාත් පහසු ගමනාගමන විකල්පයක් වනු ඇති බව අපි විශ්වාස කරනවා’’ යැයි ප‍්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor