ගෝඨාභයට එරෙහිව ඇමරිකානු අධිකරණයේ නඩුවක්

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක නඩුවක් ගොනුකර ඇති බවට වාර්තා වෙයි.

එමගින් ඇය සඳහන් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් තම පියා ඝාතනය කිරිම සඳහා උපදෙස් ලබාදී ඇති බවයි.

මේ වනවිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ සංචාරයක නිරත වන අතර, ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස 12 වනදායි.

ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත පසුගිය මස හයවනදා භාරදුන් බවට ද තොරතුරු වාර්තා විය.

Recommended For You

About the Author: Editor