ආසියානු ව්‍යාපාරික සම්මේලනයේදී ෆැෂන් බග් සමිමානයට

පෙබරවාරි 13 ,14 යන දෙදින මුම්බායි නුවර “ටාජ් ලෑන්ඩ්ස් එන්ඩ්” හි පැවත්වුණු ආසියානු CMO මඟින් බල ගැන්වුණු “2019 ආසියානු ව්‍යාපාරික සම්මේලනයේදී” ෆැෂන් බග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සුබීයන් මහතා “වසරේ තරුණ වෙළෙඳ වෘත්තිකයා” ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූවා.

ආසියානු ව්‍යාපාරික සම්මේලනය යනු දැනට ආසියාව වටා කර්මාන්තවල නියැළෙන්නට, දෙස් විදෙස් මැදිහත් වීමක් ඇති කිරීමටත්, ධනාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා සාකච්ඡාවක් කිරීමටත් කටයුතු කරන ජාත්‍යන්තර මට්ටමේ හා දේශීය මට්ටමේ වෙළෙඳ සන්නාම නියෝජයනය කරන, ක්ෂේත්‍රයේ විශේෂඥයින් සත්කාරකත්වය සපයන, ජාත්‍යන්තර මට්ටමේ ව්‍යවසායකයන් ප්‍රවර්ධන කරන ආසියාවේ වැදගත්ම ගෝලීය මට්ටමේ වේදිකාවයි.

සම්මානය ලබාගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් සුබීයන් මහතා මෙසේ පැවසීය. “ ක්ෂේත්‍රයේ දැවැන්තයින් හා උරින් උර ගැටී මෙම සම්මානය හිමි කරගන්නට ලැබිම මහත් අභිමානයක්. මෙම සම්මානය මා හට හිමි වීම තුලින් මුළු මහත් ෆැෂන් බග් ආයතනයම හා එහි සේවක මණ්ඩලයද ශ්‍රී ලංකාවද ඇගයීමකට ලක් වුණා.”

දශකයකට අධික කාලයක් ෆැෂන් බග් හි සාර්ථකත්වයේ නියමුවා වෙමින් ශ්‍රී ලාංකීයන්ට සාප්පු සංකීර්ණ වල නවමු අත්දැකීමක් ලබා දීමට සුබීයන් කළ මෙහෙය සුවිශේෂයි. ඔහුගේ නායකත්වය යටතේ, ෆැෂන් බග් හි ආයතන සමාජීය වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් අප රටේ අධ්‍යාපනය නගා සිටු වීමට ආරම්භ වූ “සිසු දිරි මඟ” හරහා දිවයින පුරා සිසුන් 14,000 ට අධික පිරිසක් එහි ප්‍රථිඵල භුක්ති විඳියි.

සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඊට සමාලෝචනයක් දෙමින් “පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සදාචාරත්මක ගණුදෙණුවක් සිදු කිරීමට ෆැෂන් බග් හි අප හට අත්තේ මහත් කැපවීමක් හා දැඩි ආශාවක්, ෆැෂන් බග් කණ්ඩායමේ සාමජිකයෙකු වශයෙන් ,මෙම වටිනාකම් ඉදිරියටම ගෙන යමින්, අප වේගයෙන් වෙනස් වන ක්ෂේත්‍රයක, දිගින් දිගටම නව්‍යකරණයේ යෙදෙමින් ඉදිරි පෙළේ සිටීමට උත්සාහ දරනවා.” යැයි සුබීයන් පවසීය

Recommended For You

About the Author: Editor