
පසුගිය සති කිහිපය පුරා පැවැති දැඩි වියළි කාලගුණය නිමා කරමින් ඉදිරි පැය 36 තුළ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වර්ෂාව ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාවක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරන්නේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර හා ඌව පළාත්වලත්, අනුරාධපුර හා වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00 පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම තත්ත්වය පසුව නැගෙනහිර පළාත දැක්වා ද ව්‍යාප්ත විය හැකි බවයි.